රැඳවියෙකු ඝාතනය කිරීමේ චෝදනා එල්ල වූ නිලධාරීන් හඳුනා ගැනීමේ පෙරට්ටුවකට

වැලිකඩ රිමාන්ඩ් බන්ධනාගාරයේ රඳවා සිටියදී නිලධාරීන් පිරිසකගේ පහරදීමෙන් ‘මංජු’ නමැති රැඳවියා මියයාමේ සිද්ධියට අදාළ මහේස්ත්‍රාත් පරීක්ෂණය අද (06) කොළඹ අංක 02 මහේස්ත්‍රාත් අධිකරණයේදී කැඳවනු ලැබීය.

එහිදී පවත්වන ලද සැකකරුවන් හඳුනාගැනීමේ පෙරෙට්ටුවේදී, සිද්ධියට අදාළව අත්අඩංගුවට ගෙන සිටින බන්ධනාගාර නිලධාරීන් තිදෙනාම සාක්ෂිකරුවන් විසින් හඳුනාගනු ලැබීය.

තල්ගස් වත්තගේ සම්පත් කුෂාන්, මීගහගේ දොන් සුරේස් දර්ශන පෙරේරා සහ දිසානායක මුදියන්සේලාගේ උපුල් දිසානායක යන තිදෙනාව මෙලෙස හදුනාගෙන තිබුණි.

මෙම නඩුවට අදාළව ඉදිරිපත් වූ සාක්ෂිකරුවන් අටදෙනාම විවිධ මට්ටමින් සැකකරුවන් හඳුනාගත් අතර, ඉන් සාක්ෂිකරුවන් සිව්දෙනෙකු විසින්ම සැකකරුවන් තිදෙනාම නිවැරදිව හඳුනා ගැනීම විශේෂත්වයකි. සෙසු සාක්ෂිකරුවන් විසින් සැකකරුවන් එක් අයෙකු හෝ දෙදෙනා බැගින් හඳුනාගෙන තිබේ.

හෙරොයින් ග්‍රෑම් 14ක් ළඟ තබා ගත්තේයැයි සැකපිට අත්අඩංගුවට ගෙන රිමාන්ඩ් කර සිටි ග්‍රෑන්ඩ්පාස් ප්‍රදේශයේ පදිංචි ආර්.එම්.පී. තුෂාර සම්පත් (38) හෙවත් මංජු නමැති රැඳවියා, බන්ධනාගාර නිලධාරීන් පිරිසකගේ පහරදීමකට ලක්ව මියගිය බවට ඔහුගේ ඥාතීන් සහ සිරකරු අයිතිවාසිකම් සුරැකීමේ කමිටුව චෝදනා කර තිබුණි. මෙම පහරදීමෙන් තවත් රැඳවියෙකු තුවාල ලබා රෝහල් ගත කර සිටි අතර, මියගිය සම්පත්ගේ සහෝදරිය ඇතුළු ඥාතීන් දිගින් දිගටම ඉල්ලා සිටියේ තම සහෝදරයාට සිදුවූ අසාධාරණයට සාධාරණයක් ඉටු කරන ලෙසයි.

මෙම සිද්ධිය පිළිබඳ වාර්තා වූ මුල් අවස්ථාවේ බනධනාගාරය නිවේදනය කලේ මෙම රැඳවියන් පළායාමට උත්සහා කිරීමේදී සිදුවූ ගැටුමකින් මෙම ඝාතනය සිදුවී ඇති බවයි.

Share post:

Popular

වෙනත් පුවත්

PSTA එකට එරෙහිව ජනතාව දැනුවත් කිරීමට වෘත්තිය සමිති පාරට

වෘත්තිය සමිති ඒකාබද්ධව අද කොටුව දුම්රියපොළ ඉදිරිපිට ජනතාව දැනුවත්...

ජනතාව ත්‍රස්තවාදීන් කරන ආණ්ඩුවේ මර්දන පනත පරාජය කළ යුතුයි.

ත්‍රස්තවාදයෙන් රාජ්‍යය ආරක්ෂා කර ගැනීමේ පනත(PSTA) නමින් ආණ්ඩුව පාර්ලිමේන්තුවට...

ශිරන්තිලා අනුන්ගෙන් ලැබුණු බඩුවලට තමන්ගේ නම ගහලා

චීන රජයෙන් පරිත්‍යාගයක් ලෙස ලැබුණු MRI ස්කෑනර් යන්ත්‍රයක් ,...

දීපචෙල්වම්ගේ කෘති නිදහස් කරන්නැයි නියෝගයක්

දීපචෙල්වම් ප්‍රදීපන්ගේ නම් ලේඛකයා විසින් රචිත ලද දෙමළ භාෂා...