Breaking News

grotte di postumia

මෙවර විවර අධ්‍යාපන විනෝද චාරිකාව වෙනුවෙන් අප තෝරා ගත්තේ grotte di postumia නැරඹීමට යෑමයි. ස්ලෝවේනියාවේ තියෙන මේ තැන සංචාරක ආකර්ෂණය දිනාගත් මනරම් ගුහා පද්ධතියකින් සමන්විතයි. වසර මිලියන ගණනක් පුරා කුඩා ජල බිඳිති එක මත එක පතිතව ජලයේ ඇති කැල්සියම් මගින් ස්වභාවිකව නිර්මාණය වී තිබෙන මේ හුණුගල් මූර්ති නිර්මාණ දහස් ගණනක් තියන grotte di postumia ලොව විශාලතම භූගත පාරාදීස යයි .

වසර මිලියන ගණනක් පැරණි මෙම ගුහා පද්ධතිය ප්‍රථම මිනිසාගේ සිටම ළඟ සම්බන්ධතා පැවති ස්ථානයකි.වඩාත් අවධානයෙන් ගුහාව පිළිබඳව නිරීක්ෂණය කරන්නේ 1748 දී පමණය.ඉන් අනතුරුව මෙම ගුහා පද්ධතිය පිළිබඳව බොහෝ දේ සොයා ගන්නා අතර ගුහාවේ හුණු ගල් බිත්තිය මත මිනිසා විසින් සටහන් තබන ලද්දේ 1213 දී පමණ බව විශ්වාස කරනවා. ගුහාව ඇතුලත මාර්ග ජාලයක් සේ පවතින අතර ඒවායේ දිග කිලෝ මීටර් 21 ක් පමණ වෙනවා. මීටර් එකසිය පහළොවක් පමණ ගැඹුරට මෙය විහිදී පවතිනවා. දළ වශයෙන් එහි අභ්‍යන්තර උෂ්ණත්වය 8° පමණ වෙනවා .

trenino sotterraneo
1818 සංචාරකයන් සඳහා grotte di postumia විවෘත කරනවා. මුල් කාලයේ එහි සංචාරය දුෂ්කර ගමනක් වෙනවා. මෙම ගුහාවේ මනරම් ස්වභාවික හුණුගල් නිර්මාණ ඇති ප්‍රදේශයට ළඟා වීමට කිලෝමීටර් තුනහමාරක පමණ දුෂ්කර ගමනක් යා යුතුව තිබුණා. පසුකාලීනව මේ දුෂ්කර ගමන් මාර්ගයේ තරණය කිරීම සඳහා කුඩා දුම්රිය සේවාවක් ආරම්භ කරනවා.එය පටන් ගන්නේ 1872 දී.

piccoli di drago
proteo යන විද්‍යාත්මක නාමයෙන් හඳුන්වන ගෙම්බන්ට සමානකම් තියෙන ජීවීන් විශේෂය . 17 වන සියවසේදී පමණ හඳුනාගන්නා මොවුන්ව මුල්වරට දකින විට මිනිසුන් බියට පත්වෙනවා. මෙම සතුන් grotte අභ්‍යන්තරයේ ජලයේ ජීවත්වෙන අතර ඔවුන් විනිවිද පෙනෙන සුදු පාටකින් යුක්තයි.ඇස් අන්ධ මේ සතුන් මකරුන්ට සමානයි. ඉතින් මේ මකර සමානකම හින්දම මුල් කාලයේ මිනිසුන් විශ්වාස කළා මේ ගුහාව ඇතුලේ භයානක මකරුන් ජීවත් වෙනවා කියලා.පුංචි සතුන් ඔවුන්ගේ පැටවුන් හැටියට ඔවුන් විශ්වාස කළා.

  • නැවත පැමිණීමේදී වැනිස් මුහුදු තීරයේ පැය කිහිපයක් ගත කිරීම.
  • 2026 ජුලි 5 ඉරිදා උදෑසන 5.30ට luna park අසළින් පිටත් වීම.
  • වයස සීමාව අනුව නැරඹීමේ සහ ප්‍රවාහන වියදම් 

වයස සිමාවල් – අයකිරීම
00-05 / 30 + 00 = 30,00
06- 15 / 35 + 20 = 55,00
16- 25 / 40 + 25 = 65,00
26 < / 45 + 30 = 75,00

leave a reply