නීල් ක‍්‍රිස්ටෝපර්
ඊනියා සමාජවාදී යථාර්තවාදය සෝවියට් දේශයේ ‘නිල’ සාභිත්‍ය කලා දෘෂ්ටිවාදය වූ සන්දර්භයෙහි හතු පිපුණේ ඔක්තෝබර් විප්ලවයට පසු ස්ටැලින්ගේ අධිකාරවාදය යටතේ විපර්යාසයට ලක් වුණු ‘සෝවියට්’ සමාජය වීරාභිවාදනයට හා උත්කර්ෂණයට නැංවුණු නිර්මාණය යි. එම අධිකාරිවාදී පාලනය තුළ එ කී මනෝ මායාව ම පලිප්පු ලා නිරූපණය කිරීම ‘සද්’ කලා දෘෂ්ටිවාදය විය. එම දෘෂ්ටිවාදී බන්ධානාගාරයෙන් ඉවත් ව අදීන නිර්මාණ බිහි කිරීම ‘දේශ ද්‍රෝහී’, ‘ප‍්‍රතිගාමී’ කාර්යයක් ලෙස සැලැකුණා පමණක් නො ව තත් නිර්මාණකරුවෝ අතිශය කෲර වධ බන්ධනවලට ලක් ව ඝාතනය වූ හ: පිටුවහල් කැරුණ හ: ස්වයං – පිටුවාහල් වීමට බල කැරුණ හ. 1935 මාර්තු 15 දා සෝවියට් රහස් පොලීසිය විසින් අත්අඩංගුවට ගැනුණු ඉසාක් බාබෙල් අබිරහස් ලෙස වෙඩි තබා මරා දැමුණු අතර සත්‍ය වශයෙන් ම සිදු වූයේ කිමෙක් දැ යි අනාවරණය වන්නට පටන් ගත්තේ 1954 සිට ය

බාබෙල්ට ස්ටැලින්වාදී තන්ත‍්‍රයෙන් නිර්ලජ්ජිත එල්ල කෙරුණු චෝදනාව වූයේ ඔත්තුකරුවකු ලෙස ක‍්‍රියා කිරීම යි. වාර්තා වන අන්දමට බාබෙල් අවසානයේ මෙ සේ කියා ඇත: ‘‘මම නිර්දෝෂී යි. මම කිසි විට ඔත්තුකරුවෙක් නො වූයෙමි. මම ව්‍යාජ ලෙස මට ම චෝදනා කැර ගතිමි. මටත් අනෙක් අයටත් අසත්‍ය ලෙස චෝදනා කරන ලෙස බල කැරිණි … මා ඉල්ලා සිටින්නේ එක් දෙයක් පමණි – මට මගේ කාර්යය සම්පූර්ණ කරන්නට ඉඩ දෙන්න.’’ බාබෙල්ගේ කාර්යය කෙ සේ වෙතත් ඔහු අරබයා ස්ටැලින්වාදී කාර්යය සම්පූර්ණ කැරිණි: ඔහු මරා දැමිණි.
ඉසාක් බාබෙල් පාලන තන්ත‍්‍රයේ අක‍්‍රිය ක්ෂමාලාපකයකු ලෙස ආරම්භයේ සිට ම නොසිටි බව 1920 දී යුද තොරතුරු සන්නිවේදකයකු ලෙස ක‍්‍රියා කරමින් සිය දින පොතේ සඳහන් කළ කරුණුවලින් පෙනේ: ‘‘යුක්තිය වෙනුවෙන් සටන් කරන බව ඔවුන් සියල්ලන් ම පැවැසුවත්, ඔවුහු කොල්ල කති. මිනීමරුවන්ගේ අධම භාවයත්, අපරාධකාරී භාවයත්, ඝාතනත් ඉවැසිය නො හැකි ය. හමුදා නිලධරයාන්, මමත් අසුන් පිට යමින් ඔවුන්ට ආයාචනාය කළේ සිරකරුවන් ඝාතනය නොකරන ලෙස යි.’’ බාබෙල්ගේ ‘රතු අසුරු බල ඇණිය’ නිර්මාණය වනුයේ එම අද්දකීම් පාදක කැර ගෙන යි.
බාබෙල් කෙටිකතාකරුවෙක් ද, නාට්‍ය රචකයෙක් ද, චිත‍්‍රපට තිර නාටක රචකයෙක් ද වූ යේ ය. ඔහු සිනමාවේ පුරෝගාමී, විශ්ව කීර්තිධර සර්ගෙයි අයිසන්ටයින් සමඟ සහයෝගී ව චිත‍්‍රපට තිර නාටක ලිවී ය. 45 වැනි වියේ දී ඝාතනය වූ වත් ඔහු විසින් සම්පාදිත නිර්මාණ සංඛ්‍යාව ඔහුගේ ආයු කාලයට සාපේක්ෂක ව විශාල වෙයි.
මනෝ ප‍්‍රනාන්දු විසින් පරිවර්තනය කැරුණු ‘රුසියානු සම්භාව්‍ය ලේඛක ඉසාක් බාබෙල්ගේ තෝරා කෙටි කතා’ සංග‍්‍රහයෙහි ඇතුළත් වනුයේ (Naturalistic) works of Isaac Babel නම් වූ එකතුවෙන් ගත් කෙටිකතා විස්සෙකි. ඒවායින් ප‍්‍රකාශිත මුඛය ලක්ෂණය වනුයේ බාබෙල් ස්වභාවිකවාදී (භ්එමර්කසිඑසජ) ආඛ්‍යාන ශෛලීය පදනම් කැර ගන්නා බව යි: ඔහු භාෂාත්මක විභූෂණයට ආවරණය නො වී සිද්ධියක සජීවී ගලා යෑමට ක‍්‍රියා කරන බව යි. ඒ නිසා ම පාඨකයා හට ඔහුගේ තේමාත්මක හරයට ප‍්‍රවේශ වීම දුෂ්කර නො වේ. ඔහුගේ ආඛ්‍යාන ශෛලීය කතාවෙන් කතාවට වෙනස් වේ. ඉංග‍්‍රීසි පරිවර්තක පීටර් කොන්ස්ටන්ටයින් ප‍්‍රකාශ කරන්නේ පෲෂ්ටියානු, චොකොවියානු, නබොකොවියානු වශයෙන් අපට ශෛලීන් හඳුනා ගත වූවත් බාබෙලියානු ශෛලීය වශයෙන් කිසිවක් නිර්වචනය කිරීම දුෂ්කර බව යි. මනෝ ප‍්‍රනාන්දු එම බහු ස්වරූපී භාවය වටහා ගන්නට උත්සාහ දරා ඇති බව පෙනේ.
‘වෙනස් විදියේ ආදර කතාවක්’ යන නිර්මාණයෙන් ඩූඩූ නමැති තරුණ හෙදියකගේ අව්‍යාජ චරිත ස්වභාවය නිරූපණය කෙරේ. බාබෙල් ඇගේ චරිතයෙන් පෙන්වන්නේ සම්මත කායික සෞන්දර්යය අතික‍්‍රමණය කළ මානුෂවාදී සෙනෙහසින් රෝගීන් දෙස බලන සරල, නිබොරු දිවි දැක්මක් ඇති යෞවනියකගේ ආත්මය යි: ‘‘ඇය ඔවුන් රැුක බලා ගත්තේ හරියට ඔවුන්ගේ සේවිකාවක මෙනි. එක් අවස්ථාවක ප‍්‍රධාන ශල්‍ය වෛද්‍යවරයා ශාලාව මැදින් ගමන් කරමින් සිටිය දී ඩූඩූ ඇගේ දණහිස් බිම ඔබා ගෙන, ඩයිබා නම් වසූරී කැළල් සහිත උදාසීන කුඩා මිනිසාගේ යට කලිසමේ බොත්තම් තද කිරීමට වැර දරමින් සිටිනු දක්නා ලදි. ‘‘ඩයිබා, උඹට ලැජ්ජා නැද්ද ?’’ යි ශල්‍ය වෛද්‍යවරයා ශබ්ද නඟා ඇසුවේ ය. ‘‘උඹ ඒ වැඬේ මිනිහකු ලවා යි කරවන්න ඕන.’’ ඩූඩූ සන්සුන් ව නැගී සිටියා ය. ඉනික්බිත්තෙන් ඇය තම කුලූණු බර මුහුණ හරවා, ‘‘දොස්තර මහත්තයා, ඔයා හිතනවා ද මීට පෙර මම මිනිහෙකු යට කලිසම පිටින් ඉන්නවා දැකලා නැහැ කියල යි විමසුවා ය.’’
