Breaking News

ශ්‍රී ලංකාවට කෝවිඩ් වැක්සීනය නොලැබීමේ අවදානමක්

යුරෝපා රටවල මේ දිනවල සාර්ථක ලෙස පර්යේෂණ කොට ඇති කෝවිඩ් සදහා වන වැක්සීනය ලෝකයේ රටවල් අතර බෙදාහැරීමේ ක්‍රියාවලියේදී ශ්‍රී ලංකාව වැනි මධ්‍ය ආදායම් ලබන රටවලට එම වැක්සිනය ප්‍රථම වටයේදී නොලැබීමේ අවදානමක් පවතී. වැක්සින ලොව පුරා කාර්යක්ෂමව බෙදාහැරීම සදහා පිහිටුවාගෙන ඇති ලෝක වැක්සින සන්ධානය (world vaccine alliance) විසින් තෝරාගෙන ඇති අඩු ආදායම් ලබන රටවල් 57 ට ලංකාවේ නම ඇතුලත්ව නැත.

මෙයට හේතු වී ඇත්තේ ලෝක ආර්ථික දත්ත වලට අනුව ශ්‍රී ලංකාවේ පුරවැසියෙකුගේ දල ජාතික ආදායම ඩොලර් 1,630 ට වඩාවැඩි බව නිර්ණය කොට ඇති අතර කොවිඩ් වැක්සින් සහනය සදහා සලකා බලනුයේ මීට වඩා අඩු දල ජාතික ආදායමක් ලබන රටවලටය.

ලෝක වැක්සින සන්ධානය මගින් මෙම වැක්සිනය නිෂ්පාදනය කරන ප්‍රමුක පෙලේ සමාගම් වන GSK සහ SANOFI සමාගම් මගින් මාත්‍රා මිලියණ 200 ක පුර්ව ඇණවුමක් ලබාගෙන ඇතැයි පැවසෙන අතර ප්‍රථම වටයේදී තෝරාගත් රටවල ජනතාවගෙන් අත්‍යාවශය සියයට විස්සක පමණ පිරිසකට මෙම වැක්සින ලබාදීමට නියමිතය. සෙසු රටවල් සදහා දෙවන වටයේදී මෙම වැක්සිනය ලබාදීමට නියමිතය.

කෙසේ වෙතත් මේ පිලිබදව අදහස් දක්වන දේශසීමා නොමැති වේද්‍යවරයෝ (Doctors without borders ) සංවිධානය පවසනුයේ ලෝකය පුරා වැක්සිනය බෙදාහැරීමේ ක්‍රියාවලිය මානුෂික නොවන වෙළදපොල සහ ආර්ථික උවමනාවන් පෙරදැරි කරගෙන සිදුවන ක්‍රියාවලියක් බවයි.

වැක්සිනය ලබාදීමේදී සෑම රටකටම සම අවස්ථා ලැබෙන බව ලෝක සංවිධාන ප්‍රකාශ කලද ආර්ථික අතින් බලවත් රටවල් දැනටමත් දැනටමත් අපේක්ෂිත වැක්සින් නිෂ්පාදනයෙන් සියයට 65ක් පමණ මුදල් ගෙවා වෙන්කරගෙන ඇති බව ඔවුන් පවසයි. වැක්සිනය මහාපරිමාණයෙන් නිෂ්පාදනය කරනු ඇතැයි සැලකෙන ලොව ප්‍රසිද්ධ සමාගම් වන Specifically, Sanofi සහ GSK එකාබද්ධව වැක්සින් මාත්‍රා බිලියන 1.6 ක් පමණ නිෂ්පාදනය කිරීමට සැලසුම් කොට ඇත. නමුත් මෙම අපේක්ෂිත නිෂ්පාදනයෙන් බිලියනයක් පමණ බලවත් රටවල් වෙන්කරගෙන ඇත.

ඇමරිකා එක්සත් ජනපදය වැක්සින් මිලියන හයසීයක් පමණ වෙන්කරගෙන ඇති අතර යුරෝපයේ අනෙක් රටවල් මිලියන 300 ක්, කැනඩාව සහ බ්‍රතාන්‍ය පිලිවෙලින් මිලියන 72 ක් සහ 60 ක් වශයෙන් වෙන්කරවාගෙන ඇත.

මේ තත්වය අනුව ආර්ථික අතින් ශක්තිමත් නැති රටවලට මෙම වැක්සිනය ලබාගැනීමට තව වසර කිහිපයක් ගතවනු ඇති බව දේශසීමා නොමැති වේද්‍යවරයෝ පවසයි.

වසර 1920 දී පමණ ඉන්ෆ්ලුවෙන්සා වෙරසය ලෝකය ආක්‍රමණය කොට ලොව පුරා ලක්ෂ ගණන් ජනතාව මියගිය අවස්ථාවේ ඇමරිකා රාජ්‍ය දෙපාර්තමේන්තුව සහ රටේ විද්‍යාඥයින් එකතුවී එයට ප්‍රතිදේහ එන්නතක් සොයාගත්තා පමණක් නොව පේටන් බලපත්‍ර රහිතව ලෝකයේ ඕනෑම රටකට මෙම එන්නත ප්‍රති නිෂ්පාදනය කිරීමේ අවසරය ලබා දුන්නේය. මෙමගින් ඉතා කෙටි කාලයකින් ඉන්ෆ්ලුවෙන්සා වෙරසය ලෝකයෙන් තුරන් කිරීමට හැකිවිය.

2020 වසරේ කෝවිඩ් වසංගතය ලෝකයම වසාගත් අවස්ථාවේ ඊට එරෙහිව වැක්සින සොයාගැනීමේ තරගයක නිරත වුනේ රාජ්‍යන් නොව මහා පරිමාන ඖෂධ සමාගම් විසිනි. මෙම සමාගම් වල ඇති ආර්ථික සහ දේශපාලන බලය නිසා ඔවුන්ට වැක්සින වෙලදපොලේ තරගකාරී මිලකට රාජ්‍යන් සදහා විකිනීමට අවස්ථාව උදාවී ඇත.

මෙහි ඇති අනෙක් බරපතල කාරණය වන්නේ ඇමරිකාව සහ යුරෝපයේ රටවල් ලෝක වැක්සින නිෂ්පාදනයෙන් වැඩිපුර කුට්ටියක් කෑදර ලෙස මිලදී ගන්නා පරිසරයක් තුල ලෝක වැක්සින අවශ්‍යතාවයේ ඒකාධිකාරයක් ගොඩනගා ගැනීමට අවස්ථාව උදාවී ඇත. මේ ඒකාධිකාරී බලය ඔවුන්ට තම ආර්ථික සහ දේශපාලන න්‍යායපත්‍රය ට අනුකුලව යෙදවිය හැකිය. උදාහරණයක් ලෙස ඇමරිකාව මිලදී ගෙන ඇති වැක්සින මිලියන 600 ඔවුන්ගේ ආර්ථික සහ දේශපාලන යටත් රාජ්‍ය සමග බෙදා ගත හැකි අතර එතුලින් ඔවුන්ට නව වැක්සින් යටත්විජිතවාදයක් නිර්මාණය කර ගත හැකිය.

සරද සමර උපුටා ගැනීම drone සඟරාව

https://online.pubhtml5.com/snbf/hckm/#p=1

leave a reply