ඩඩ්ලිලාද? ගොවීන්ද?

Date:

මේ දිනවල වී ගොවීන් තම අස්වැන්නට සාධාරණ මිලක් ඉල්ලමින් සහ නිෂ්පාදන වියදම ඉහළ යාමට විරෝධය පළකරමින් විවිධ ප්‍රදේශවල උද්ඝෝෂණවල නිරත වෙමින් සිටියි. ආණ්ඩුව මේ වනතුරු මේ සඳහා නිසි විසදුමක් ලබාදීමට සමත්ව නැත.ආණ්ඩුව මෙවැනි නිහඬ පිළිවෙතක් අනුගමනය කරන්නේ වෙනත් හේතුවක් නිසා විය යුතුය.

එනම් මෝල් මුදලාලිලා දන ගස්වා ගොවීන්ට විසදුම් ලබාදීම වෙනුවට මීට පෙර කළ පරිදිම රටින් හාල් ආනයනය කිරීමට ආණ්ඩුව සිතා සිටිනවා විය යුතුය.

මෙරටට ඉකුත් වර්ෂයේ දි (2025) සහල් මෙට්‍රික්ටොන් එක්ලක්ෂ අසුහතරදහස්, හත්සිය පනහක් (184,750) ක් ආනයනය කොට ඇති අතර එය 2024 වර්ෂයට සාපේක්ෂව සියයට 40.7ක වැඩි විමක් බව මුදල් ක්‍රම සම්පාදන හා ආර්ථික සංවර්ධන අමාත්‍යංශය මගින් 2025 වර්ෂයට අදාළ නිකුත්කොට ඇති වාර්ෂික වාර්තාවේ සදහන් වේ.

2024 වර්ෂයේ දී මෙරට සමස්ත සහල් ආනයනය සහල් මෙට්‍රික්ටොන් එක්ලක්ෂ තිස්එක්දහස්,තුන්සිය තිස් අටකි. (131,338) එමෙන්ම 2025 වර්ෂයේ දි මෙරට මුළු වී නිෂ්පාදනය වේ මෙට්‍රික්ටොන් පනස්ලක්ෂ, පනස්තුන් දහස්,හයසිය අනුඅටක් දක්වා (5,053,698) සියයට 7.6කින් වර්ධනය වී ඇති බවද මෙම වාර්තාවේ සදහන් වේ. මෙම තත්ත්වය හමුවේ වෙළදපොළ තුල සහල් මිලෙහි විශාල අඩුවිමක් දක්නට ඇති අතර වී අලෙවි මණ්ඩලය විසින් 2025 වර්ෂයේ දී රුපියල් මිලියන 19,633ක මුදලක් වැයකොට ගොවින්ගෙන් වී මෙට්‍රික්ටොන් 162,257ක් මිලදිගෙන ඇත.

රජය වසින් 2025 වර්ෂයේ දි කෘෂිකාර්මික අංශය සදහා දරණු ලැබු වියදම රුපියල් බිලියන 142ක් වන අතර 2024 සාපේක්ෂව එය සියයට 17ක වැඩිවිමක් බවද මෙම වාර්තාවේ වැඩිදුරටත් සදහන් වේ.

මෙවැනි වියදමක් දරද්දී වුවත් ආණ්ඩුව හාල් මෝල් හිමියන්ට අත තැබීමට සූදානම් නැති බව පෙනේ. ඒ වෙනුවට මෙවරත් අනුගමනය කරන පියවර වනු ඇත්තේ රටින් හාල් ගෙන්වීමයි. එවිට ගොවීන්ට නැවතත් කුණු කොල්ලයට තම අස්වැන්න හාල් මෝල් හිමියන්ට ලබාදීමට සිදුවෙනු ඇත.

Share post:

Popular

More like this
Related

බලයේ පරීක්ෂණය එය භාවිත කරන ආකාරයයි – ජෙහාන් පෙරේරා

22 වැනි සංශෝධනය පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමත් සමඟ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා...

ලක්ෂාන් මධුරංග වික්‍රමරත්නගෙ අලුත් කවි පොත ගැන අපිළිවෙළ අදහස් කීපයක් !

කවි පනහෙන් සැලකිව යුතු කවි ප්‍රමාණයක තියෙන ඇතැම් අතීත...

ආණ්ඩුවේ ජඩ බදු ක්‍රමය ගැන පුබුදුගෙන් අනාවරණයක්

පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ අධ්‍යාපන ලේකම් පුබුදු ජාගොඩ රජයේ බදු...

අනුර හමුවෙන්න කලින් නීතිඥ සංගමයෙන් නිවේදනයක්

ජනාධිපතිවරයා සමග අද (අගෝස්තු 12) දින විනි­ශ්ච­ය­කා­ර­ව­රුන්ගේ විශ්‍රාම වයස්...