මෙවන් එකෙක් රටේ නායකයා කර ගත හැකිද?

අද පාර්ලිමේන්තුවේ ප්‍රධාන වැඩ කටයුතු ආරම්භ වෙන්න කළින් නියෝජ්‍ය කතානායකවරයෙක් පත් කරගැනීම සඳහා ඡන්දය විමසීමට තීරණය කළා.
මෙහිදී පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරුන් විසින් සම්මත කරගෙන තිබෙන පාර්ලිමේන්තු ස්ථාවර නියෝග අනුව රහස් ඡන්දයක් පැවැත්වීම තමයි යෝජනා වී ති⁣බුණේ.

ඡන්දය විමසීමට හේතුව වුණේ නියෝජ්‍ය කතානායක ධූරයට නම් දෙකක් යෝජනා වීමයි.

මේ ස්ථාවර නියෝග කියවද්දී කතානායකවරයා කියනවා ඡන්දය භාවිත කරන්න පාර්ලිමේන්තු මහ ලේකම්වරයා ලබාදෙන පත්‍රිකාව භාවිත කරන ලෙසත්, එහිදී ඡන්දය ලබාදෙන අපේක්ෂකයාගේ නම පැහැදිළිව ලියන ලෙසත්, ඊට යටින් සපුරුදු අත්සන යොදන ලෙසත් කියනවා.
එහිදී විපක්ෂයේ ප්‍රධාන සංවිධායක විරෝධතාවයක් පළ කරනවා අත්සන යොදන එකෙන් රහස්‍ය භාවය අහිමි වෙනවා ඒ නිසා එකඟ වෙන්න බැහැ කියලා. මෙහිදී දැඩි උණුසුම් තත්ත්වයක් ඇතිවෙනවා.

සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී එරාන් වික්‍රමරත්න නැගිටලා කියනවා, එහෙම ඡන්දය භාවිත කරනවා නම් ස්ථාවර නියෝග යටතේ එම ඡන්ද ගණනයෙන් පසුව විනාස කරන්න කියලා. මොකද ඡන්දය භාවිත කළ ආකාරය හෙළි වෙන එක වළක්වන්න. ඒ නිසා ඡන්ද වහාම මන්ත්‍රීවරුන් ඉදිරියේ ම විනාස කරන්න කියලත් කියනවා.

කතානායක කියනවා ස්ථාවර නියෝගවල⁣ට යටත්ව එදිනම ඒ ක්‍රියාව කරන්න බැහැ පසුදිනකට ඒක කරනවා කියලා. ඊට පසුවයි මේ ඡන්දය විමසීම සිදුවන්නේ.
ඡන්දයේ රහස්‍යතාවය පිළිබඳව වාද විවාද කරලා ඡන්දය තියන්න තිබුණු වෙලාවත් පහු කරලා. ලංකාවේ අධිකම වියදම සහිත පාර්ලිමේන්තු රැස්වීමක කාලය නාස්ති කරපු විපක්ෂයේ නායකයා වුණු සජිත් ප්‍රේමදාස තමන්ගේ Facebook පිටුවේ දාලා තියෙන Photo එක තමා මේ තියෙන්නේ.

ඡන්දය කොහොමත් ඔහුගේ පක්ෂයේ කෙනාට තමා දෙන්නේ කියන එක අපි දන්නවා. නමුත් ස්ථාවර නියෝග, නීතිරීති මාලාවක් තියෙද්දී ඒකට අනුව කටයුතු කරන්න බැරි, මොහු මේ රටේ පාලනයට හොඳයි කියලා ඇත්තටම ඔබ විශ්වාස කරනවද?
#සංජේ

Share post:

Popular

වෙනත් පුවත්

අනුරගෙන් තවත් පොරොන්දු කන්දක්

වත්මන් ආණ්ඩුව බලයට පත්ව වසර දෙකක කාලය සම්පූර්ණ වීම...

අඩු වැටුප්වලට අමතරව විරැකියාවෙනුත් අපි ඉදිරියෙන්

මෙරට අවුරුදු 15ත් 24 ත් අතර වයස් කාණ්ඩයේ සිටින...

මලක් සේ පැවතීමේ මරණීය වරද හෙවත් පරාගනයෙ පළමු පාඩම

කළ්‍යාණි රූපසිංහ පසුගියදා ඇයගේ කුළුඳුල් කාව්‍ය නිර්මාණා සංග්‍රහය "මලක්...

යාන්ත්‍රික දැකීම සහ සහකම්පනයෙන් නිරීක්ෂණය කිරීම

මෙම කාටූනය සරල කතාවක් සේ පෙනෙන ගැඹුරු අදහසක් කියන...