Breaking News

එංගලන්තයේ දරුවන්ට සමාජ මාධ්‍ය තහනම් කරන්නැයි ඉල්ලීමක්

A woman checks the Facebook Inc. site on her smartphone whilst standing against an illuminated wall bearing the Facebook Inc. logo in this arranged photograph in London, U.K., on Wednesday, Dec. 23, 2015. Facebook Inc.s WhatsApp messaging service, with more than 100 million local users, is the most-used app in Brazil, according to an Ibope poll published on Dec. 15. Photographer: Chris Ratcliffe/Bloomberg via Getty Images

එංගලන්තය තුළ අවුරුදු 16 ට අඩු අයට සමාජ මාධ්‍ය වේදිකා වලට පිවිසීම තහනම් කරන ලෙස එංගලන්තයේ කම්කරු පක්ෂයේ මන්ත්‍රීවරුන් 60 කට වැඩි පිරිසක් චංගලන්ත අගමැතිගෙන් ඉල්ලා තිබේ.

එංගලන්ත අග්‍රමාත්‍ය සර් කීර් ස්ටාර්මර් වෙත විවෘත ලිපියක් යවමින් මන්ත්‍රීවරුන් 61කු කියා සිටියේ “අනුප්‍රාප්තික රජයන්” “තරුණයින්. නියාමනය නොකළ, ඇබ්බැහි කරවන සමාජ මාධ්‍ය වේදිකා වලින්” ආරක්ෂා කිරීමට ඉතා සුළු දෙයක් කර ඇති බවයි.

දෙසැම්බර් මාසයේදී තහනමක් ගෙන ආ ඕස්ට්‍රේලියාවේ ආදර්ශය අනුගමනය කරන ලෙස ඔවුන් එංගලන්ත අගමැතිගෙන් ඉල්ලා සිටියි. සියලු විකල්ප මේසය මත තිබේ” යැයි පවසමින් සර් කීර් තහනමක් හඳුන්වා දීම ප්‍රතික්ෂේප කර නැත.

අවුරුදු 16ට අඩු දරුවන්ට සමාජ මාධ්‍ය වේදිකා වලට පිවිසීම තහනම් කිරීමට ලෝකයේ තවත් රටවල් කිහිපයක් සලකා බලමින් සිටින බව පැවසේ.

දියුණු යයි සම්මත ලෝකයේ බොහෝ රටවල් සමාජ මාධ්‍යවලින් දරුවන් ඈත් කර තැබීම සහ දුරකථනවලින් දරුවන් ඈත් කර තැබීම ගැන සංවාද පවත්වමින් අවශ්‍ය ක්‍රියාමර්ග ගනිමින් සිටියි. එවැනි පසුබිමක ලංකාවේ දරුවන්ට අධ්‍යාපනය සඳහා දුරකථන අත්‍යවශ්‍ය වෙන ආකාරයේ අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ගෙන ඒමට ආණ්ඩුව සූදානමින් සිටියි. ආණ්ඩුව පවසන්නේ එය නූතන අධ්‍යාපන ක්‍රමවේදයක් බවයි. දැන් පෙනෙන්නට තිබෙන්නේ එය නූතන නොව ආපස්සට ගමන් කිරීමක් බවයි.

leave a reply