කොරෝනා වසංගතය නිසා ජනතාව පත්ව තිබෙන පීඩාව උපයෝගී කර ගෙන සේවක අර්ථසාධක අරමුදල කොල්ල කෑමට ආණ්ඩුව දරන උත්සාහයට විරෝධය පළ කරන බව පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ ප්‍රචාරක ලේකම්, කම්කරු අරගල මධ්‍යස්ථානයේ සංවිධායක ලේකම් දුමින්ද නාගමුව සහෝදරයා අද (31) ප්‍රවෘත්ති සාකච්ඡාවක් පවත්වමින් පැවසීය. අර්ථ සාධක අරමුදල කොල්ල කෑමට අගමැති ආර්ථික උපදේශක අජිත් නිවාඩ් කබ්රාල් ඉදිරිපත් කර තිබෙන යෝජනාව ඉවත් කර ගන්නා ලෙසත්, ප්‍රකෝටිපතියන් විසින් ගොඩගසා ගෙන තිබෙන මුදල් ජනතාවට සහන සැලසීමට යොදා ගන්නා ලෙසත් ඔහු අවධාරණය කළේය.
සුනාමි අරමුදල් කොල්ල කාරයෝ කොරෝනා පෙන්න අර්ථ සාධක අරමුදල් කොල්ලයක
Article Published: March 31, 2020
Leave a comment

Post navigation
Posted in: