රටේ ණයබර සියයට 1556කින් වැඩිවෙලා

රජයේ ණය පොලි ගෙවීම 2006 වර්ෂයේ දී රුපියල් බිලියන 151ක් වු අතර 2025 වර්ෂය වන ව්ට එය රුපියල් බිලියන 2,501 දක්වා සියයට 1556කින් වැඩිවී ඇති බැව් මුදල් අමාත්‍යංශය විසින් 2025 වර්ෂයට අදාළව නිකුත්කොට ඇති වාර්ෂික වාර්තාවට ඇතුළත්කොට ඇති විගණන වාර්තාවේ සදහන් වේ.

2025 වර්ෂයේ දී රුපියල් බිලියන 2501 ණය පොලි ගෙවා තිබු අතර එය රජයේ මුළු පුනරාවර්තන විදයමෙන් සියයට 47.52 ක් බවද විගණනය මගින් අනාවරණය කොට ඇත. 2024 වර්ෂයේ දි ණය පොලි ගෙව්ම සදහා රුපියල් බිලියන 2,689ක මුදලක් වැයකොට තිබු අතර එය පුනරාවර්තන වේදයමෙන් සියයට 50කි.

2024 වර්ෂය සමග සැසදීමේ දි 2025 වර්ෂයේ ණය පොලි ගෙවිම රුපියල් බිලියන 188කින් අඩු වේ තිබුණි. 2025 වර්ෂයේ අයවැය කාර්යසාධනය සහ හිගය මුල්‍යනය කිරීමේ ප්‍රකාශය අනුව රැස් කරණු ලැබු රුපියල් බිලියන 5,480 ක් වු රජයේ ආදායමෙන් රුපියල් බිලියන 2501 ක් හෙවත් සියයට 45.64 ක් ණය පොලි ගෙවීමට සිදුවි ඇති බවද විගණන වාර්තාවේ තවදුරටත් සදහන් වේ.

මෙම වාර්තා මගින් පැහැදිලි වන්නේ අපේ රට ලැබෙන ආදායමෙන් වැඩිම පංගුවක් වෙන් කරන්නේ ණය ගෙවීම සඳහා බවයි. ඒ අනුව ජනතාව වෙනුවෙන් වූ සියලු සුබසාධන කටයුතු සඳහා වෙන් වන්නේ ඉතිරියයි. එසේම එය වසරෙන් වසර වැඩිවීමක් මිස අඩුවීමක් සිදුවී නැත. මෙවැනි තත්ත්වයක් තුළ අප රටක් ලෙස ලැබිය හැකි ආර්ථික දියුණුව කුමක්ද යන පැනය ඇතිවේ.

Share post:

Popular

වෙනත් පුවත්

අසියානු කුසලාන කාන්තා තීරණාත්මක තරඟ තුන හෙටින් ආරම්භ වේ .

2026 ආසියානු කුසලාන කාන්තා ක්‍රිකට් තරගාවලියේ අවසන් මහා තරගය...

උණට කොත්තමල්ලි බීල ඉන්න බැරිවෙයි වගේ

පසුගියදා ජනාධිපතිවරයා බුලත්සිංහල පැවති රැස්වීමකදී හිතුන හිතුන වෙලාවට රෝහල්වලට...

විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ගේ වර්ජනයට විසඳුම් නැත්නම් අඛන්ඩ ක්‍රියාමාර්ගයකට

ඉල්ලීම් කිහිපයක් මුල් කරගෙන රජයේ සියලු විශ්වවිද්‍යාලවල ආචාර්යවරුන් අද...

වසර 38ට පස්සේ ඉන්දියන් ආරක්ෂක ඇමති එන හේතුව

වසර 38කට පසු ඉන්දියාවේ ආරක්ෂක ඇමතිවරයෙක් ලංකාවට පැමිණෙන්නේ දෙරටේ...