Breaking News

වසන්තගේ වත්කම් ප්‍රශ්නය

වසන්ත සමරසිංහගේ වත්කම් බැරකම් ප්‍රකාශය ගැන මේවනවිට විශාල ආන්දෝලනයක් ඇතිව තිබේ. බොහෝදෙනෙකුගේ අවදානය දිනාගත් දෙයක් බවට පත්ව ඇත්තේ ජනතාව මත යැපුණු පක්ෂයක සිය ජීවිත කාලයෙන් භාගයක්ම ගෙවා දැමූ පුද්ගලයන් මෙවැනි වත්කමක් උපයා ගන්නේ කෙසේද යන්නයි.

එයට පිළිතුරු ලෙස වසන්ත සමරසිංහ පවසන්නේ දේපළ තමන්ට පවුල් උරුමයෙන් ලැබුණු ඒවා සහ තමන් ව්‍යාපාර කරමින් වැඩිදියුණු කළ ඒවා බවයි. තමන් කෝච්චියේ පවා වෙළඳාම් කළ බවත්, අහුවෙන හැම අවස්ථාවක්ම පාවිච්චි කළ බවත්, කොවිඩ් සමයේ සිය පුතු සමඟ ක්‍රිප්ටොකරන්සි ව්‍යාපාරයක යෙදුණු බවත්, කොටස් වෙළඳපොළේ ආයෝජනය කළ බවත් ඔහු සිය වත්කම් ගැන පැහැදිලි කරමින් කීය.

නමුත් ඔහු දීර්ඝ කාලයක් තිස්සේ ඇඟලුම් කලාපයේ වැඩකරන ජනතාවගෙන් සමන්විත අන්තර් සමාගම් සේවක සංගමයේ නායකයා ලෙස කටයුතු කළ වෘත්තිය සමිති නායකයෙකු බවද අමතක කළ යුතු නැත.

තමන් ව්‍යාපාර කරමින් සහ ආයෝජනය කරමින් මුදල් උපයන්නේ නම් තමන් ජනතාවගෙන් යැපෙන බව පෙන්වීම දෙබිඩි කමකි. එසේම විරුද්ධ පාක්ෂිකයන් කියන ආකාරයට ජනතාව මත යැපෙමින් ජීවත්වීම ලජ්ජාවට කාරණයක් වියයුතු නැත. අනිත් පසින් එම චෝදනාවන් ඉදිරිපත් කරන විරුද්ධ පක්ෂය නියෝජනය කරන පක්ෂ යැපෙන්නේ ව්‍යාපාරිකයන්ගේ මුදල් මත සහ ඔවුන් කරන ව්‍යාපාර මතයි. එම නිසා දේශපාලනයද ඔවුන්ට ලාභ ලබන ව්‍යාපාරයක් පමණි. ජනතාවට කිසිම ලෙසකින් වගකියන්නේ නැත.

නමුත් දැන් පෙනෙන ලෙස ජාතික ජන බලවේගයේ දේශපාලනයද ඊට වෙනස් නොවන බව පෙනෙන්නට තිබේ.

ඊටත් වඩා වැදගත් කරුණක් බොහෝ පිරිසකට අමතක වී යයි. එනම් වසන්ත සමරසිංහ කොටස් මිලදී ගෙන ඇති සමාගම් ද ඉතා විනාශකාරී ඒවා වීමයි.

විශේෂයෙන් LOLC සමාගම යනු මෙරට ක්ෂුද්‍ර මූල්‍ය ණය ලබාදෙන ප්‍රධානම ආයතනයකි. ක්ෂුද්‍ර මූල්‍ය ණය ක්‍රමය විසින් අපේ රටේ ග්‍රාමීය කාන්තාවන්ගේ ජීවිත වළපල්ලට තල්ලු කර ඇත. එම විනාශයට වගකිවයුතු ප්‍රධාන සමාගම් වන්නේ LOLC සමාගමයි. අනෙක් පසින් ජාතික ජන බලවේගය විසින් කාන්තාවන්ට ලබාදුන් ප්‍රධාන පොරොන්දුවක් වූවේ ක්ෂුද්‍ර මූල්‍ය ණය ප්‍රශ්නය විසඳන බවයි. ක්ෂුද්‍ර මූල්‍ය ණය ක්‍රමයට දායක වන ප්‍රධාන සමාගමක කොටස් හිමියෙක් වන අමතිවරයක් සිටින ආණ්ඩුවක් ජනතාව පැත්තේ සිට එම ප්‍රශ්න දෙස බලාවිද යන සැකය පවතියි.

අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිසමේ වෙබ් අඩවියෙහි සඳහන් ඔහු සතු රුපියල් මිලියන 275ක වත්කම් පහත දැක්වේ.

1) වාණිජමය ගොඩනැගිල්ල – වටිනාකම රුපියල් මිලියන 150
2) තට්ටු තුනක වාණිජමය ගොඩනැගිල්ල – වටිනාකම මිලියන 75
3) පදිංචි නිවස – වටිනාකම මිලියන 10
4) කිලො වොට් 30 ක සෝලාර් පවර් යුනිට් දෙකයි – වටිනාකම මිලියන 6.5 (3.25 *2)
5) රත්තරන් පවුම් 17.5 – වටිනාකම රුපියල් මිලියන 4.5
6) ටොයෝටා ප්‍රියස් මෝටර් රථය – වටිනාකම රුපියල් මිලියන 15
7) ස්ථාවර තැන්පතුව – ලක්ෂ 2 යි
8) ඉතුරුම් තැන්පතුව – ලක්ෂ 11 යි
9) ඉතුරුම් තැන්පතුව II – ලක්ෂ 6.5
10) LOLC සමාගමේ කොටස් 21,000 – වටිනාකම රුපියල් මිලියන 12
11) ක්‍රිප්ටො – 3000 USD (රුපියල් මිලියන 1)
ආදායම් මෙසේ සඳහන්ය.
1) කූලි ආදායම – රුපියල් මිලියන 5.1
2) කූලි ආදායම II – රුපියල් මිලියන 7
3) සමාගම් ආදායම – රුපියල් මිලියන 3
4) සෝලර් පවර් ආදායම – ලක්ෂ දෙකයි
ඒ අනුව ඔහුගේ සම්පූර්ණ වත්කම් (නිල) – රුපියල් මිලියන 275 / රුපියල් කෝටි 27.5 ක් ලෙස සඳහන්ය.
ඔහු සිය වත්කම් ගැන මෙසේ පැහැදිලි කර තිබුණි.

leave a reply