Breaking News

ගල් අඟුරුවල ප්‍රමිතියේ අඩුවක් බව තහවුරු වෙලා

සමාජයේ කතාබහට ලක්ව තිබෙන ගල්අඟුරු තොගයට අදාළව පරික්ෂාව සඳහා ඉන්දියාවට යැවූ සාම්පලවල අවශ්‍ය කරන කිලෝකැලරි ප්‍රමාණයේ අඩුවක් ඇතිබව තහවුරු වූ බව සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය, වෛද්‍ය නලින්ද ජයතිස්ස පවසනවා.

කළුතරදී මාධ්‍ය වෙත අද(25) අදහස් දක්වමින් මේ බව පැවසු නලින්ද මහතා අදාළ සමාගමෙන් දඩ අයකර ගැනීමට කටයුතු කරන බව පැවසුවා.

මේ සම්බන්ධයෙන් අදහස් දැක්වූ අමාත්‍ය නලින්ද ජයතිස්ස,

“ප්‍රසම්පාදන ක්‍රියාවලියේ කිසි ප්‍රශ්නයක් වෙලා නෑ. පළමු මෙ.ටො. 60,000 මෙරටට ගෙන්වූ පසු ගල්අඟුරු සමාගම විසින් ඉන්දියාවට යවා සිදුකළ සාම්පල පරීක්ෂාවේ දී එහි අවශ්‍ය කරන කිලෝකැලරි ප්‍රමාණයේ අඩුවක් හඳුනාගත්තා. ඒ නිසා දඩ අය කරනවා. දෙගුණයක දඩයක් නියම වෙනවා.දෙවනි මෙට්‍රික් ටොන් 60,000 ගොඩ බාලා තියෙන්නේ.ඒකේ සාම්පල් යවලා තතියනවා කිසි ප්‍රශ්නයක නැහැ ඒකේ.තුන්වෙනි මෙට්‍රික්ටොන් 60,000 දැන් ගොඩ බාමින් පවතිනවා.ගොඩබාලා ඉවර අනාට පස්සේ සාම්පල් පරික්ෂාවකට යවනවා.ප්‍රසම්පාදන ක්‍රියාවලියේ කිසි ප්‍රශ්නයක් වෙලා නෑ. ලංකාවට ගොඩබෑවට පස්සේ සිදුකරන සාම්පල පරීක්ෂාවේ දී ප්‍රමිතිය නැත්නම්, අනිවාර්යයෙන් අදාළ කොටසට දඩ ගෙවන්න වෙනවා”

ප්‍රශ්න ගත ගල් අඟුරු පිළිබඳව පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ අධ්‍යාපන ලේකම් පුබුදු ජයගොඩ කළ අනාවරණය.

“ඉන්දියාවේ Trident Chempher සමාගමෙන් ගෙවූ ප්‍රශ්නගත ගල් අඟුරු තොගය සම්බන්ධයෙන් නොරොචෝලේ ලක් විජය බලාගාරයට අනුබද්ධ බල ශක්ති අමාත්‍යාංශයේ රසායනාගාරය ලබා Cotecna නම් දුන් වාර්තාව නිවැරැදි නොවන බව කියමින් රජය ගල් අඟුරු සාම්පල් ඉන්දියාවේ පිහිටි නෙදර්ලන්ත සමාගමකට අයත් රසායනාගාරයකට යොමු කළා. එම රසායනාගාර වාර්තාව ජනවාරි 16 වෙනිදා ලැබෙන බව කැබිනට් මාධ්‍ය ප්‍රකාශක නලින්ද ජයතිස්ස පසුගිය සතියේ කැබිනට් මාධ්‍ය හමුවේදී ප්‍රකාශ කළා. නමුත් මේ වනතුරුත් එම වාර්තාව ලැබී නැහැ. එය නොලැබීමට හේතුව එම රසායනාගාරය මෙම ගල් අඟුරු ප්‍රමිතියෙන් බාල බවත්, ඒවා මගින් පරිසරයට හා බලාගාරයේ යන්ත්‍ර වලට හානි සිදුවිය හැකි බවත් එහි සඳහන් කරලා තියෙන නිසා. ඉන්දියාවේ පිහිටි රසායනාගාරයකිනුත් එම ප්‍රතිඵලයම තහවුරු කර ඇති බව අපට දැන ගන්නට ලැබුණා.

මෙම ගල් අඟුරු තොගය සම්බන්ධයෙන් ව්‍යාජ වාර්තාවක් නිකුත් කළත්, එය මේ වසරේ අවසානයේදී හෙළිදරව් වෙනවා. අපට ලැබුණු ගල් අඟුරු මෙට්‍රික් ටොන් ප්‍රමාණයත්, එයින් නිෂ්පාදිතවිදුලි බල ශක්තියත් සන්සන්දනය කර ගණන් බැලූ විට, ගල් අඟුරු කිලෝ ග්‍රෑමයකින් ජනනය වූ කිලෝ කැලරි ප්‍රමාණය, එනම් එහි ප්‍රමිතිය ගණනය කරන්න පුළුවන්. ඒ නිසා අපි අදාළ නෙදර්ලන්ත සමාගමෙන් ඉල්ලා සිටිනවා, දේශපාලන බලපෑම් මත ව්‍යාජ දත්ත නිකුත් කර, සිය රසායනාගාරයේ කීර්ති නාමය විනාශ කර නොගන්නා ලෙස. ඒ වගේම අපි ජනාධිපතිවරයාගෙන් ඉල්ලා සිටිනවා, කලින් පැවැති ආණ්ඩු සිදු කළ ආකාරයට දුෂිතයන් ආරක්ෂා නොකර, අපක්ෂපාතී පරීක්ෂණයක් පවත්වා, වගකිව යුත්තන් සම්බන්ධයෙන් නීතිය ක්‍රියාවේ යොදවන ලෙස “

leave a reply