සරසවි ඇදුරන් මර්ධනය කිරීමට තැනීම විහිලූවකි

Date:

ආණ්ඩුව විහිලූ සැපයීමේ අති දක්ෂය. තවමත් ඔවුන් සිතා සිටින්නේ රජවාසල කවටයාගේ මානසිකත්වයෙනි. මේ වන විට ඒ ලෝකය පහුවී හුඟක් කල් බව ඔවුන් නොදන්නේ අති බහුතරය අපොස සාපෙළවත් සමත් නැති අමු ගොබ්බ ජාතියක් වීම නිසාය. උන්ට අවශ්‍ය වන්නේ ගංකබර වලිය. මන්ද යත් ඔවුන් දන්නේ එවැනි දේවල් පමණක් නිසාය. ඒ උන් දන්නා බාසාවය.

දැන් දැන් සරසවිවලටද ඔවුහු විහිළු සපයති. එහෙත් ඔවුන් නොදන්නා කරුණක් ඇත. මේ අරගලයට පණ පොවන බොහෝ සරසවි ඇදුරන් බුද්ධිමත් සරසවි ප‍්‍රජාවට අයිති වෙන බවයි. රටක සැබෑ සාධාරණයක් වෙනුවෙන් ඔවුහු පෙනී සිටිති. රටකට උහුලා ගත නොහැකි වංචා දූෂණ සිදුවද්දී තවදුරටත් දෑස් වසා ගෙන දෙන දෙයක් කාලා වෙන දෙයක් බලාගෙන ඉන්න එවැනි කොන්දක් සහිත සරසවි ඇදුරන්ට බැරිය.

අම්මලා ගෑස් පිපිරී මළහ. ලක්ෂ විසි තිස් ගණන් වැටුප් ලබන ගෑස් කොම්පැණි නිලධාරීන් ඒ වෙනුවෙන් දුන් වන්දිය කවරේද? තෙල් පොලිම්වල මිනිසුන් මියයයි. ඒවා ස්වභාවික මරණ ගණයට දමා අත පිසදා ගැනීම පහසුය. කොවිඞ්වලින් මිනිසුන් කොපමණ මැරුණා ද? ඔවුන්ට දුන් වන්දිය කුමක්ද? මන්ද යත් රටට කොවිඞ් ගෙනාවේ අතපසු වීමෙන් නොවේ. එය බිස්නස් එකක් කර ගත්තේ වැරදීමෙන් නොවේ. දරුවන්ට කන්න දෙන්න නොහැකි අම්මලා දරුවන්ද ගඟට දමා ගංගාවලට පනති. කණේරු ඇට කති. මෙවැනි උන් අම්මලාදැයි අසන දේශපාලන අඳ බාලයන් අම්මාගේ භූමිකාව දෙසා වදාරමින් ඇත.

මෙවැනි පසුබිමක තවදුරටත් නිහඩව සිටීමට නොහැකි සරසවි ඇදුරුවරු සාමාන්‍ය මහජනතාව සමඟ පාරට බැස්සහ. දැන් අරගලය වෙනුවෙන් පෙනී සිටි බොහෝ දෙනෙකු බිලී බා ගැනීමේ තමන් දන්න ශාස්ත‍්‍රය ඔවුහු තවදුරටත් අත්හදා බලමින් ඇත. එහෙත් මෙය යුද්ධ කළා වගේ මරා ගෙන මරාගෙන ගොස් දිනිය හැකි ලෙහෙසි අරගලයක් නොවන බව මේ මරි මෝඩයන් දැන ගත යුතුය. තව ටික දිනකින් ඇමසන් වනාන්තරය මැද ඇති ගෝත‍්‍රක ගමක් සේ අපට ඉන්නට සිදුවනු ඇත. එයට වගකිව යුත්තේ කවුද?

කැළණිය විශ්වවිද්‍යාලයේ නූතන භාෂා අධ්‍යයන අංශයේ මහාචාර්ය නැඳලන්ගමුවේ ධම්මදින්න හිමියන් බය කරන්නට උත්සාහ කිරීම ද ජෙහාන්, ජගත් ආදීන් බය කරන්නට උත්සාහ කිරීම වැනිම අත දරු උපක‍්‍රමයකි. අරගලය මානව අයිතියකි. අසාධාරණයට විරුද්ධ වීම හෘදසාක්ෂියක් ඇති මිනිසෙකුගේ ලක්ෂණයකි. අපට අවශ්‍ය කරන්නේ එවැනි උගතුන්ය. දේශපාලකයාට කඬේ ගොස් වරදාන ලබා ගත් උගත් යැයි කියා ගන්නා අයට එසේ විරුද්ධ වීමට කොන්දක් නොමැති බව අපි දනිමු. එවන් අය ජාතියේම අභාග්‍යයකි. මෙම දේශපාලකයින් වගේමය. කිසි වෙනසක් නැත.
කිසිදා දේශපාලන වරදානවලට යට නොවුණු සැබෑ මානව හිතවාදී හිමිනමක් දඩයම් කිරීමට උත්සාහ කිරීම නිසා මෙය ලියා තබමි. අට පාස් නැති උන් විද්‍යාලංකාර සම්ප‍්‍රදාය ගැන නොදන්නවා විය හැකිය. අනෙක දැන් සිටිනා මහාචාර්ය යැයි කියා ගන්නා රාජපක්ෂලාගේ අසූචි අනුභව කරන හිමිවරුන් දෙස බලා ලංකාවේ භික්ෂුව ගැන තීරණ ගැනිමට රටම පෙළඹී ඇති වකවානුවක එසේ නොවන අභීත හිමිවරු මේ ලංකාව තුළ තවමත් සිටින බව ලියා තැබිය යුතුය. එසේ නොමැති නම් භික්ෂුව යනු ඥානසාර යැයි මිනිසුන් සිතනු ඇත.

විද්‍යාලංකාර සම්ප‍්‍රදාය තුළ වැඩහුන් ලූණුපොකුණේ ධම්මානන්ද, හැඩිපන්නල පඤ්ඤාලෝක, නාරවිිල ධම්මරතන, කොටහේනේ පඤ්ඤාකිත්ති, යක්කඩුවේ ප‍්‍රඥාරාම, වල්පොල රාහුල, බඹරැන්දේ සිරිසීවලී, මොරටුවේ සාසනරතන ආදී රැඩිකල් දේශපාලනයේ නියුතුව සිටි අභීත සහ අදීන විද්‍යාලංකාර පරපුරේ තවමත් එවැනි හිමිවරු සිටින බවත් කිසිදා දේශපාලන වරදානයකට යටත් කර ගැනීමට නොහැකි වූ මහාචාර්ය නැඳලන්ගමුවේ ධම්මදින්න හිමියන් එම පරපුරේම නූතන ප‍්‍රකාශයක් බවත් උන් වහන්සේ වැනි යතිවරු බිය කර ගැනීම හිතන තරම් ආණුඩුවකට සරල නොවන බවත් මතක් කර දිය යුතුය.

යකාට බය උන් සොහොනේ ගෙවල් හදන්නේ නැත. නිවරදි ආකාරයෙන් උගත්, නිවැරදි ආකාරයෙන් පත්වීම් ලැබූ ආචාර්යවරු හොරුන්ට පාදඩයන්ට පාද නමස්කාර කරන්නේ නැත. මෙවැනි මොන්ටිසෝරි උපක‍්‍රම භාවිතා කර මහාචාර්යවරු බිය වද්දන්නට ද ලෙහෙසි නැත.

මැයි 9 සිද්ධිය අවුලපු උන් තවම නිදැල්ලේය. මිනීමරුවෝ අරගලකරුවන්ගේ අත්වල ලේ ඇතැයි කියති. ගෙවල් ගිනි තිබ්බේ අරගලකරුවන් නොවේ. එවා ගිනි තියපු අය කවුදැයි දන්නේ ද ඔවුහුමය. මහත්හොරුනි, මේක ඩිජිටල් ලෝකයකි. 88-89 දාපු සෙල්ලම් තවදුුරටත් වලංගු නැත. ගෙවල් ගිනි තියපු උන් සොයන්නට අවශ්‍යය. එසේම ඒ සා විශාල ගෙවල් එම මන්ත‍්‍රී වැටුපෙන් සෑදුවේ කෙසේදැයි කියා ද සෙවිය යුතුය.

බලාගෙනයි, කකලූවන් දඟලන්නේ වතුර පැහෙන තෙක්ය. උඹලා අද ඉන්නා බංකර්වල සිට කෑගැසීම තව කෙතෙක් දවසක් කරන්නද? රටක මහජනතාවට බිය වූ මහජන නියෝජිතයන් අතිවිශාල බහුතර ජනතාව බිය වද්දමින් බලය තහවුරු කර ගන්නට දැඟලීම කකුලූ ආතල් එකකි. වතුර නටන්නට ආසන්නය.

විශේෂ ලියුම්කරුවෙකු විසිනි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Share post:

Subscribe

spot_imgspot_img

Popular

More like this
Related

ආණ්ඩුවේ ජඩ බදු ක්‍රමය ගැන පුබුදුගෙන් අනාවරණයක්

පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ අධ්‍යාපන ලේකම් පුබුදු ජාගොඩ රජයේ බදු...

අනුර හමුවෙන්න කලින් නීතිඥ සංගමයෙන් නිවේදනයක්

ජනාධිපතිවරයා සමග අද (අගෝස්තු 12) දින විනි­ශ්ච­ය­කා­ර­ව­රුන්ගේ විශ්‍රාම වයස්...

නව ගමන් බලපත්‍රයටත් ජෛවමිතික දත්ත ඇතුළත් කිරීමට සැරසෙයි

ප්‍රශ්නසහගත ජෛවමිතික දත්ත ඇතුළත් කිරීමේ ක්‍රමවේදය නව විද්‍යුත් ගමන්...

ජනමත විචාරණයක් ගැන නලින්දගේ උත්තරේ

රජය පාර්ශවයට ජනමත විචාරණයක් සම්බන්ධයෙන් තීරණයක් ගත නොහැකි බවත්...