ගුරු සේවය අත්‍යවශ්‍ය සේවාවක් කරන්න කලින් පාසල්වලට අත්‍යවශ්‍ය පහසුකම් දෙන්න – ජෝසප් ස්ටාලින්

Date:

ගුරුවරුන්ගේ සහ විදුහල්පතිවරුන්ගේ සේවය අත්‍යාවශ්‍ය සේවා ලෙස ප්‍රකාශයට පත් කිරීමේ ජනාධිපතිවරයාගේ ප්‍රකාශය හෙළා දකින අතර ලංකා ගුරු සංගමයේ (CTU) ප්‍රධාන ලේකම් ජෝසප් ස්ටාලින් කියා සිටියේ මෙම සේවාවන් අත්‍යවශ්‍ය සේවා ලෙස ප්‍රකාශයට පත් කිරීමට පෙර පාසල්වල අත්‍යවශ්‍ය අවශ්‍යතා සපුරන ලෙසයි.

ඔහු ඩේලි මිරර් පුවත්පත පවසා ඇත්තේ පාසල් සිසුන්ගේ අවශ්‍යතා කිසිවක් ලබා නොදෙන බවයි. දරුවන්ගේ අධ්‍යාපනයේ බර දෙමාපියන් මත පැටවී ඇති බවද ඔහු පවසා තිබේ.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහනුවරදී අස්ගිරි සහ මල්වතු පාර්ශවයේ මහනාහිමිවරුන් බැහැ දැකීමට ගිය අවස්ථාවේදී ප්‍රකාශ කළේ ගුරුවරුන්ගේ සහ විදුහල්පතිවරුන්ගේ සේවය අත්‍යවශ්‍ය සේවා ලෙස නම් කිරීමට අවශ්‍ය පියවර ගන්නා බවයි.

පාසල් සිසුන්ගේ අවශ්‍යතා ඉටු නොකර, අවශ්‍ය පහසුකම් ලබා නොදී, පාසල් දරුවන්ට උගන්වන්නේ නැති බවට ගුරුවරුන්ට හා විදුහල්පතිවරුන්ට දොස් පැවරීම කිසිසේත් අනුමත කළ නොහැකි බව ජෝශප් ස්ටාලින් අවධාරණය කර තිබේ.

දෙමළ, මුස්ලිම් සහ පෞද්ගලික පාසල්වල අධ්‍යාපනය අඛණ්ඩව පවත්වාගෙන යාමට ඇති කැපවීම වර්ණනා කරමින් “මේ තත්ත්වය දකින්නට ලැබෙන්නේ සිංහල පාසල්වල පමණයි” වැනි ප්‍රකාශයන් ජාතිවාදය පෝෂණය කිරීමක් බවද ඔහු පවසා තිබේ.

දෙමළ සහ මුස්ලිම් ජනගහනයෙන් බහුතරයක් වෙසෙන උතුරු හා නැගෙනහිර පළාත්වල පවා දෙදින වර්ජනය සාර්ථකව සිදුවූ බව ජෝශප් ස්ටාලින් පවසා තිබේ.

කෙසේ වෙතත්, ගුරුවරුන් නැවත සේවයට යාමට තීරණය කළේ ජනාධිපතිවරයාට ඇති බිය නිසා හෝ වැඩබලන අධ්‍යාපන අමාත්‍ය බන්දුල ගුණවර්ධන කළ ඉල්ලීම නිසා නොවන බව ස්ටාලින් පැවසීය.

Share post:

Popular

More like this
Related

දූෂණ විරෝධී පනතට ගෙන ආ නව සංශෝධන ජනතා ජයග්‍රහණ ආපසු හැරවීමක්

අතිගරු ජනාධිපති අනුර කුමාර දිසානායක මැතිතුමා,2026.08.24ජනාධිපති කාර්යාලය,කොළඹ 01. ගරු ජනාධිපතිතුමනි, දූෂණ...

පල්ලෙගම ගැන සාක්ෂි ලැබුනත් විශේෂ සැළකිලිවල වෙනසක් නැහැ

විනිසුරුවරයාට අධිකරණ භූමියට ඇතුල් වීමට ඇති ගේට්ටුවෙන් හිටපු අටමස්ථානාධිපති...

සිංහබාහු සර්වකාලීන නාට්‍යයක් – ලලිතා සරච්චන්ද්‍ර කියයි

මහාචාර්ය එදීරිවීර සරච්චන්ද්‍රගේ 30 වන ගුණාස්මරණය පසුගිය අගෝස්තු 16දා...