හිස් තැනක්  පුරවන්න දුමින්දට නිදහස

දුමින්ද සිල්වා  මත් කුඩු ජාවාරමේ  නියැලී පුද්ගලයෙක් බව ප්‍රකට රහසකි. භාරත ලක්ෂ්මන් ප්‍රේමචන්ද්‍ර ඝාතනය  නඩුවේ ප්‍රධාන සැකකරු වූයේ දුමින්ද සිල්වා  වරදකරු වී මරණ දණ්ඩනය නියම වූ පුද්ගලයෙකි.  ඒ වගේම ඔහු ආණ්ඩුවේ ප්‍රබලතම ආධාරකරුවකු මෙන්ම කුප්‍රකට ව්‍යාපාරිකයකු වන රෙනෝ සිල්වාගේ සොහොයුරාද වේ.  දුමින්ද සිල්වා නිදහස් කර ගැනීම සඳහා බොහෝ අවස්ථාවලදී උත්සාහ දැරූ අතර  ඊට එරෙහිව පැන නැගුණු විරෝධයන් හමුවේ  එම උත්සාහයන් සාර්ථක කර ගැනීමට හැකියාවක් ලැබුණේ නැහැ.

බොහෝ  හාස්‍යජනක සහ ඛේදවාචක සිදුවෙන මේ මොහොතේදී දුමින්ද සිල්වාගේ නිදහස  සම්බන්ධයෙන් ද එවැනි ම හාස්‍යජනක සිදුවීමක්  වීමට නියමිතව ඇති බව ඉඟි කරමින්  අද අපූරු  පුවතක් මාධ්‍ය වාර්තා කර තිබුණා.  ඉන් කියැවුණේ ජනාධිපති සමාව යටතේ දුමින්ද සිල්වාව නිදහස් කර ගැනීම සඳහා  ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රීවරු කණ්ඩායමක්  පෙත්සමක් භාර දී ඇති බවයි.

පසුගිය විසි දෙවැනි දා  ගෝඨාභය රාජපක්ෂව  ලංකාවේ සර්ව බලධාරියා ලෙස  බෞතීස්ම කිරීමෙන් පසුව   එම බලය උරගා බැලීමේ අවස්ථාව මෙය වෙතැයි බොහෝ දෙනෙකු විශ්වාස කරනවා.  එය එසේ වුවත් අප විශ්මයට පත්විය යුතු නොවෙයි.   ගෝඨාභය ඇතුළු මහින්ද රාජපක්ෂගේ ආණ්ඩුව නිර්මාණය කිරීම සඳහා රෙනෝ සිල්වා  විශාල කැප කිරීමක් කළ පුද්ගලයෙකි.  මේ  පුද්ගලයා තමන්ගේ මාධ්‍ය හරහා  වත්මන් ජනාධිපතිවරයාවත් ආණ්ඩුවත්  නිර්මාණය කිරීමට විශාල වෙහෙසක් දරමින් විශාල මුදලක්ද වැය කළ පුද්ගලයෙකි . ඉතින් ඊට ප්‍රති උපකාර දැක්වීම  සිදු නොවේ යැයි අපට කිව නොහැකිය.

සංවිධානාත්මක නීතියේ අපරාධ රැල්ලේ ගොදුරක්ද? මාකඳුරේ මධුෂ්

 

Share post:

Popular

වෙනත් පුවත්

ජීවිතය හරි ලස්සනයි .ඒක මට දැනූණෙ පුංචිම කාලේ ඉඳලා.

බහතේරෙන වයසෙ ඉඳන් ම මං කැමැතියි නව දේවල් ගැන...

බදු අඩුකරන්න අවුරුදු 2-3ක් යනවලු

ජනතාවට මූල්‍ය සහන සැලසීමේ ප්‍රයත්නයක කොටසක් ලෙස, ඉදිරි වසර...

සිව්රට බය ආණ්ඩුව

භික්ෂූන් වහන්සේ බන්ධනාගාර තුළ රඳවා තැබීම සහ බන්ධනාගාරයෙන් බැහැරට...