Breaking News

පළාත් පාලන ආයතනවල බලය අල්ලන්න ගැසූ UNP පූට්ටුව අසාර්ථකයි

පළාත් පාලන ආයතනවල බලය පිහිටුවනවායැයි කියමින් එක්සත් ජාතික පක්ෂය විසින් සංවිධානය කළ සාකච්ඡාවලට අනෙක් විපක්ෂ බලවේග සහය නොදෙන බව පෙනෙන්නට තිබේ.

එම සාකච්ඡාවලට සහභාගී නොවන බව සමගි ජන බලවේගයේ මාධ්‍යට ප්‍රකාශ කර තිබේ.

මැයි 15 වැනිදා පක්ෂ ලේකම්වරුන්ගේ සහභාගීත්වයෙන් සාකච්ඡාවක් පවත්වන බව ප්‍රකාශ කළ නමුත්, එම පක්ෂයේ නියෝජිතයන් පවසා ඇත්තේ කීවේ එවැනි සාකච්ඡාවලට සහභාගී වීමේ තීන්දුවක් පක්ෂය ගෙන නොමැති බවයි.

මැයි 14 වැනිදා පැවති සාකච්ඡාවට නලින් බණ්ඩාර සහභාගී වී තිබුණු නමුත්, එම සාකච්ඡාවලට ඉදිරියේදී සමගි ජන බලවේගය සහභාගී නොවන බව වාර්තා වේ.

එසේම ජාතික ජන බලවේගයට බහුතරය හිමි නොවූ මහනගර සභා, නගර සභා සහ ප්‍රාදේශීය සභා ඇතුළත් සියලු පළාත් පාලන ආයතනවල බලය පිහිටුවීම සඳහා අද (15) දිනයේ පැවැත්වීමට නියමිත සාකච්ඡාව සඳහා සහභාගී නොවන බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ද පවසයි.

කෙසේ වෙතත්, තිරය පසුපස සාකච්ඡා කිරීමට සහ ඒ ඒ පළාත් පාලන ආයතන මට්ටමින් සභාපතිවරුන් සහ නගරාධිපතිවරුන් තෝරා පත්කරන රහස් ඡන්දවලදී විපක්ෂයේ අපේක්ෂකයන්ට පක්ෂව පොදුජන පෙරමුණේ නියෝජිතයන් සහ සමගි ජන බලවේගයේ නියෝජිතයන් ඡන්දය ප්‍රකාශ කිරීමට වැඩි ඉඩකඩක් පවතියි.

මහනගර සභා, නගර සභා සහ ප්‍රාදේශීය සභා ඇතුළත් සියලු පළාත් පාලන ආයතනවල බලය පිහිටුවීම සඳහා විපක්ෂයේ දේශපාලන පක්ෂවල නායකයන් ඊයේ (14) එකඟතාවයකට පැමිණි බව මාධ්‍ය වාර්තා කර තිබුණි.

ඒ අනුව අද පස්වරුව් පක්ෂවල මහලේකම්වරුන්ගේ සාකච්ඡාවක් පැවැත්වීමට නියමිතව තිබුණි.

කෙසේවෙතත් මෙම සාකච්ඡාව සඳහා සහභාගී නොවුණද පළාත් පාලන ආයතන පවත්වාගෙන යෑමේදී උපරිම සහාය ලබාදෙන බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ සඳහන් කරයි.

පළාත් පාලන ආයතනවල බලය පිහිටුවීමේදී කිසිදු දේශපාලන පක්ෂයක් සමග සන්ධානගතවීමට අපේක්ෂා නොකරන බවද ඔවුන් පැවසීය.

leave a reply