Breaking News

ගෝඨාභයව උඩින් තියන්න පවිත්‍රා දේවී කියයි 

ශ්‍රී ලංකාව කොවිඩ් 19 පැරදවූ ආකාරය ලියනා දිනෙක එහි මුලින්ම ලිවිය යුත්තේ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂගේ නම බව සෞඛ්‍ය අමාත්‍ය පවිත්‍රා දේවී වන්නිආරච්චි අවධාරණය කරයි.

“කොවිඩ් 19 මේ රටේ පැරදෙව්වෙ කොහොමද කියලා කතාව ලියන වෙලාවෙ ඉස්සෙල්ලාම ජනාධිපතිතුමාගෙ නම ලියවෙන්න ඕනි.

ඒ කතාවෙ ඊළඟ තැන නම් දෙන්න ඕනෙ අයිඩීඑච් රෝහලේ ඉන්න විශේෂඥ වෛද්‍යතුමන්ලා, විශේෂයෙන්ම මේ රෝහලේ නායකත්වය දෙන අපේ හසිත අත්තනායක මැතිතුමාත් ඒවගේම නම කියවෙන්නෙ නැති මේ වැඩේ හරියටම කරපු මේ රෝහලේ කාර්ය මණ්ඩලයට කියන එක මම මතක් කරන්න ඕනි” යනුවෙනුයි ඇය සඳහන් කර ඇත.

ඇමතිනිය මේ බව පැවසුවේ අයිඩීඑච් රෝහලේ හෙද කාර්ය මණ්ඩලය වෙනුවෙන් ඉදි කෙරුණු නව නේවාසිකාගාරය විවෘත කිරීමේ අවස්ථාවට ඊයේ (08) එක්වෙමිනි.

මීට මූල්‍ය දායකත්වය ලබාදී තිබුණේ ඇමරිකාවේ වෙසෙන කොළඹ රාජකීය විද්‍යාලයේ ආදි සිසුන්ගේ ඊස්ට් කෝස්ට් පදනම විසිනි.

පවිත්‍රා කියන ආකාරයෙන් කොරෝනා මර්දනයේදී ජනාධිපතිවරයාට පළමු තැන ලැබිය යුත්තේ ඇයිද යන්න අය පවසා නැත. ඒ නිසා අපිට එසේ ජනාධිපතිවරයට පළමු තැන ලැබෙන්නේ ඇයිද යන්න ගැන හේතු කිහිපයක් සඳහන් කිරීමට හැකිය.

ඒවානම්,

කොරෝනා පැතිරෙමින් තියෙද්දී පළමුවෙන්ම කොරෝනා මර්දන කාර්ය සාධන බලකායක් පත්කළ නමුත් නාම යෝජනා ලබාදීම අවසන් වෙනකම් කිසිම ක්‍රියාමාර්ගයක් නොගත් නිසා
එම බලකාය තුළ වසංගතය මැඩලීමට අවශ්‍ය සෞඛ්‍ය නිලධාරීන්ට වඩා හමුදාවට සහ තමන්ට පක්ෂපාති නිලධාරීන් ප්‍රමුඛත්වය දුන් නිසා
ආර්ථික පුනර්ජීවනය හා දරිද්‍රතාව තුරන් කිරීම යනුවෙන් කාර්ය සාධන බලකායක් ස්ථාපිත කොට එහි සභාපතීත්වය තමන්ගේ සහෝදරයා වන බැසිල් රාජපක්ෂ පත්කරපු නිසා
ලෙඩ්ඩු 28ක් සිටිද්දී රටක් වහන්න පුළුවන්ද කියලා අහපු නිසා
බොරතෙල්වල මිල පහළ යාමේ වාසිය සැමන් සහ පරිප්පු මිල අඩුකිරීමෙන් ලබාදෙන බව පැවසීම නිසා
ජාතිය අමතා ලබාදුන් පරිප්පු සහ සැමන් සහනය ජාතිය ඇමතීමකින් තොරවම ආපසු අවලංගු කිරීම නිසා
ජනජීවිතය යථා තත්වයට පත් කිරීමේ අරමුණ දක්වමින් මහමැතතිවරණයට යාමට අවශ්‍ය පියවරක් ලෙස ඇඳිරි නීතිය අවසන් කිරීමේ නිවේදන නිකුත් කිරීම සහ නැවත ඒවා හකුළා ගැනීම නිසා.
අවසානයේ කොරෝනා පැතිරීම වැඩි මොහොතේම රටේ ඇඳිරි නීතිය අවසන් කිරීමට තීරණය කිරීම නිසා
කුමක් හෝ කර මහ මැතිවරණය පැවැත්වීමට දත කන නිසා
සෞඛ්‍ය සේවකයන්ට අවශ්‍ය පරිදි PPE ලබා නොදී ඔවුන්ගේ සේවය ඇගයීමට බව පවසා නෙලුම් කුළුනේ ලයිට් පෙන්නීම නිසා
හමුදා සාමාජිකයන් කොරෝනා මර්දනයට යොදා ගත්තද ඔවුන්ට අවශ්‍ය ආරක්‍ෂිත උපකරණ ලබා නොදී ඔවුන්ගේ ජීවිත අනතුරේ හෙළීම නිසා
රුපියල් 5000 බෙදීමේදී ප්‍රාදේශීය දේශපාලනඥයන්ට කැමති පරිදි දේශපාලන මැදිහත්වීම් සිදුකිරීමට අවස්ථාව ලබා නොදීම නිසා
කොරෝනා මර්දනය වෙනුවෙන් දේශීයව සහ විදේශීය ලැබෙන සහනාධාරවලට කුමක් සිදුවන්නේද යන්න හෙළිනොකරන නිසා
නිලධාරීන් විවේචනය කරන්නන් සහ ආණ්ඩුවට එරෙහි මත දක්වන්නන් අත්අඩංගුවට ගැනීම නිසා

leave a reply