Breaking News

පොළොන්නරුවේ රනිල්ගේ ගෝල බාලයන් පාසැල් සිසුවකු ජීප් රථයකිින් පැහැරගෙන මහ මඟ දමා යයි

පොළොන්නරුවේ රනිල්ගේ ගෝල බාලයන් පිරිසක් පාසැල් සිසුවකු ජීප් රථයකිින් පැහැරගෙන ගොස් පහරදී නැවත කැබ් රථයකින් පැමිණ නිවස අසල දමා ගොස් තිබේ. මෙළෙස පැහැර ගැනීමට ලක්ව ඇත්තේ පොළොන්නරුව රාජකීය මධ්‍ය මහා විද්‍යාලයේ 13 වසර ඉගෙනුම ලබන සිිසුවකු වන තරූෂ මානෙත් පතිරණ නැමැත්තායි.

ඊයේ සවස පොළොන්නරුව එක්සත් ජාතික පක්ෂ නියෝජිතයා වන හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී නාලක කොලොන්නේගේ පුත්‍රයෙකු තවත් මැර පිරිසක් සමඟ පැමිණ තරූෂ මානෙත්ව කදුුරුවෙල නගරය අසල බැටරි කඩයක සිටියදී බලහත් කාරයෙන් ජිප් රථයක දමා ගෙන ගොස් තිබේ. ඊට විනාඩි 45 කට පසුව වෙනත් කැබ් රථයක දමා නිවස ඉදිිරිපිට දමා ගොස් තිබූ බව එම සිසුවාගේ මව පවසයි.

පාසැල් සිසුවා මේ වන විට පොළොන්නරුව මහ රෝහලේ 12 වන වාට්ටුවේ ප්‍රතිකාර ලබමින් සිටී.

ඊයේ රාත්‍රී මේ ගැන දරුවාගේ මව පොළොන්නරුව පොලීසියට පැමිණිිලලි කර ඇතත්, පැහැරගෙන යාමට පැමිණි මැර පිරිස ඉතා පැහැදිලිව CCTV හරහා හෙළිදරව් වී ඇතත් මෙතෙක් කිසිවකුත් අත් අඩංගුවට ගෙන නොමැති බව වාර්තා වේ.

leave a reply