Breaking News

‘විකිණීමෙන් ඉවත්වෙනු’ ආණ්ඩුව තමන්ටම කියාගන්නක්ද?

“මේ රටේ රාජ්‍යයන් දෙකක් තියෙන්න බෑ. තියෙන්න පුළුවන් ජනතාවගේ ප්‍රජාතන්ත්‍රවාදී බලය විසින් පිහිටුවන ලද රාජ්‍යය විතරයි. කළු රාජ්‍යය විනාශ කරනවා.” යනුවෙන් අද (30) පෙරවරු 10.00 ට කොළඹ සුගතදාස ගෘහස්ථ ක්‍රීඩාංගණයේ දී පවත්වනු ලැබූ විෂ මත්ද්‍රව්‍ය උවදුර මුලිනුපුටා දැමීම සඳහා වන රජයේ නව වැඩපිළිවෙල “රටම එකට – ජාතික මෙහෙයුම” සමාරම්භක වැඩසටහනට එක්වෙමින් ජනාධිපති අනුර කුමාර දිසානායක අවධාරණය කර තිබේ.

මෙම වැඩසටහනේ තේමා පාඨය වී ඇත්තේ විකුණන – ලොල්වුණු සැමට දැනුම් දීමයි, ඉවත් වෙනු! යන්නයි.

ආණ්ඩුව මැතිවරණයට ඉදිරිපත්වූ ඉදිරිපත් කළ ප්‍රතිපත්ති සඳහා මූලිකව පාදක වී තිබුනේ දූෂණය සහ වංචාව වැළක්වීම සහ අලුත් දේශපාලන සංස්කෘතියක් නිර්මාණය කිරීම මතයි. දැන් නැවත ආණ්ඩුව ට්‍රැක් එක මාරුකර තිබේ.

ආණ්ඩුව දැන් පෙන්වන්නේ මේ රටේ ප්‍රමුඛ ප්‍රශ්නය මත්ද්‍රවය නිවාරණය බවයි. රටේ ආර්ථිකය යථා තත්ත්වයට පත්කිරීම හා ජනතාවට සහන සැලසීම දෙවැනි කොටවත් නොසළකන බව නම් පෙනෙන්නට තිබේ.

ඒ අතර මන්නාරමේ සහ ත්‍රිකුණාමල දිස්ත්‍රිකය තුළ ජනතාවගේ ඉඩම් මහා පරිමාණ සමාගම්වලට විශාල ව්‍යාපෘති සඳහා ලබාදෙමින් සිටියි. විදුලි බල මණ්ඩලය , ඛණිජ සම්පත් ඇතුළු ජනතා දේපොළ විකිණීමට පිඹුරුපත් සකසමින් සිටියි. අධ්‍යපන ප්‍රතිසංස්කරණ මුවාවෙන් පාසල් වසා දැමීමට සැරසෙමින් සිටියි.

මේ සියල්ල ඉදිරියේ ආණ්ඩුව මත්ද්‍රවය මැඩලීම පමණක් ප්‍රමුඛ රාජකාරිය කරගෙන සිටියි.

මේ අතර ඇතැමුන් ප්‍රශ්න කර සිටින්නේ මේ විකිණීමෙන් ඉවත්වීම යනු ජනතා දේපොළ විකිණීමෙන් ඉවත් වෙන ලෙස ආණ්ඩුව තමන්ට කියාගන්නක් ද යන්නයි.

leave a reply