සජබ මන්ත්‍රීවරුන් බිලීබා ගන්න කෝටි 120ක් දැනටමත් බෙදලා

රනිල් වික්‍රමසිංහගේ උපදෙස් මත සමගි ජන බලවේගයේ මන්ත්‍රීවරුන් 19 දෙනෙකුට රුපියල් කෝටි 120ක් විමධ්‍යගත යෝජනා හරහා සංවර්ධන කටයුතු සඳහා මේ වන විට ලබාදී ඇතැයි අනාවරණය කරගෙන ඇත.

තවද තවත් මන්ත්‍රීවරුන් සිවුදෙනෙකුට රුපියල් කෝටි 17ක් ලබාදීමේ පොරොත්තු ලේඛනයක් ද ඇති බව ඉරිදා මව්බිම පුවත්පත වාර්තා කර තිබේ.

එම මන්ත්‍රීවරුන් වන්නේ කවින්ද හේෂාන් ජයවර්ධන, අජිත් මාන්නප්පෙරුම, දිලිප් වෙදආරච්චි, ෆයිසාල් කාසිම්, ගයන්ත කරුණාතිලක, එච්. එම්. එම්. හරිස්, හර්ෂ ද සිල්වා, හෙක්ටර් අප්පුහාමි, ඉෂාක් රහුමාන්, ජේ. සී. අලවතුවල, සුජිත් සංජය පෙරේරා, කින්ස් නෙල්සන්, පාඨලී චම්පික රණවක, රාජිත සේනාරත්න, රෝහිණී කුමාරි විජේරත්න, සෙයිඩ් අලි සහීර් මවුලානා, වේලු කුමාර්, ඩබ්ලිව්. එච්. එම්. ධර්මසේන සහ රිෂාඩ් බදියුදීන් ය.

2024 විමධ්‍යගත අයවැය වැඩසටහනින් ප්‍රාදේශීය සංවර්ධන ව්‍යාපෘති කිරීම සඳහා දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටුව මඟින් ඉදිරිපත් කර ඇති යෝජනාවලට අමතරව පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් විසින් ජනාධිපතිවරයා වෙත ඍජුව ම ඉදිරිපත් කර ඇති සංවර්ධන ව්‍යාපෘති යෝජනා ක්‍රියාත්මක කිරීම සඳහා ප්‍රතිපාදන නිදහස් කරන ලෙස ඒ අනුව ජනාධිපතිවරයා උපදෙස් දී ඇතැයි පසුගිය දා අනාවරණය විය.

මුදල්, ආර්ථික ස්ථායිකරණ හා ජාතික ප්‍රතිපත්ති අමාත්‍යංශයේ ලේකම්වරයා විසින් විමධ්‍යගත අය වැය වැඩසටහන 2024 සම්බන්ධව නිකුත් කර ඇති අංක MF/02/2023 හා 2023.12.29 දිනැති මුදල් චක්‍රලේඛය ඇතුළත් විධිවිධානයන් මෙම ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීමේදී අදාළ කර ගත යුතු බව ජනාධිපති ලේකම් විසින් අදාළ මන්ත්‍රීවරුන් දැනුවත් කර ඇත.

මෙම ව්‍යාපෘති හඳුනා ගැනීම සිදුකර ඇති බවත් එම ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීමට ජනාධිපතිවරයා විසින් අනුමැතිය ලබා දී ඇති බැවින් එකී කාර්යයන් හැර ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීම හා අධීක්ෂණය කිරීමේදී අදාළ චක්‍රලේඛයක් මඟින් ලබා දී ඇති උපදෙස් අනුගමනය කළ යුතු බවත් ජනාධිපති ලේකම් ටී.එම්.එස්.බී. ඒකනායක විසින් වැඩිදුරටත් දැනුම් දී ඇත.

තව ද මෙම ප්‍රතිපාදන යටතේ සිදුකරන වියදම් 2024.07.31ට පෙර ගිණුම්ගත කරන ලෙස ද දැනුම් දී ඇත.

කෙසේවෙතත් විපක්ෂ මන්ත්‍රීවරුන් බිලී බා ගැනීම සඳහා මෙළෙස පාවිච්චි වෙමින් ඇත්තේ ජනතාවගේ බදු මුදල් වේ.

Share post:

Popular

වෙනත් පුවත්

අසියානු කුසලාන කාන්තා තීරණාත්මක තරඟ තුන හෙටින් ආරම්භ වේ .

2026 ආසියානු කුසලාන කාන්තා ක්‍රිකට් තරගාවලියේ අවසන් මහා තරගය...

උණට කොත්තමල්ලි බීල ඉන්න බැරිවෙයි වගේ

පසුගියදා ජනාධිපතිවරයා බුලත්සිංහල පැවති රැස්වීමකදී හිතුන හිතුන වෙලාවට රෝහල්වලට...

විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ගේ වර්ජනයට විසඳුම් නැත්නම් අඛන්ඩ ක්‍රියාමාර්ගයකට

ඉල්ලීම් කිහිපයක් මුල් කරගෙන රජයේ සියලු විශ්වවිද්‍යාලවල ආචාර්යවරුන් අද...

වසර 38ට පස්සේ ඉන්දියන් ආරක්ෂක ඇමති එන හේතුව

වසර 38කට පසු ඉන්දියාවේ ආරක්ෂක ඇමතිවරයෙක් ලංකාවට පැමිණෙන්නේ දෙරටේ...