ආණ්ඩුවෙන් උතුරට බොරු පොරොන්දු විතරයි

ජාතික ජන බලවේගය ආණ්ඩුවට උතුරේ ජනතාවගේ ප්‍රශ්න විසදීම සඳහා කිසිදු අවශ්‍යතාවක් නොමැති බව මේ වසර දෙකක පමණ ආණ්ඩු කාලය තුළ තහවුරු වී තිබේ. නමුත් පෙනෙන්නට තිබෙන කාරණයක් වන්නේ ඒ සඳහා වූ පොරොන්දු ලබාදීම සහ අසත්‍ය කරුණු පැවසීම ආණ්ඩුව නවතා දමා නැති බවයි. එයට හේතුව ඉදිරියේදී පැවැත්විය යුතු පළාත් සභා ඡන්දය විය යුතුය.

පසුගියදා උතුරේ සංචාරයක නිරත වූ අධිකරණ සහ සහ ජාතික ඒකාබද්ධතා අමාත්‍ය නීතිඥ හර්ෂණ නානායක්කාර පරණ පොරොන්දු නැවත අලුත් කර තිබේ. ඊට අමතරව අසත්‍ය කරුණක් ද පවසා ඇත. එයනම් ත්‍රස්තවාදය වැලැක්වීමේ පනත අහෝසි කර ජනතාවාදී පනතක් ගෙනෙන බවයි. එම පනත ගෙනෙන්නේ ත්‍රස්තවාදය වෙනුවෙන් මිස පුද්ගලයින් හෝ වෙනත් පාර්ශ්ව මර්දනයට නොවේ යැයිද අමාත්‍යවරයා කීය. ඇමතිවරයා මේ පවසන්නේ ත්‍රස්තවාදයෙන් රාජ්‍ය ආරක්ෂා කිරීමේ පනත හෙවත් PSTA ගැනයි. එය ත්‍රස්තවාදය වැළක්වීමේ පනතම ඉදිරියට ගෙනයාමක් මිස අන්යමක් නොවේ. ත්‍රස්තවාදය වැළක්වීමේ පනත යොදාගෙන උතුරේ ගායකයන් අත්අඩංගුවට ගත් ආකාරයටම මේ පනත හරහා ආණ්ඩු විරෝධීන් සහ වෙනස් දේශපාලන මත දක්වන්නන් අත්අඩංගුවට ගනු ඇත.

උතුරේ ඉඩම් නිදහස් කිරීමේ කටයුතු විදිමත්ව සිදුවෙන බවද ඇමතිවරයා පවසා ඇත. නමුත් තවමත් විහාර ඉදිකරන මුවාවෙන් සහ පුරාවිද්‍යා භූමි ලෙස නම් කරමින් ජනතාවගේ ඉඩම් පැහැර ගැනීම නැවතී නැත.

අතුරුදන්වූවන්ගේ ඥාතීන් විශේෂ කොටසක් සේ සළකා මීට වඩා හොඳ වන්දි ලබාදීමේ ක්‍රමවේදයක් සකස් කිරීමට කමිටුවක් පත් කර ඇති බව ද ඇමතිවරයා අවධාරණය කර ඇත. උතුරේ අතුරුදහන්වූවන්ගේ ඥාතීන් ඉල්ලා සිටින්නේ වන්දි මුදලක් නොව තම ඥාතීන්ට සිදුවූ දේ හෙළිකරන ලෙසයි.

අතුරුදන් වූ පුද්ගලයින් කඩිනම් යුක්තිය ඉටු කිරීමට වත්මන් රජයේ අරමුණ බව ද අමාත්‍යවරයා පෙන්වා දී ඇත.

වත්මන් රජය බලයට පත් වන විට අතුරුදන් වු තැනැත්තන්ගේ කාර්යාලය වෙත පැමිණිලි එකොළොස් දහසක් ලැබී ඇති බවත්
ඒවා විසඳීම වෙනුවෙන් විමර්ශන කමිටු පත් කිරීම සඳහා විශේෂ කැබිනට් පත්‍රිකාවක් මගින් රුපියල් මිලියන 375ක මුදලක් වෙන් කර තිබෙන බවද ඇමතිවරයා පවසයි. මෙම පොරොන්දුව හර්ෂණ නානායක්කාර ඇමතිවරයා දිගින් දිගටම පවසමින් සිටියත් එහි ප්‍රගතියක් ගැන අහන්නට හෝ දකින්නට නැත. ඒ වෙනුවට තිබෙන්නේ කාලයෙන් කාලයට පැමිණ මේ එකම දේ මැතිරිම පමණි.

Share post:

Popular

වෙනත් පුවත්

අසියානු කුසලාන කාන්තා තීරණාත්මක තරඟ තුන හෙටින් ආරම්භ වේ .

2026 ආසියානු කුසලාන කාන්තා ක්‍රිකට් තරගාවලියේ අවසන් මහා තරගය...

උණට කොත්තමල්ලි බීල ඉන්න බැරිවෙයි වගේ

පසුගියදා ජනාධිපතිවරයා බුලත්සිංහල පැවති රැස්වීමකදී හිතුන හිතුන වෙලාවට රෝහල්වලට...

විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ගේ වර්ජනයට විසඳුම් නැත්නම් අඛන්ඩ ක්‍රියාමාර්ගයකට

ඉල්ලීම් කිහිපයක් මුල් කරගෙන රජයේ සියලු විශ්වවිද්‍යාලවල ආචාර්යවරුන් අද...

වසර 38ට පස්සේ ඉන්දියන් ආරක්ෂක ඇමති එන හේතුව

වසර 38කට පසු ඉන්දියාවේ ආරක්ෂක ඇමතිවරයෙක් ලංකාවට පැමිණෙන්නේ දෙරටේ...