සින්දු නදියේ ජලය නැවතීම මනුෂ්‍යත්වයට එරෙහි අපරාධයක්

ඉන්දියාව සහ පකිස්ථානය අතර අනපේක්ෂිතව ගැටුමක් නිර්මාණය වෙලා තිබෙනවා. ත්‍රස්තවාදය මුලට දමා ඉන්දියාව සූදානම් වන්නේ ඒකපාර්ශ්වික පකිස්ථානයට එරෙහිව යුදමය තත්ත්වයක් ප්‍රකාශය කිරීමටයි. ඒ සඳහා අවශ්‍ය කරන පසුබිම නිර්මාණය කරන ප්‍රධානතම තීන්දුවකට ඉන්දියාව පසුගිය දා එළඹුණා . සින්දු නදියේ ජලය බෙදා ගැනීමේ ගිවිසුමෙන් ඒකපාර්ශවිකව ඉවත්වීම එම ක්‍රියා මාර්ගයයි .

ඉන්දු පකිස්ථාන ගැටුම තුළ ලංකාවට නොබැඳි පිළිවෙතක් අනුගමනය කිරීමට නොහැකි තත්ත්වයකට අද පත්වෙලා තියෙනවා . එ වෙන කිසිවක් නිසා නොව ඉන්දියාව සමඟ පසුගියදා ඇති කරගත් ඉන්දු ලංකා යුුද ගිවිසුම් හරහයි . හතළිස් අටේ සිට ලංකාව පවත්වාගෙන ආපු නොබැඳි පිළිවෙත උල්ලංඝනය කරමින් මේ ආණ්ඩුව ඉන්දියාව සමඟ යුධ එකඟතාවයකට ගිවිසුම් අත්සන් තැබුවේ රටේ ජනතාවටද එම ගිවිසුම් පෙන්වන්නෙ නැතිව රහසිගතව අත්තනෝමතික ආකාරයටයි .

වත්මන් තත්ත්වය තුළ ඉන්දු පකිස්තාන් ගැටුමක් නිර්මාණය වුණොත් ශ්‍රී ලංකාව එම තත්ත්වය කළමනාකරණය කරගන්නේ කෙසේද කියන එක තීරණය කිරීම අසීරුවනවා . ඊට හේතුව තමයි ඉන්දියාව සමග අස්සන් තබා ඇති යුද ගිවිසුම් හරහා වක්‍රාකාරයෙන් ඉන්දියානු ගැති තත්ත්වයක් නිර්මාණය කරගෙන සිටීම .

Share post:

Popular

වෙනත් පුවත්

රතු තිත් දහස් ගණනක් පිටුපස ඇති පෘථිවියේ ජීවමාන හෘදස්පන්දනය…

අපේ පෘථිවි ග්‍රහලෝකය කියන්නේ ඇතුළතින් නිතරම වෙනස් වන, නිරන්තරයෙන්...

22 සම්මතයි

22 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය සහ අධිකරණ සංවිධාන සංශෝධන...

අගමැතිගේ උත්සවයට නොගියොත් මහපොළ අවදානමේ – අන්තරෙන් අනාවරණයක්

පසුගිය ආණ්ඩු ක්‍රියාකළ ආකාරයටම නව ආණ්ඩුවත් මහපොළ දීමනාව ලබා...

රටේ ජනතාව වසර සිය ගණනක් ණයකරුවන් කරන අධිවේගී මාර්ග

ලංකාවේ අධිවේගී මාර්ග පද්ධතිය ඉදිකිරීම සඳහා දේශීය හා විදේශීය...