Breaking News

මින් ඉදිරියට ඡන්දය පාවිච්චි කර ඇඟිල්ල පෙන්නන්න බැරිවෙයි.

මැතිවරණ වලදී ඡන්දදායකයාගේ තෝරාගත් ඇඟිල්ලක් මත ආලේප කරන නොමැකෙන තීන්ත සලකුණා යෙදීමට තිබුණු නීතිමය ප්‍රතිපාදනය ඉවත් කිරීමට 2026 ජුනි 22 වනදා පැවති කැබිනට් මණ්ඩලයේදී තීරණය කළ බව කැබිනට් මාධ්‍ය ප්‍රකාශකවරයා මාධ්‍ය හමුවේ ප්‍රකාශ කර සිටියා.

එම තීරණය අනුව පහත සඳහන් සියලු මැතිවරණ වලටළ අදාල වගන්ති සංශෝධනය විය යුතුය.

1981 අංක 15 දරන ජනාධිපතිවරයා තෝරා පත්කර ගැනීම පිළිබඳ පනතේ 36 වැනි වගන්තිය.

1981 අංක 1 දරන පාර්ලිමේන්තු මැතිවරණ පනතේ 38 වැනි වගන්තිය.

1988 අංක 2 දරන පළාත් සභා ඡන්ද විමසීම් පනතේ 36 වැනි වගන්තිය.

පළාත් පාලන ආයතන ඡන්ද වීමසීම් ආඥාපනතේ 53අ. වගන්තිය

1981 අංක 7 දරන ජනමත විචාරණ පනතේ 21 වැනි වගන්තිය. එසේ සංශෝධනය වනු ඇත.

මෙම ඉවත් කිරීම සම්බන්ධයෙන් මාධ්‍යවේදීන් නැගූ ප්‍රශ්නවලට පිළිතුරු සපයමින් කැබිනට් මාධ්‍ය ප්‍රකාශක නලින්ද ජයතිස්ස ප්‍රකාශ කර සිටියේ එකම කාර්යය සඳහා ප්‍රතිපාදන දෙකක් පැවතීම නිසා මෙය ඉවත් කරන බවයි. වර්තමානයේ ඡන්දය ප්‍රකාශය කිරීමේදී ජාතික හැඳුනුම්පත අනිවාර්ය බැවින් අනන්‍යතාවය තහවුරු කර ගැනීම සඳහා එය ප්‍රමාණවත් බව ඔහුගේ අදහස විය.

එමෙන්ම තීන්ත ආලේපනය සඳහා අවශ්‍ය කරන තීන්ත මිලදී ගැනීමට විශාල මුදලක් වැය වන අතරම මැතිවරණ සමයේදී ඒ වෙනුවෙන් වෙනමම නිලධාරීන් පිරිසක් යොදවන්නට සිදුවීමද මේ තීරණය හරහා වලක්වා ගැනීමට හැකිවන බව ඔහු පෙන්වා දෙනවා

leave a reply