යුද්ධයෙන් මියගිය ඥාතීන් සිහිකළ 04ක් සාම්පූර් පොලීසියෙන් අත්අඩංගුවට ගනියි

සාම්පූර්, චේනයූර්හි ප්‍රදේශයට කඩාවැදුණු සාම්පූර් පොලිසියේයැයි කියන පිරිසක් විසින් කාන්තාවන් තිදෙනකු හා පිරිමි පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

පොලිස් නිල ඇඳුම් ඇඳගත් මෙම පිරිස කෘර හා අමානුෂික ලෙස කාන්තාවන් ඇදගෙන යන ආකාරය වීඩියෝ දර්ශනවල දැක්වෙනවා.

1985 සහ ඊට ආසන්න කාලවලදීද මෙලෙස කඩාවැදී මෙම ප්‍රදේශවල දෙමළ ජනතාවගේ නිවාසවලට ගිනිතැබීම ගැන රජයට චෝදනා එල්ල වූ අතර එවැනි ක්‍රියා ජනවාර්ගික ගැටුම්වලට හේතුපාදක වුණා.

මියගිය ඥාතීන් සිහිකිරීම හේතුවෙන්, ඊයේ (12) රාත්‍රී මෙම පිරිස මෙලෙස ඇදගෙන යෑමට හේතු වී ඇති බව හෙළි වී තිබෙනවා.

මියගිය ඥාතීන් සිහිපත් කිරීමට ඇති අයිතිය තහවුරු කරන ලෙස මානව හිමිකම් කොමිසම 2016 දී රජයට නිර්දේශ කර තිබියදී මෙලෙස පොලිසිය හිරිහැර කිරීම බරපතල තත්ත්වයක් ලෙස සැලකිය හැකියි.

එම පිරිස අත්අඩංගුවට ගන්නා මොහොතේ පැහැදිලිව දෙමළ බසින් කියා තිබුණේ තමන් යුද්ධයේදී මිය ගිය ඥාතීන් සැමරීම පමණක් කරන බවයි. ඇය ශෝකය සිහිපත් කරමින් කැද හෙවත් කංජි බෙදීමක් සිදු කර තිබුණා.

මේ පිළිබඳ පොලිසියෙන් කළ විමසීමකදී සඳහන් කළේ අධිකරණ නියෝග කඩ කරමින් ස්මරණය කළ කාන්තාවන් දෙදෙනකු සහ පිරිමි පුද්ගලයකු අත්අඩංගුවට ගත් බවයි.

අත්අඩංගුවට ගැනීමට බාධා කිරීම සම්බන්ධයෙන් විශ්ව විද්‍යල ප්‍රවේශය බලාපොරොත්තුවෙන් සිටින තරුණියක ද අත්අඩංගුවට ගත් බව පොලිසිය පවසනවා.

මෙම හතර දෙනා ලබන 27 වැනිදා තෙක් රිමාන්ඩ් කරන ලෙස මුතූර් මහේස්ත්‍රාත් අධිකරණය නියෝග කර තිබේ.

මෙම පිරිස අයි.සී.සී.පී.ආර් පනත යටතේ ගැණෙන වරදක් කර ඇත්දැයි සෙවීමට විමර්ශනය කරන හෙයින් ඔවුන් රිමාන්ඩ් කරන ලෙස පොලිසිය ඉල්ලා ඇතැයි වාර්තා වේ.

(තරිදු ජයවර්ධන)

Share post:

Popular

වෙනත් පුවත්

අනවසර ඉදිකිරීම් නීතිය – ලොක්කන්ට එක විදිහක් පොඩ්ඩන්ට තව විදිහක්ද?

මේ දිනවල ආණ්ඩුව විසින් ක්‍රියාත්මක අනවසර ඉදිකිරීම් ඉවත්කිරීමේ වැඩපිළිවෙල...

“මල් මල් බයිසිකලය” – ජීවිත සාරයට දරුවන්ට

දුව පුතගොඩ වෙන්නමේ මල් මල්බයිසිකලයට අමතක නොවනරවුමක් යමු අපි මේ ලහිරු...

පළාත් සභා තේරීම් කාරක සභාව විපක්ෂය වර්ජනය කරයි

අද (සැප්තැම්බර් 10) පැවති පළාත් සභා මැතිවරණය පැවැත්වීම සම්බන්ධයෙන්...

ඥාණසාර භික්ෂුවට මෛත්‍රී දුන් සමාව රිවස් කරයි

2019 වසරේදී හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන විසින් පූජ්‍ය ගලගොඩඅත්තේ...