කොවිඩ් ප්‍රතිකාර කටයුතුවලට සහ කොවිඩ් මෘත දේහ භූමදානයට හමුදාව

කොවිඩ් ප්‍රතිකාර කටයුතු සඳහා මෙන්ම කොවිඩ් මෘත දේහ ආදාහනය සඳහා ද යුද හමුදාව යොදාගැනීමට නියමිත බව වාර්තා වේ.

කොවිඩ් මෘත දේහ ආදාහනය හෝ භූමදානය කිරීමට අවශ්‍ය කටයුතු කඩිනමින් සම්පාදනය කර ඇති බව යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා පවසනවා.

සියළුම භූමදාන කටයුතු හමුදාවේ මැදිහත්වීමෙන් සිදු කිරීමට සූදානම් අතර ආදාහනාගාර ද සම්බන්ධීකරණය කර ඊට අවශ්‍ය කටයුතුද සූදානම් කර ඇති බවත් කිසියම් ප්‍රමාදයක් වන්නේ නම් ඊට හේතුවන්නේ රෝහල් වල පරිපාලන ගැටලු නිසා බවයි.

දෛනිකව කොරෝනා මරණ සියයකට ආසන්න සංඛ්‍යාවක් මෙරටින් වාර්තා වීමත් සමග කොළඹ දිස්ත්‍රීක්කයේ ආදාහනාගාරවල තඳබදයක් හට ගත්තා.

එමෙන්ම රාගම ශීක්ෂණ රෝහල ඇතුලු රෝහල් කිහිපයක මෘත ශරීරාගාරවල මෘත දේහ ගොඩ ගැසී ඇති අයුරුද නිරීක්ෂණය කළ හැකි විය.

එසේම කොවිඩ් රෝගීන් යම් ආකාරයකට ඉදිරියේදී වැඩිවුවහොත් ප්‍රතිකාර කටයුතු සහ ඒවාට සහාය දීම සඳහා ත්‍රිවිධ හමුදාවේ සහය ලබා ගන්නා බව සෞඛ්‍ය අමාත්‍යංශයේ මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් ,විශේෂඥ වෛද්‍ය හේමන්ත හේරත් පවසයි.

ඒ අනුව, ත්‍රිවිධ හමුදාවේ සාමාජිකයන්, සෞඛ්‍ය අංශයේ විශ්‍රාමික නිලධාරීන් සහ පෞද්ගලික අංශ සෞඛ්‍ය කාර්ය මණ්ඩල සාමාජිකයන් ඇතුළු කණ්ඩායම් මේ සඳහා අනියුක්ත කරගැනීමට පියවර ගන්නා බවයි ඔහු පවසා තිබේ.

මේ අතර, කොරෝනා රෝගීන් ප්‍රවාහනයට ගිලන් රථ ප්‍රමාණවත් නොවන්නේ නම්, ප්‍රාදේශීය මට්ටමින් සුදුසු වැඩපිළිවෙළකට යොමුවීමට අවශ්‍ය පියවර ගන්නැයිද සියලු පළාත් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂකවරුන්ට උපදෙස්දී ඇතැයි ඔහු පවසනවා.

Share post:

Popular

වෙනත් පුවත්

ලෝක තෙල් මිල සමඟ ලංකාවේ තෙල් මිල සසඳන්න – IMF එකෙන් ඉල්ලීමක්

දේශීය ඉන්ධන මිල ගණන් ජාත්‍යන්තර මිල ගණන් අනුව වෙනස්...

දැන් චෝදනා අයුතු ජනරාශිය, පස්සේ ත්‍රස්ථවාදයද?

ආණ්ඩුව පසුගියදා ජන අරගල ව්‍යාපාරයේ විරෝධතාවයෙන් අනතුරුව එම ව්‍යාපාරයේ...

ආණ්ඩුව ඉටුකළේ තෙල් බෙදාහරින සමාගම්වල ඉල්ලීමද?

ඉන්ධන සහනාධාරයක් ලබාදෙන බව පවසමින් ආණ්ඩුව තෙල් මිල ඉහළ...

බදුබර දරන්න බැහැ, දොස්තරලා 2500ක් රටින් ගිහින් – GMOA

අධික බදු බර හේතුවෙන් රටට නිපුණ වෘත්තිකයන් අඛණ්ඩව අහිමි...