රැඳවියෙකු ඝාතනය කිරීමේ චෝදනා එල්ල වූ නිලධාරීන් හඳුනා ගැනීමේ පෙරට්ටුවකට

වැලිකඩ රිමාන්ඩ් බන්ධනාගාරයේ රඳවා සිටියදී නිලධාරීන් පිරිසකගේ පහරදීමෙන් ‘මංජු’ නමැති රැඳවියා මියයාමේ සිද්ධියට අදාළ මහේස්ත්‍රාත් පරීක්ෂණය අද (06) කොළඹ අංක 02 මහේස්ත්‍රාත් අධිකරණයේදී කැඳවනු ලැබීය.

එහිදී පවත්වන ලද සැකකරුවන් හඳුනාගැනීමේ පෙරෙට්ටුවේදී, සිද්ධියට අදාළව අත්අඩංගුවට ගෙන සිටින බන්ධනාගාර නිලධාරීන් තිදෙනාම සාක්ෂිකරුවන් විසින් හඳුනාගනු ලැබීය.

තල්ගස් වත්තගේ සම්පත් කුෂාන්, මීගහගේ දොන් සුරේස් දර්ශන පෙරේරා සහ දිසානායක මුදියන්සේලාගේ උපුල් දිසානායක යන තිදෙනාව මෙලෙස හදුනාගෙන තිබුණි.

මෙම නඩුවට අදාළව ඉදිරිපත් වූ සාක්ෂිකරුවන් අටදෙනාම විවිධ මට්ටමින් සැකකරුවන් හඳුනාගත් අතර, ඉන් සාක්ෂිකරුවන් සිව්දෙනෙකු විසින්ම සැකකරුවන් තිදෙනාම නිවැරදිව හඳුනා ගැනීම විශේෂත්වයකි. සෙසු සාක්ෂිකරුවන් විසින් සැකකරුවන් එක් අයෙකු හෝ දෙදෙනා බැගින් හඳුනාගෙන තිබේ.

හෙරොයින් ග්‍රෑම් 14ක් ළඟ තබා ගත්තේයැයි සැකපිට අත්අඩංගුවට ගෙන රිමාන්ඩ් කර සිටි ග්‍රෑන්ඩ්පාස් ප්‍රදේශයේ පදිංචි ආර්.එම්.පී. තුෂාර සම්පත් (38) හෙවත් මංජු නමැති රැඳවියා, බන්ධනාගාර නිලධාරීන් පිරිසකගේ පහරදීමකට ලක්ව මියගිය බවට ඔහුගේ ඥාතීන් සහ සිරකරු අයිතිවාසිකම් සුරැකීමේ කමිටුව චෝදනා කර තිබුණි. මෙම පහරදීමෙන් තවත් රැඳවියෙකු තුවාල ලබා රෝහල් ගත කර සිටි අතර, මියගිය සම්පත්ගේ සහෝදරිය ඇතුළු ඥාතීන් දිගින් දිගටම ඉල්ලා සිටියේ තම සහෝදරයාට සිදුවූ අසාධාරණයට සාධාරණයක් ඉටු කරන ලෙසයි.

මෙම සිද්ධිය පිළිබඳ වාර්තා වූ මුල් අවස්ථාවේ බනධනාගාරය නිවේදනය කලේ මෙම රැඳවියන් පළායාමට උත්සහා කිරීමේදී සිදුවූ ගැටුමකින් මෙම ඝාතනය සිදුවී ඇති බවයි.

Share post:

Popular

වෙනත් පුවත්

IMF එකෙන් ඉවත්වීම ගැන ආණ්ඩුවේ බොරු මරිසි

2027 දී ශ්‍රී ලංකාව වත්මන් ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ (IMF)...

ගෝඨාභය රාජපක්ෂගේ දෛවයේ දවස

ගෝඨාභය රාජපක්ෂට අද දෛවයේ දවසක් යැයි මට සිතෙන්නේ හේතු...

ලලිත් කූගන් අතුරුදහන් කිරීම ගැන ගෝඨා සාක්ෂි දීමට කොළඹ අධිකරණයට

දේශපාලන සහ මානව හිමිකම් ක්‍රියාකාරිකයන් වූ ලලිත් කුමාර් වීරරාජ්...

රනිල්ලාගේ පරණ ආර්ථික වැඩපිළිවෙල අලුත් නමකින්

රටේ පාලන බලය මාරුවුවද නොවෙනස් වන වසර 20ක අඛණ්ඩ...