ඩූඩූට පා දෙක ම පොඩි පට්ටම් වී තිබුණු. ශක්තිමත් උඩු කයක් ඇති ගුවන් නැවියකු එම රෝහලේ දී මුණ ගැසේ. ඔහුගේ ශෝචනීය තත්ත්වයෙන් ඇගේ දයාර්ද්‍ර හෘදය ප‍්‍රකම්පිත වෙයි: ඇය ඔහුගේ සරාගී ආදරය වෙනුවෙන් ඔහු කායික ව තෘප්තිමත් කරන්නට ප‍්‍රවේශ වන්නේ නොපැකිළුණු මනසකිනි. එහි ප‍්‍රතිඑල වශයෙන් ඇයට රැුකියාව අහිමි වෙයි. ගුවන් නැවියා තනි වීම ඇයට මහත් දුකෙකි. ඇය කථකයාට මෙ සේ කියයි: ‘‘එයාට හොඳට ම සීතල යි, එයා මැරේවි. එයා ඉන්නේ තනියෙන්, එයා මගෙන් අයදිනවා. මම මොනවා ද කරන්නේ ඕනෑ’’ යි විමසුවා ය.
පීටර් කොන්ස්ටන්ටයින් දක්වන ආකාරයට එ කල සියලූ තලයන්හි සිදු වූ සමාජ සංක්ෂෝභ, අධිරාජ්‍යවාදී තොරතුරු වාරණය අහෝසි කිරීම, නොවහල් භාවය පිළිබඳ නව හැඟීම මායාකොව්ස්කි, පැස්ටර්නැක්, සම්යාතීන්, බුල්ගකෝව් වැනි බාබෙල්ගේ පරම්පරාවේ ලේඛකයන් අභිප්‍රේරණය කළ අතර ඔවුහු පෙර නොවූ විරූ ජවයෙකින් නව තේමා පිළිබඳ නව මංවලින් ලියූ හ. බාබෙල් ද මහත් උද්යෝගයෙන් ඒ මඟ ගති. ඔහුගේ තේමාවෝ තත් කාලීන කෲර යථාර්ථය ග‍්‍රහණය කර ගත් හ. මනෝ ප‍්‍රනාන්දු විසින් පරිවර්තනය කැරුණු මෙම කෙටි කතා සම්මුචය තුළ ගැබ්බර සිය සොහොයුරිය ගබ්සා කරන්නට උදව් කරන නව යොවුන් තරුණියක (බෝඩිමේ කල දවස) ද, ස්ත‍්‍රී දුෂණය සරල සිදුවීමක් (දුෂකයෝ) ලෙස ද, වර්ගවාදී උම්මත්තක භාවය ගුරුවරයෙකු මරා දමා, ඔහුගේ ලිංගික අවයව කපා ගුලි කොට ඔහුගේ බිරි`දගේ කටේ ඔබන මට්ටමට තිරිසන් වීම (ජාත්‍යාලය) ද අප දකින්නේ එ හෙයිනි.
මෙම නිර්මාණ සංග‍්‍රහයෙහි ‘සමූහ ගොවිපොළ’ යනු බසාක් බාබෙල් විසින් ලියැවුණු නවකථාවක ප‍්‍රථම පරිච්ෙඡ්දය යැ යි කියැවේ. ඔහුගේ ජීවිත කාලය තුළ ප‍්‍රකාශයට පත් නොවුණු මෙම නවකථාවෙහි පරිච්ෙඡ්ද දෙකක් පමණක් සොයා ගත හැකි වූ බවත් සඳහන් ය. නවකථාව ස්ටැලින් විසින් බලත්කාරයෙන් ක‍්‍රියාත්මක කිරීමට වැර දැරුණු ‘සාමූහීකරණය’ පදනම් කොට ලියැවී ඇති බවත් සඳහන් ය. එම කෘතියට අත් වූයේ කවර ඉරණමෙක් ද යන කරුණ පසෙක ලා, නිර්මාණාත්මක පරිකල්පනයට ස්ටැලින්වාදී පාලන තන්ත‍්‍රයෙන් උරුම වූ හුස්ම හිරකරවනසුලූ ඉරණම කෙරෙහි අවධානය යොමු කළොත් නිහඬ කරවීමේ කුමන්ත‍්‍රණය තුළ යථාර්ථය ඥානනයේ ධාරිතාව පුළුල් කරන සද් සාභිත්‍ය කෘති කොපමණක් අප‍්‍රකාශිත ව මරණය කරා ඇද – ගෙන යන්නට ඇද්දැ යි අනුමාන කළ හැකි ය.
වීරාභිවාදනයටත්, නිලධරවාදී පාලනය උත්කර්ෂණයටත් කොටු වුණු ‘සෝවියට්’ සාභිත්‍යයේ ඒක පාර්ශ්වීයත්වයට අභියෝග කරන නිර්මාණ සංග‍්‍රහයක් සිංහල පාඨකයාට දායාද කිරීම පිළිබඳ මනෝ ප‍්‍රනාන්දු පාඨක ප‍්‍රශංසාවට ලක් විය යුතු ය.






