ICCPR පනතෙන් අත්අඩංගුවට ගත් නාමල් කුමාර රිමාන්ඩ්

කොළඹ අපරාධ විමර්ශන කොට්ඨාසය සිවිල් හා දේශපාලන අයිතිවාසිකම් පිළිබඳ ජාත්‍යන්තර පනත (ICCPR) යටතේ අත්අඩංගුවට ගත් නාමල් කුමාර නමැත්තා කොළඹ කොටුව අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව ලබන 15 දක්වා රිමාන්ඩ් බන්ධනාගාරගත කර තිබේ.

නාමල් කුමාර නමැත්තා අයි.සී.සී.පී.ආර්. පනත යටතේ ඊයේ ( 1) කොළඹ අපරාධ විමර්ශන කොට්ඨාසය අත්අඩංගුවට ගෙන තිබුණි.

එම කොට්ඨාසයට ප්‍රකාශයක් ලබා දීමට පැමිණි අවස්ථාවේදී නාමල් කුමාර මෙලෙස අත්අඩංගුවට ගත් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක බුද්ධික මනතුංග පවසා ඇත.

කොළඹ අගරදගුරු මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් පිළිබඳව අපහාසාත්මක ප්‍රකාශ නිකුත් කිරීම සහ පාස්කු ප්‍රහාරය පිළිබඳව වැරැදි සහගත තොරතුරු සමාජගත කිරීම යන චෝදනා යටතේ සැකකරු අත්අඩංගුවට ගෙන ඇති බව මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කර තිබේ.

නත්තල් දිනට පෙර දින මොහු සමාජ මාධ්‍යයට නිකුත් කළ ප්‍රකාශ ගැන ජාතික කතෝලික ජන සන්නිවේදන අධ්‍යක්‍ෂ ජූඩ් ක්‍රිෂාන්ත ප්‍රනාන්දු පියතුමන් පැමිණිලි කර තිබූ බව මනතුංග පවසයි.

ආගමික, වාර්ගික සහ ජන සමාජයක ගැටුමක්, වෛරයක් ඇති වන ආකාරයේ ප්‍රකාශ නිකුත් කිරීම නිසාවෙන් 2007 අංක 56 දරන සිවිල් හා දේශපාලන අයිතිවාසිකම් පිළිබඳ ජාත්‍යන්තර පනත (ICCPR) යටතේ අත්අඩංගුවට ගැනීම සිදුකර ඇති බව බුද්ධික මනතුංග වැඩිදුරටත් සඳහන් කර තිබේ.

Share post:

Popular

වෙනත් පුවත්

PSTA එකට එරෙහිව ජනතාව දැනුවත් කිරීමට වෘත්තිය සමිති පාරට

වෘත්තිය සමිති ඒකාබද්ධව අද කොටුව දුම්රියපොළ ඉදිරිපිට ජනතාව දැනුවත්...

ජනතාව ත්‍රස්තවාදීන් කරන ආණ්ඩුවේ මර්දන පනත පරාජය කළ යුතුයි.

ත්‍රස්තවාදයෙන් රාජ්‍යය ආරක්ෂා කර ගැනීමේ පනත(PSTA) නමින් ආණ්ඩුව පාර්ලිමේන්තුවට...

ශිරන්තිලා අනුන්ගෙන් ලැබුණු බඩුවලට තමන්ගේ නම ගහලා

චීන රජයෙන් පරිත්‍යාගයක් ලෙස ලැබුණු MRI ස්කෑනර් යන්ත්‍රයක් ,...

දීපචෙල්වම්ගේ කෘති නිදහස් කරන්නැයි නියෝගයක්

දීපචෙල්වම් ප්‍රදීපන්ගේ නම් ලේඛකයා විසින් රචිත ලද දෙමළ භාෂා...