පොළොන්නරුවේ රනිල්ගේ ගෝල බාලයන් පාසැල් සිසුවකු ජීප් රථයකිින් පැහැරගෙන මහ මඟ දමා යයි

පොළොන්නරුවේ රනිල්ගේ ගෝල බාලයන් පිරිසක් පාසැල් සිසුවකු ජීප් රථයකිින් පැහැරගෙන ගොස් පහරදී නැවත කැබ් රථයකින් පැමිණ නිවස අසල දමා ගොස් තිබේ. මෙළෙස පැහැර ගැනීමට ලක්ව ඇත්තේ පොළොන්නරුව රාජකීය මධ්‍ය මහා විද්‍යාලයේ 13 වසර ඉගෙනුම ලබන සිිසුවකු වන තරූෂ මානෙත් පතිරණ නැමැත්තායි.

ඊයේ සවස පොළොන්නරුව එක්සත් ජාතික පක්ෂ නියෝජිතයා වන හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී නාලක කොලොන්නේගේ පුත්‍රයෙකු තවත් මැර පිරිසක් සමඟ පැමිණ තරූෂ මානෙත්ව කදුුරුවෙල නගරය අසල බැටරි කඩයක සිටියදී බලහත් කාරයෙන් ජිප් රථයක දමා ගෙන ගොස් තිබේ. ඊට විනාඩි 45 කට පසුව වෙනත් කැබ් රථයක දමා නිවස ඉදිිරිපිට දමා ගොස් තිබූ බව එම සිසුවාගේ මව පවසයි.

පාසැල් සිසුවා මේ වන විට පොළොන්නරුව මහ රෝහලේ 12 වන වාට්ටුවේ ප්‍රතිකාර ලබමින් සිටී.

ඊයේ රාත්‍රී මේ ගැන දරුවාගේ මව පොළොන්නරුව පොලීසියට පැමිණිිලලි කර ඇතත්, පැහැරගෙන යාමට පැමිණි මැර පිරිස ඉතා පැහැදිලිව CCTV හරහා හෙළිදරව් වී ඇතත් මෙතෙක් කිසිවකුත් අත් අඩංගුවට ගෙන නොමැති බව වාර්තා වේ.

Share post:

Popular

වෙනත් පුවත්

“මල් මල් බයිසිකලය” – ජීවිත සාරයට දරුවන්ට

දුව පුතගොඩ වෙන්නමේ මල් මල්බයිසිකලයට අමතක නොවනරවුමක් යමු අපි මේ ලහිරු...

පළාත් සභා තේරීම් කාරක සභාව විපක්ෂය වර්ජනය කරයි

අද (සැප්තැම්බර් 10) පැවති පළාත් සභා මැතිවරණය පැවැත්වීම සම්බන්ධයෙන්...

ඥාණසාර භික්ෂුවට මෛත්‍රී දුන් සමාව රිවස් කරයි

2019 වසරේදී හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන විසින් පූජ්‍ය ගලගොඩඅත්තේ...

අසියානු කුසලාන කාන්තා තීරණාත්මක තරඟ තුන හෙටින් ආරම්භ වේ .

2026 ආසියානු කුසලාන කාන්තා ක්‍රිකට් තරගාවලියේ අවසන් මහා තරගය...