පාර්ලිමේන්තු මන්ත්‍රි මුහම්මද් හිස්බුල්ලා ට අමෙරිකානු ඩොලර් මිලියන 2ක මුදලක් වංචා කිරීමේ චෝදනාවකට ඝානා ජාතිකයින් 11 දෙනