වැලිකඩ පොලිස් අත්අඩංගුවේදී මිය ගිය රාජ කුමාරිගේ නඩුව කැඳවීමට සැරසෙයි

2023 වසරේ වැලිකඩ පොලිස් අත්අඩංගුවේදී ආර්. රාජ කුමාරි නමැති ගෘහ සේවයේ නියුතු කාන්තාවකට පහරදී මරා දැමීමේ සිද්ධිය සම්බන්ධයෙන් චෝදනා ලබා සිටින එම පොලිසියේ හිටපු නිලධාරින් තුන් දෙනෙකුට එරෙහි පූර්ව නඩු විභාග සම්මන්ත්‍රණය ජූලි මස 21වනදා කැඳවන ලෙස කොළඹ මහාධිකරණය නියම කර තිබේ.

එම නඩුව අද (15) කොළඹ මහාධිකරණ විනිසුරුවරයා ඉදිරියේ කැඳවනු ලැබිණි.

එහිදී විත්තිය වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරු අධිකරණය හමුවේ කරුණු දක්වමින් මෙම නඩුකරයට අදාළව ඉදිරිපත් කර තිබෙන ඇතැම් ලේඛන තමන්ට ලැබී නොමැති බව සඳහන් කර තිබුණි.

ඒ අනුව විත්තිය විසින් ඉල්ලා සිටින ලේඛන කඩිනමින් ඔවුන් වෙත ලබාදීමට කටයුතු කරන ලෙස විනිසුරුවරයා රජයේ නීතිඥවරියට නියම කර තිබේ.

ඉන් අනතුරුව ඉදිරිපත් වූ කරුණු සලකා බැලූ විනිසුරුවරයා මෙම නඩුව පූර්ව නඩු විභාග සම්මන්ත්‍රණය සඳහා ජූලි මස 21 වනදා කැඳවීමට නියම කළා.

වැලිකඩ පොලිසියේ සේවය කළ උප පොලිස් පරීක්ෂකවරයකු ඇතුළු නිලධාරින් තුන්දෙනෙකුට එරෙහිව නීතිපතිවරයා විසින් මෙම නඩුව ගොනුකර තිබේ.

සුධර්මා නෙත්තිකුමාර නම් කාන්තාවකගේ නිවසේ ගෘහ සේවිකාවක් ලෙස රාජ කුමාරි සේවය කොට තිබූ අතර ඇය කරන ලද පැමිණිල්ලක් මත රාජ කුමාරි අත්අඩංගුවට ගෙන තිබුණි.

Share post:

Popular

වෙනත් පුවත්

නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් කෙටුම්පත් කිරීමේ පදනම – සාවිත්‍රි ගුණසේකර

අධිකරණයේ ස්වාධීනත්වය රැකීම, ප්‍රජාතන්ත්‍රවාදී ආණ්ඩුකරණය සහ විධායක ජනාධිපති ක්‍රමය...

“කදුුලැස්ස නිහඞ නැත” සරත් මුණසිංහ ආරචිචි ගේ නවතම කෘතිය

ප්‍රවීණ සාහිත්‍යවේදී සරත් මුණසිංහ ආරචිචි විසින් රචිත නවතම කෘතිය...

අනුරගෙන් තවත් පොරොන්දු කන්දක්

වත්මන් ආණ්ඩුව බලයට පත්ව වසර දෙකක කාලය සම්පූර්ණ වීම...

අඩු වැටුප්වලට අමතරව විරැකියාවෙනුත් අපි ඉදිරියෙන්

මෙරට අවුරුදු 15ත් 24 ත් අතර වයස් කාණ්ඩයේ සිටින...