Breaking News

සම සෞඛ්‍ය අරගලය පැමිණි ගමන් මග

සම සෞඛ්‍ය උපාධිධාරීන් සෞඛ්‍ය සේවයට ඇතුලත් කර ගන්නා ලෙස ඉල්ලමින් ගෙන යන අරගලය ගැන නැවතත් අවධානය යොමුව තිබේ. ඊයේ සෞඛ්‍ය අමාත්‍යංශය අසල උද්ඝෝෂණයෙන් පසු අන්තර් විශ්ව විද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලයේ කැඳවුම්කරු ඇතුළු 09ක් අත්අඩංගුවට ගැනීමෙන් පසුවයි. එම අරගලය සම්බන්ධයෙන් පැහැදිලි කරමින් සම සෞඛ්‍ය සිසුන් විසින් සමාජ මාධ්‍ය ජාල හරහා පහත සටහන බෙදා ගෙන තිබේ.

ගැටලුවේ ඇතුලාන්තය…

**2025 පෙබරවාරි 14 සෞඛ්‍ය අමාත්‍යාංශයෙදි අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස සහ නිලධාරීන් සමග ක්‍රියාත්මක කරපු අවසාන සාකච්චා වටයෙන් දින 14 ඇතුලත තීරණය දැනුම් දෙන්නම් කියලා ප්‍රතිචාර නොදක්වා හිටියා

**ආන්ඩුවේ ස්ථාවරය පිළිබඳව නියමිත පරිදි කිසිදු දැනුම් දීමක් කරන්නෙ නැතුව පස්සෙ තරඟ විභාගය ස්තීර කලා කියලා මාධ්‍ය හරහා දැනුම් දුන්නා.

**ගැටලුව තරඟ විභාග කියන්නෙ සම සෞඛ්‍ය ඩිප්ලෝමාධාරීන් බඳවා ගැනීමට PSC භාවිතා කරන ක්‍රමය ( public service commision)

**වසර 6 ආසන්න කාලයක් උපාධිධාරී සම සෞඛ්‍ය පිරිස් බඳවා ගන්න ක්‍රමවේදය හදන්න කිව්වට PSC කලේ නෑ නමුත් ඒ සඳහා යෝජිත ක්‍රමවේදය උනේ ugc මගින් සකසපු merit list system එක.
ඒ පිලිබඳව පහුගිය වසර ගානම ඉල්ලීම් කලා PSC එකට.

**හැමෝම එකපාර බඳවගන්න වගෙ ඉල්ලීම කොහෙවත් කරලා නෑ සම්පූර්ණයෙන්ම අසත්‍ය නොමග යවන ප්‍රකාශයක්

**Merit list එකට ගන්නවා නම් වට කිහිපයකින් තමා ගන්න වෙන්නෙ

**පදනම effective date සහ GPA අගය මගේ දැනුමෙ හැටියට merit list ක්‍රමවේදයේ

**පුරප්පාඩු සහ ඉල්ලුම්කරුවන් අතරත් ඔය කියනවා වගේ ලොකූ පරතරයක් නෑ
නිදසුනක් විදියට ආසන්න අගයන් සැලකුවොත් medical laboratory science වගේ ක්ශේත්‍රයන් වල රජයේ රෝහල් පුරප්පාඩ 301 සහ merit list වෙලා ඉන්නෙ 280 ගානක්

**සම සෞඛ්‍ය උපාධිය ඇති කරලත් වසර 20 වඩා අධිකයි දැන් ලන්කාව තුල ,
ඩිප්ලෝමාධාරී ක්‍රමවේදය වෙනුවට උපාධිධාරීන් සඳහා යෝජිත merit list ක්‍රමවේදය ආරම්භ කරන්න කියන ඉල්ලීමට තමා සම සෞඛ්‍ය පිරිස ඉල්ලීම් කරන්නෙ..

**පුදුමයට කරුණ නම් මෙම තරඟ විභාගයම මීට පෙර ගෝඨාභය රාජපක්ෂ ආණ්ඩුව 2021 වසරේදී සහ රනිල් – රාජපක්ෂ ආණ්ඩුව 2024 දී පවත්වන්නට උත්සාහ කළ අතර එම අවස්ථා දෙකේදීම රාජ්‍ය විශ්වවිද්‍යාලවල සියලු උපාධිධාරීන් විරුද්ධ වීම හේතුවෙන් එම විභාගයන් අවලංගු කර දැමූ අතර ඉන් අනතුරුව උපාධිධාරීන් විසින් දිගින් දිගටම යෝජනා කරන ලද කුසලතා අනුපිළිවෙල 2024 වසරේ දී සකස් කරන ලදී. නමුත් වත්මන් පුනරුද ආණ්ඩුව එම කුසලතා අනුපිළිවෙල කුණු කූඩයට විසිකර නැවත දැනුම මිනුම විභාගය පැවැත්වීය.

**රාජ්‍ය මුදල් වැය කරමින් වසර 06කට ආසන්න කාලයක් අධ්‍යාපනය හා උසස් සායනික පුහුණුවක් ලබා දෙමින්, රජයේ රෝහල්වල සේවයම ඉලක්ක කරගනිමින් බිහි කරන මෙම උපාධිධාරීන් සිටියදීත්, ඔවුන් merit list එකට අනුව යමින් සාධාරණ බඳවා ගැනීම් ක්‍රමවේදයක් ඉල්ලමින් සිටියදී , ඒවාට භාහිරව යමින් මෙම තරඟ විභාගය ගෙන ඒමේ මූලික අරමුණ වී ඇත්තේ වර්තමානයේ පවතින හා ආරම්භ කිරීමට නියමිත් පෞද්ගලික සමසෞඛ්‍ය උපාධිකඩවල marketing level එක ඉහළ දමා ගැනීම බව නොරහසක්…

**නිදහස් අධ්‍යාපනයට අත්තටු දෙන බව පවසා බලයට පැමිණි ආණ්ඩුව අධ්‍යාපනය මුදලට විකිණීම ප්‍රවර්ධනය කිරීමට හා නිදහස් අධ්‍යාපනය විනාශ කරමින් අධ්‍යාපනය පෞද්ගලිකකරණය කිරීමේ මෙවැනි තීරණ ගැනීම ඉතාමත් නින්දා සහගතය…

**සමසෞඛ්‍ය උපාධිධාරීන් රාජ්‍ය සේවයට බඳවාගැනීම සඳහා නිසි පටිපාටියක් සකසන ලෙසට ආණ්ඩුවට බලකරමින් දිගු කලක් පුරා අරගලයක් දියත් වෙමින් පවතී. මේ වන විටත් සමසෞඛ්‍ය වෘත්තිකයන්, සෞඛ්‍ය සේවයේ වෘත්තිකයන්, විශ්වවිද්‍යාල ආචාර්‍යවරු සහ රටේ වෘත්තීය සමිති මෙම අරගලයට සහයෝගය පළ කරන අතර සියලු පාර්ශ්වයන් විසින් ආණ්ඩුවට ඉදිරිපත් කරන ඉල්ලීම වනුයේ දැනටම විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව විසින් අනුමත කර ඇති “කුසලතා පදනම මත වූ ලැයිස්තුව” (Merit list) ඒ සඳහා අනුගමනය කරන ලෙසයි.

නිදහස් අධ්‍යාපනයට ජය…

Stand for Free Education ෆේස්බුක් පිටුව

leave a reply