රාජ්‍ය පරිපාලන ඇමැතිගේ මරු විහිලුව

පුත්තලම දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේදී පසුගියදා පැවැති දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටු රැස්වීමේදී රිළා උවදුර සහ මොනරුන්ගේ උවදුර පහව යනතුරු කුකුල්මස් (බ්‍රොයිලර්) නිෂ්පාදනය නවතා දෙන්න බැරිද යන්න තමා විමසා සිටියේ රිළා සහ මොනර මස් ආහාරයට ගත යුතුයි යන අදහසින් නොවන බව රාජ්‍ය පරිපාලන ඇමැති මහාචාර්ය චන්දන අබේරත්න පැවැසීය.

 

තමා එවැන්නක් ප්‍රකාශ කළේ විහිළුවට බවත් විහිළුවක් තේරුම් ගැනීමට නොහැකි අයවලුන් සිටීම කනගාටුවට කරුණක් බවත් ඇමැතිවරයා සඳහන් කළේය.

 

මෙම රැස්වීම සඳහා ආණ්ඩුකාරවරයා සහ පරිසර නියෝජ්‍ය අමාත්‍ය ඇන්ටන් සරත් ජයකොඩි ඇතුළු ජාතික ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රිවරුන් සහ සමගි ජන බලවේගයේ මන්ත්‍රිවරුන් වන හෙක්ටර් අප්පුහාමි සහ ජනත් චිත්‍රාල් ප්‍රනාන්දු සහභාගී වූහ.

 

එහිදී රාජ්‍ය පරිපාලන අමාත්‍යවරයා රිළා උවදුර සහ මොනරුන්ගේ උවදුර පහව යනතුරු කුකුල්මස් (බ්‍රොයිලර්) නිෂ්පාදනය නවතා දෙන්න බැරිද යන්න විමසා සිටියේ සභාවේ සියල්ලන් සිනා සාගරයේ ගිල්වමිනි.

 

කෙසේ වෙතත් රැස්වීමෙන් අනතුරුව ඒ පිළිබඳව ඇමැතිවරයාගෙන් විමසීමේදී මෙසේ පැවැසීය.

 

“එයින් රිළා මස් මොනර මස් ආහාරයට ගන්න කියලා අදහස් කළේ නැහැ. විහිළුවක් තේරුම් ගැනීමට නොහැකි අයවලුන් සිටීම කනගාටුවට කරුණක්. රිළා මොනර ප්‍රශ්නයට කඩිනමින් යටි වගාවන් ආරම්භ කරනවා.”

රාජ්‍ය පරිපාලන ඇමැතිවරයා මෙම ප්‍රකාශය විහිළුවට කළ බව පැවසුව ආණ්ඩුව නියෝජනය කරන ඇමැතිවරු වන සතුන් සම්බන්ධයෙන් අදහස් පළකල පළමු අවස්ථාව මෙය නොවේ. ලාල් කාන්ත ඇමැතිවරයා ද මීට සමාන අදහසක් වන සතුන් සම්බන්ධයෙන් පල කර තිබුණි. රාජ්‍ය පරිපාලන ඇමතිවරයා මේ ඔහු කියන ආකාරයේ විහිළුව පවසන්නේ පෞද්ගලික මිතුරු හමුවකදි නොව නිල රැස්වීමක දී යි. නිල රැස්වීම් යනු විහිළු කරන් තැන් නොවන බව ඇමැතිවරයා නොදන්නවා නම් එයද ප්‍රශ්නයකි. අපටනම් සිතෙන හැටියට මේ විහිළු ලෙස හෝ මේ එළියට පනින්නේ ආණ්ඩුවේ වන සතුන් සම්බන්ධයෙන් තිබෙන ප්‍රතිපත්තියයි.

Share post:

Popular

වෙනත් පුවත්

අතුරුදහන්වූවන්ට සාධාරණය ඉටු කිරීමට ආණ්ඩුවට මතක් කරමු!

අතුරුදහන්වූවන්ට සාධාරණය ඉටු කිරීම තුළින් නැවත එවැනි අපරාධ සිදුවීම...

මිලියනයකට ආසන්න ප්‍රංශ ජනතාවක් අද පාරට බැහැලා .

මැක්‍රොන්ගේ උද්ඝෝෂණ තහනම නොතකා අද   ප්‍රංශය පුරා උද්ඝෝෂණ පවත්වනු...

‘මරණය අසල නිසලව’ යනු ස්වයංචරිතාප්‍රදානයකට වඩා එහා ගිය කෘතියකි

ශ්‍රී ලංකාවට මුහුණු වර දෙකකි . විදේශීය අමුත්තන් විසින්...

පාසල් බැඩ්මින්ටන් ක්‍රීඩකයෝ අගමැතියගේ රෙද්ද ගලවයි – අති විශේෂ අනාවරණය

ජාතික පාසල් බැඩ්මින්ටන් ක්‍රීඩකයෙක් හා ක්‍රීඩිකාවක් ලිංගිකව එක්වන, රති...