කැනඩා ස්මාරකයට ආණ්ඩුවේ ප්‍රතිචාරය – ‘ජනසංහාරයක් වුණේ නෑ!’

මෙරට යුද්ධයේ අවසාන භාගයේදී ජනසංහාරයක් සිදු වූ නොවූ බවත් එම චෝදනා ප්‍රතික්ෂේප කරන බවත් ජාතික ජන බලවේග ආණ්ඩුව පවසයි.

කැනඩාවේ දෙමළ ජනසංහාර ස්මාරකය ඉදිකිරීම සම්බන්ධයෙන් විරෝධය පළ කර බව නිවේදනයක් නිකුත් කරමින් විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍යාංශය නිකුත් කළ නිවේදනයකින් අවධාරණය කළේ ශ්‍රී ලංකාව මෙම අසත්‍ය අදහස තරයේ ප්‍රතික්ෂේප කරන බවත් මෙම අදහස ප්‍රධාන වශයෙන් කැනඩාව තුළ මැතිවරණ වාසි තකා ප්‍රචාරය කරන්නක් බවත්ය.

අවසාන යුද්ධයේදී මානව හිමිකම් කඩ වූ බවට චෝදනා සහ වාර්තා රැසක් තිබියදී රජය මෙම ස්ථාවරය ප්‍රකාශ කර තිබීම සම්බන්ධයෙන් බොහෝ පිරිසක් විමතිය පළකර තිබේ.

ශ්‍රී ලංකාවේ පැවැති යුද ගැටුම්වල අවසාන අදියරේදී ජන සංහාරයක් සිදුකළ බවට එල්ල වන චෝදනාව ජාතික හෝ ජාත්‍යන්තර වශයෙන් කිසිදු විශ්වසනීය අධිකාරියක් විසින් සනාථ නොකරන ලද බවත් එය නොමඟ යවන තොරතුරු මත පදනම් වූවක් බව එම නිවේදනයෙන් පෙන්වා දෙයි.

රජය එසේ නිවේදනය කළත්, එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලය, එක්සත් ජාතීන්ගේ සංවිධානය, ජාත්‍යන්තර රතුකුරුස සංවිධානය, ඇමිනෙස්ටි ඉන්ටර්නැෂනල් ඇතුළු මෙම විෂයට අදාල සියලු පිළිගත් ආයතන අවසන් යුද්ධයේදි සිදුවූ අපරාධ පෙන්වා දී තිබේ. ඊට අමතරව මැක්ස්වෙල් පරණගම කොමිසම වැනි රජය පත්කළ කොමිසම් හරහාද යුධ අපරාධ සම්බන්ධ තොරතුරු රැසක් හෙළිව ඇත.

කැනඩාවේ බ්‍රැම්ප්ටන් නුවර චින්ගුඅකවුසි උද්‍යානයේ ඊනියා දෙමළ ජන සංහාර ස්මාරකයක් ඉදිකිරීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකා රජය මෙලෙස තම විරෝධතා පළ කර සිටීමට හේතුවයි.

මෙම ඉදිකිරීම කැනඩාවේ වෙසෙන දෙමළ ශ්‍රීලාංකිකයන් පිරිසක් විසින් ඉදිකර තිබුණි.

Share post:

Popular

More like this
Related

22ට එරෙහි පෙත්සම් අහන්න සම්පූර්ණ විනිසුරු මඩුල්ලක ඉල්ලීම ඉවතට

විසි දෙවන ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පතට අදාලව ඉදිරිපත් කර...

ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරු තුන් දෙනෙකුට එරෙහිව අල්ලස් කොමිසමට පැමිණිල්ලක්..!

එක්ස්ප්‍රස් පර්ල් නෞකාව මූදුබත් වීමේ සිදුවීමට අදාලව, නැව් සමාගමෙන්...

ක්‍රිකට් ක්‍රීඩකයන්ගෙන් ආදායම් බදු අයකර ගැනීමට එරෙහිව පෙත්සමක්

ශ්‍රී ලංකා ජාතික ක්‍රිකට් ක්‍රීඩකයින් බදු අය කරගැනීමේ අරමුණින්...