විදුලි බල මණ්ඩල පනත පිළිබඳව උනන්දු විශාල ප්‍රමාණයක් සමග රජය සාකච්ඡා කරලා ඔවුන්ගේ අදහස් අරගෙන තමයි විදුලි බල පනත සංශෝධනය සිද්ධ කරන්නේ.
විදුලිබල පනතේ සංශෝධන සිද්ධ කරද්දි අපි මූලික වශයෙන් අවධානය යොමු කරන්නේ පසුගිය රජය යටතේ බලශක්ති ස්වරීත්වය රටට නැතිවෙන ආකාරයේ පෞද්ගලික කරනය කිරීමේ දිශාවට මේ පනත සංශෝධනය කළා. අපේ රජය යටතේ බලශක්ති ස්වරීත්වය නැවත රට තුළට ඇති කරමින් බලශක්ති පෞද්ගලික කරණය නවත්වන ආකාරයට තමයි මේ පනත සංශෝධනය කරන්නේ?
එතනදි අපි කොටස් පහක් යටතේ විදුලි බල මණ්ඩලය ප්‍රතිවිපත ප්‍රතිවිහුව ගතකරණය කරන්නේය කරන්න කටයුතු කරනවා. අපේ රජය යටතේ ජනනය සම්ප්‍රේෂණය සහ බෙදාහැරීම වෙන් වෙන් කරලා ආයතන පහක් යටතේ පවත්වාගෙන යනවා. විශේෂයෙන් රජය යටතේ තමයි මේ ආයතන පහදන්නේ.
-
ජනනයේදී දැනටමත් පෞද්ගලික අංශය ඒකට සම්බන්ධ වෙලා ඉන්නවා ඉදිරියේදීත් පෞද්ගලික අංශයට ඒකට සම්බන්ධ වීමේ හැකියාව තියෙනවා. හැබැයි රජය සතු බලාගාර හෝ විදුලි බල මණ්ඩලය පෞද්ගලිකකරණය කිරීමට රජය සූදානම් නැහැ.
-
සම්ප්‍රේෂණය කිරීමේදීත් සියයට සීයක්ම රජය තමයි ඒක කරන්නේ. රජයේ උපාය මාර්ගයට අනුව පෞද්ගලික අංශයටත් ඕනෙනම් පෞද්ගලික හවුල්කාරී සහයෝගීතාවයට යන්න පුළුවන්.
අපි බලශක්ති ආධිපත්‍යය රජය සතුව තමයි පවත්වාගෙන යන්නේ.
මාර්තු 3 දා බලශක්ති අමාත්‍යාංශයේ වැය ශීර්ෂය විවාදයට ගැනුණා. මේ වැය ශීර්ෂ විවාදයේදී ජාතික ජන බලවේග පාර්ලිමේන්තු මන්ත්‍රීනි නීතිඥ හේමමාලී චන්ද්‍රරත්න විපක්ෂයට උපහාසාත්මක පිළිතුරක් ලබා දෙමින් විවාදයට සම්බන්ධ වී වර්තමාන රජය බලශක්ති ස්වරීත්වය රැකගන්න මොනතරම් ඇප කැපවී කටයුතු කරනවද කියන එක සභාවට පෙන්වා දෙන්න සෑහෙන වෙහෙසක් ගත්තා.
කංචන රනිල් විදුලිබල පනත් කෙටුම්පත සංශෝධනය කරමින් ඔවුන් සූදානම් වන්නේ විදුලි බල මණ්ඩලය පෞද්ගලික කරනය කිරීමෙන් වළක්වා ගන්නට බව තමයි ඇය එසේ ඒත්තු ගන්වන්න උත්සාහ කළේ.
නමුත් ඇය ඇයගේ කතාව තුළම පවසනවා දැනටත් විදුලි බල මණ්ඩලයේ යම් යම් කොටස් පෞද්ගලික කරණයට ලක් කරලා පෞද්ගලික අංශය මැදිහත්වීම තියෙන බව. ඉදිරියේදීත් පෞද්ගලික අංශයට මැදිහත්වීමේ හැකියාව තිබෙන බව. එහෙම පවසන ඇය නැවතත් ප්‍රකාශ කරනවා බලශක්ති ආධිපත්‍යය පවතින්නේ ශ්‍රී ලංකා රජය සතුව බව.
ඇත්තටම මේ සිද්ධ වෙන්නේ කුමක්ද
ඇත්තටම මේ සිද්ධ වෙන්නේ අනුර කුමාර දිසානායක ඇතුළු මේ කණ්ඩායම හිතාගෙන ඉන්නේ ඔවුන් ලංකාවේ සිටින හොඳම සහ පිරිසිදුම පිරිස කියලයි. එනිසා රනිල් කරපු වැරදි දේවල් වුනත් ඔවුන් කරද්දි හොඳ වෙනවා කියලා ඔවුන් හිතාගෙන ඉන්නවා.
සැබවින්ම අනුර කුමාර දිසානායක ඇතුළු මේ කණ්ඩායම සිද්ධ කරමින් ඉන්නේ තවදුරටත් අලුත් දෙයක් නෙවෙයි. රනිල් වික්‍රමසිංහ ඇතුළු ජාත්‍යන්තර මූල්‍ය අරමුදල අපේ රටට හඳුන්වා දුන් සැලසුම හොඳ මූනක් ඇති අනුර කුමාරයයි භෞතිස්ම කර තිබෙන අනුර කුමාර දිසානායක අතින් සිදුකිරීමයි.
චන්ද්‍රිකා රනිල් වික්‍රමසිංහ මහින්ද රාජපක්ෂ ඇතුළු කණ්ඩායම හරහා සිද්ධ කරගන්නට බැරුව ගිය නව ලිබරල් ආර්ථිකයේ අවසන් නොවූ පංගුව අනුර කුමාර දිසානායකගේ හොඳමූණ පෙන්වා ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ඇතුළු කණ්ඩායමේ වුවමනාව අවසාන කිරීමේ අවසන් මෙහෙයුම තමයි මේ සිද්ධ වෙමින් පවතින්නේ.