ඉතාලියේ විශේෂඥ වෛද්‍යවරු ඇතුළු වෛද්‍ය සේවයේ නියුතු 4 824 කට කොරෝනා ,19 මියයයි . 

ගෙවුණු දවස් කිහිපය තුල ලෝකයේම අවධානය ඉතාලිය දෙසට යොමු වෙලා තිබුණේ කොරෝනා වෛරසය පැතිර යාමත් සමඟ නොසිතූ ලෙස මරණ  සංඛ්‍යාව ඉහළ යෑම නිසයි . මාර්තු 19 වැනිදා සිට මාර්තු 22 වැනි දා දක්වා ගතවුණු දින 4 තුළ  මරණ 2498 වාර්තා වෙනවා .

මෙම කන්ද දරුමාර්තු 23 වනදා වන විට  ඉතාලියේ විශේෂඥ වෛද්‍යවරු ඇතුළු වෛද්‍ය සේවයේ නියුතු 4 824 දෙනෙකුට කොරෝනා වෛරසය  ආසාදනය වී ඇති බව තහවුරු කරගෙන තියෙනවා. මෙය සමස්ත කොරෝනා වෛරසය ආසාදිතයින්ගේන්  9% ක ප්‍රතිශතයක්  වන අතර  අද දිනය වන විට කොරෝනා වෛරසය හේතුවෙන් වෛද්‍යවරුන් දහනව දෙනෙකු මිය ගිහින් තියෙනවා. කොරෝනා වෛරසය පැතිරයාමේ වැඩිම තර්ජනයට ලක්වී තිබෙන  ලොම්බර්දියා  ප්‍රාන්තයේ පමණක් වෛද්‍යවරු දහතුන් දෙනෙක් මියගිහින් තියෙනවා. කොරෝනා වෛරසය ආසාදනය වී ඇති හෙද හෙදියන්  ප්‍රමාණය දෙදහස් පන්සියයකට වැඩියි .

“තත්ත්වය මෙසේ තිබියදී පසුගිය සතියේ දී රජය තීරණයක් ගත්තා මාර්තු මාසය රාජකාරි කරන  අයට යුරෝපීය 100 ක විශේෂ දීමනාවක්  පඩියට එකතු කරන්න.  අපි අපේ ජීවිත පරදුවට තියලා මේ අසීරු මොහොතේදී වැඩ කරනවා. අපි වැඩි දෙනෙක්ට වෛරසය ආසාදනය වෙන්නේ රාජකාරිය කරන අතරතුරේ දී. ආණ්ඩුව අපේ ජීවිතේ මිල කරන්නේ යුරෝ 100.00ට   වෛද්‍ය වෘත්තියේ නියැලී සිටින සේවකයෝ ආණ්ඩුවට එරෙහිව එසේ චෝදනා නඟනවා.”

ලෝක සෞඛ්‍ය සංවිධානයේ වාර්තාවට අනුව පළමු කොරෝනා රෝගීන් ලක්ෂය එකතු වෙන්න ගත වෙලා තිබෙන කාලය දින 67යි. එය ලක්ෂ දෙක වෙන්න දින 11ක්  ගතවී තිබෙන අතර ලක්ෂ තුන වෙන්න ගතවී තිබෙන්නේ  දින හතරක් වූ ඉතාම අඩු කාලයකි.

 අද මාර්තු 23 වෙනි දා ඉතාලියේ තත්ත්වය

අද දවසේ සංඛ්‍යා ලේඛන වලට අනුව ඉතාලිය තත්වෙ යම්තාක් දුරකට යහපත් අතට හැරෙමින් පවතින බව දැකගන්න පුළුවන්. මරණ සංඛ්‍යාව මෙන්ම , නව රෝගීන් එකතු වීමේ අඩුවක් ද දකින්නට   පුළුවන්. අද දිනයේ  මරණ 601ක් වෙන අතර නව  ආසාදිතයන්  ගණන 3780 යි .

Share post:

Popular

වෙනත් පුවත්

“සටන් බිම තුළ කොටු කළ ස්ත්‍රිය” අනාවරණය කරන්නේ පිරිමි නිරුවතයි.

ධම්මිකාට මා කතා කළේ ඇගේ කෘතිය ඉල්ලා ගැනීමටය. මන්...

පොහොර වංචාවක් ගැන ගොවීන්ගෙන් ලාල්ට එරෙහිව පැමිණිල්ලක්

රුපියල් බිලියන 2 ක පොහොර වංචාවක් සිදුකර ඇති බවට...

ආණ්ඩුව මේ වන විට හතරවතාවක් ගොවියන් ව රැවටුවා – දුමින්ද නාගමුව

ගොවි ගැටලුවලට විසඳුම් විසඳුම් දෙන බව පවසා ආණ්ඩුව මේ...

පෞද්ගලික සමාගම්වලින් ඉන්ධන මිල වැඩිකරන්න බලපෑම්

ලෝක ඉන්ධන මිල ගණන්වල සිදුවන උච්චාවචනයන් හේතුවෙන් ගොඩබෑමේ පිරිවැය...