කොළඹ පුරපති පුටුවට තරඟය තවදුරටත්

කොළඹ මහ නගර සභාවේ පුරපති සහ නියෝජ්‍ය පුරපති තේරීම සඳහා ඡන්ද විමසීම ලබන මස 2 වැනිදා පැවැත්වීමට නියමිත බව ලංකාදිප පුවත්පත වාර්තා කර තිබේ.

මෙම ඡන්ද විමසීම පවත්වනු ලබන්නේ පළාත් පාලන කොමසාරිස්වරයා විසින් බව පැවසේ.

පුරපති ධූරය සහ නියෝජ්‍ය පුරපති ධූරයට සුදුසු අය ඡන්දයකින් තෝරා ගැනීමට සිදුව ඇත්තේ කිසිම තනි පක්‍ෂයක් සියයකට පනහකට වඩා ඡන්ද ප්‍රතිශතයක් ලබාගෙන නොමැති වීම නිසයි.

මේ අනුව පළාත් පාලන කොමසාරිස්වරයා පවත්වන ඡන්ද විමසීමේදී සියයට50 කට වැඩි ඡන්ද ප්‍රතිශතයක් ලබාගන්නා ආණ්ඩුවේ හෝ විපක්ෂයේ අපේක්ෂකයාට නගරාධිපතිවරයා වීමේ හැකියාව පවතියි.

පසුගිය පළාත් පාලන මැතිවරණයේදී කොළඹ මහනගර සභාවට ජාතික ජන බලවේගයෙන් තේරී පත් වූ මන්ත්‍රීවරුන් සංඛ්‍යාව 48කි.

සමගි ජන බලවේගය ඇතුළු විපක්ෂයෙන් එම සභාවට සභිකයෝ 69 දෙනෙක් තේරී පත්ව සිටින අතර මේ අනුව කොළඹ නගර සභාවට වැඩි සභිකයන් සංඛ්‍යාවක් සිටින්නේ විපක්ෂයේයි.

මේ අතර කොළඹ නගර සභාවේ පාලන බලය ගැනීමට ආණ්ඩු පක්ෂයත් විපක්ෂයත් දැඩි තරගයක ඇතිව තිබේ.

කොළඹ මහ නගර සභාවේ පාලන බලය සම්බන්ධයෙන් අදහස් දක්වන සමග ජන බලවේගයේ කොළඹ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී මුජිබර් රහුමාන් ප්‍රකාශ කරන්නේ සභිකයන් බහුතරය ඇති හෙයින් පාලන බලය ලබා ගැනීමට අයිතිය ඇත්තේ විපක්ෂයට බවයි.

ජාතික ජන බලවේගය සභිකයන් 48 දෙනෙකු දිනා ගත්තද සියයට පනහ සීමාව ඉක්මවීමට ඔවුන් අපොහොසත් වූ ඔහු පවසයි.

කොළඹ මහ නගර සභාවේ පාලන බලය සම්බන්ධයෙන් අදහස් දක්වන නියෝජ්‍ය අමාත්‍ය නීතිඥ සුනිල් වටගල පවසන්නේ තනි පක්ෂයක් හැටියට වැඩිම සභිකයන් දිනාගෙන ඇත්තේ ජාතික ජන බලවේගය හෙයින් පාලන බලය පිහිටුවීමට වැඩි අයිතිය ඇත්තේ තම පක්ෂයට බවයි.

Share post:

Popular

වෙනත් පුවත්

“සටන් බිම තුළ කොටු කළ ස්ත්‍රිය” අනාවරණය කරන්නේ පිරිමි නිරුවතයි.

ධම්මිකාට මා කතා කළේ ඇගේ කෘතිය ඉල්ලා ගැනීමටය. මන්...

පොහොර වංචාවක් ගැන ගොවීන්ගෙන් ලාල්ට එරෙහිව පැමිණිල්ලක්

රුපියල් බිලියන 2 ක පොහොර වංචාවක් සිදුකර ඇති බවට...

ආණ්ඩුව මේ වන විට හතරවතාවක් ගොවියන් ව රැවටුවා – දුමින්ද නාගමුව

ගොවි ගැටලුවලට විසඳුම් විසඳුම් දෙන බව පවසා ආණ්ඩුව මේ...

පෞද්ගලික සමාගම්වලින් ඉන්ධන මිල වැඩිකරන්න බලපෑම්

ලෝක ඉන්ධන මිල ගණන්වල සිදුවන උච්චාවචනයන් හේතුවෙන් ගොඩබෑමේ පිරිවැය...