සල්ලි තියෙනවම් නොමැරී ඉන්න පුළුවන් – පෞද්ගලික මුදලින් නිරෝධායනය වීමට ලාංකිකයන් 100ක් දිවයිනට

ශ්‍රී ලංකා රජයට වැය බරක් ඇති නොවන පරිදි , තම පෞද්ගලික වියදමෙන් පී.සී.ආර්. පරීක්ෂණ සහ නිරෝධායන කටයුතු වල නියැලීමේ අපේක්ෂාවෙන් , ශ්‍රී ලාංකිකයන් 100 දෙනෙකු පෙරේදා හා ඊයේ රටවල් 03 ක සිට පැමිණි ගුවන් යානා 03 කින් කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණි බව ගුවන් තොටුපළ කාර්යය භාර නිලධාරීවරයා පැවසීය .

චීනයේ ෂැංහයි නුවර සිට පැමිණි චයිනා ඊස්ටන් ගුවන් සේවයේ එක් ශ්‍රී ලාංකික ගුවන් මගියෙකු කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණ තිබුණි .

එම ගුවන් යානයෙන් ශ්‍රී ලංකාවේ චීන ආයෝජන ව්‍යපෘති වල සේවය කරන චීන ජාතිකයන් 07 දෙනෙකු ද පැමිණ සිටියහ .

එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ ඩුබායි සිට පැමිණි එමිරේට්ස් ගුවන් සේවයේ ඊ.කේ.- 648 දරන ගුවන් යානයෙන් ශ්‍රී ලාංකිකයන් 76 දෙනෙකු ද කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණ තිබුණි.

කටාර් රාජ්‍යයේ දෝහා සිට පැමිණි කටාර් ගුවන් සේවයේ කිව්.ආර්.- 668 දරන ගුවන් යානයෙන් ද තවත් ශ්‍රී ලාංකිකයන් 23 දෙනෙකු ද කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණ තිබුණි.

මෙම සියලු ශ්‍රී ලාංකික ගුවන් මගීන්ගේ පී.සී.ආර්.පරීක්ෂණ නවලෝක සහ ආසිරි යන පෞද්ගලික රෝහල් මගින් සිදු කළ බවද ගුවන් තොටුපළ කාර්යය භාර නිලධාරීවරයා සඳහන් කළේය.

ඉන්පසුව මෙම ශ්‍රී ලාංකිකයන් සියලු දෙනා නීරෝධායන කටයුතු සදහා සංචාරක හෝටල් වෙත පිටත් වී ගොස් තිබුණි.

මේ සඳහා වැය වන සියලු වියදම් වල වටිනාකම , අදාළ ගුවන් සේවා විසින් එම ශ්‍රී ලාංකිකයන්ගේ ගුවන් ප්‍රවේශ පත්‍ර වෙත එකතු කර ඇති බවද කටුනායක ගුවන් තොටුපළ කාර්යය භාර නිලධාරීවරයා වැඩිදුරටත් පැවසීය.

මේ වනවිට රජය මගින් පවත්වා ගෙන යනු ලබන නිරෝධායන මධ්‍යස්ථාන 72 ක , නිරෝධායනවන්නන්ගෙන් පිරී පවතින නිසා , 7/14 දින සිට රජය මගින් මෙරටට ගෙන්වනු ලබන ශ්‍රී ලාංකිකයන්ගේ පැමිණීම තාවකාලිකව අත්හිටුවා තිබේ.

උපුටා ගැනීම – ‘අද’ වෙබ් අඩවිය

Share post:

Popular

වෙනත් පුවත්

“පොතක් ගැන කතාබහක්”

Gnanasiri koththihoda විසින් රචිත " නව සම සමාජ පක්ෂයේ...

PSTA එකට එරෙහිව ජනතාව දැනුවත් කිරීමට වෘත්තිය සමිති පාරට

වෘත්තිය සමිති ඒකාබද්ධව අද කොටුව දුම්රියපොළ ඉදිරිපිට ජනතාව දැනුවත්...

ජනතාව ත්‍රස්තවාදීන් කරන ආණ්ඩුවේ මර්දන පනත පරාජය කළ යුතුයි.

ත්‍රස්තවාදයෙන් රාජ්‍යය ආරක්ෂා කර ගැනීමේ පනත(PSTA) නමින් ආණ්ඩුව පාර්ලිමේන්තුවට...

ශිරන්තිලා අනුන්ගෙන් ලැබුණු බඩුවලට තමන්ගේ නම ගහලා

චීන රජයෙන් පරිත්‍යාගයක් ලෙස ලැබුණු MRI ස්කෑනර් යන්ත්‍රයක් ,...