නොරොච්චෝලේ ගල් අඟුරු බලාගාරයේ වත්මන් තත්ත්වය පිළිබඳව දැනුවත් කිරීමට රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව විසින් පවත්වන්නට නියමිතව තිබූ මාධ්‍ය සාකච්ඡාව ජනවාරි 19 වන දා පවත්වන්නට නොහැකි බව දන්වමින් මධ්‍ය වෙත නිවේදනයක් නිකුත් කර තිබුණා.
මෙම මාධ්‍ය සාකච්ඡාවට සහභාගී වීමට සූදානම්ව සිටි අය ලෙස සඳහන් වන්නේ ඉංජිනේරු පී.ඩබ්. බමුණුසිංහ මහතා – කළමණාකරු, ලක්විජය විදුලි බලාගාරය ඉංජිනේරු තුෂාන්ත අබේකෝන් මහතා – නියෝජ්‍ය කළමණාකරු, ලක්විජය විදුලි බලාගාරය යන පුද්ගලයන්ය. පවත්වන්නට නියමිතව තිබුණු මාධ්‍ය සාකච්ඡාව නොපවත්වන්නේ කිනම් කරුණක් මත පදනම්වද කියන එකක සඳහන් කර නොතිබුණත්ඉතාමත් නුදුරු දිනයක ඔවුන්ට අනිවාර්යෙන්ම මාධ්‍ය සාකච්ඡාවක් පවත්වන්නට සිදුවෙනවා.
තත්ත්වයෙන් බාල ගල් අඟුරු ගෙන ආවා යයි කියන චෝදනාවට පිළිතුරු ලබාදීම සඳහා ඔවුන්ට නොදුරේදීම නැවතත් මාධ්‍ය සාකච්ඡාවක් පවත්වන්නට සිදුවෙනවා.
පසුගිය අඟහරුවාදා ජනවාරි 13 වනදා කැබිනට් තීන්දු තීරණ දැනුම් දීමේ මාධ්‍ය හමුවේදී මාධ්‍යවේදීන් තත්ත්වයෙන් බාල ගල් අඟුරු ගෙන ආවා යයි චෝදනා ලැබ තියෙන ප්‍රශ්නය පිළිබඳව ප්‍රශ්නන කළා. කැබිනට් මාධ්‍ය ප්‍රකාශක වෛද්‍ය නලින්ද ජයතිස්ස එහිදී කියා සිටියේ ගල් අඟුරු වල තත්ව පරීක්ෂණ වාර්තාව ජනවාරි 16 වන දා ලැබීමට නියමිතයි ඉන් අනතුරුව ඒ පිළිබඳව දැනුම් දෙන බවයි. එම ප්‍රකාශයෙන් පසු සතියක් ඉක්ම යන්නට ආසන්නව තිබියදී නැවතත් හෙට දිනයේදී කැබිනට් ප්‍රකාශක නලින්දට මේ පැනයට මුහුණ දීමට සිද්ධ වෙනවා.
ප්‍රශ්න ගත ගල් අඟුරු පිළිබඳව පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ අධ්‍යාපන ලේකම් පුබුදු ජයගොඩ කළ අනාවරණය.
“ඉන්දියාවේ Trident Chempher සමාගමෙන් ගෙවූ ප්‍රශ්නගත ගල් අඟුරු තොගය සම්බන්ධයෙන් නොරොචෝලේ ලක් විජය බලාගාරයට අනුබද්ධ බල ශක්ති අමාත්‍යාංශයේ රසායනාගාරය ලබා Cotecna නම් දුන් වාර්තාව නිවැරැදි නොවන බව කියමින් රජය ගල් අඟුරු සාම්පල් ඉන්දියාවේ පිහිටි නෙදර්ලන්ත සමාගමකට අයත් රසායනාගාරයකට යොමු කළා. එම රසායනාගාර වාර්තාව ජනවාරි 16 වෙනිදා ලැබෙන බව කැබිනට් මාධ්‍ය ප්‍රකාශක නලින්ද ජයතිස්ස පසුගිය සතියේ කැබිනට් මාධ්‍ය හමුවේදී ප්‍රකාශ කළා. නමුත් මේ වනතුරුත් එම වාර්තාව ලැබී නැහැ. එය නොලැබීමට හේතුව එම රසායනාගාරය මෙම ගල් අඟුරු ප්‍රමිතියෙන් බාල බවත්, ඒවා මගින් පරිසරයට හා බලාගාරයේ යන්ත්‍ර වලට හානි සිදුවිය හැකි බවත් එහි සඳහන් කරලා තියෙන නිසා. ඉන්දියාවේ පිහිටි රසායනාගාරයකිනුත් එම ප්‍රතිඵලයම තහවුරු කර ඇති බව අපට දැන ගන්නට ලැබුණා.
මෙම ගල් අඟුරු තොගය සම්බන්ධයෙන් ව්‍යාජ වාර්තාවක් නිකුත් කළත්, එය මේ වසරේ අවසානයේදී හෙළිදරව් වෙනවා. අපට ලැබුණු ගල් අඟුරු මෙට්‍රික් ටොන් ප්‍රමාණයත්, එයින් නිෂ්පාදිතවිදුලි බල ශක්තියත් සන්සන්දනය කර ගණන් බැලූ විට, ගල් අඟුරු කිලෝ ග්‍රෑමයකින් ජනනය වූ කිලෝ කැලරි ප්‍රමාණය, එනම් එහි ප්‍රමිතිය ගණනය කරන්න පුළුවන්. ඒ නිසා අපි අදාළ නෙදර්ලන්ත සමාගමෙන් ඉල්ලා සිටිනවා, දේශපාලන බලපෑම් මත ව්‍යාජ දත්ත නිකුත් කර, සිය රසායනාගාරයේ කීර්ති නාමය විනාශ කර නොගන්නා ලෙස. ඒ වගේම අපි ජනාධිපතිවරයාගෙන් ඉල්ලා සිටිනවා, කලින් පැවැති ආණ්ඩු සිදු කළ ආකාරයට දුෂිතයන් ආරක්ෂා නොකර, අපක්ෂපාතී පරීක්ෂණයක් පවත්වා, වගකිව යුත්තන් සම්බන්ධයෙන් නීතිය ක්‍රියාවේ යොදවන ලෙස “






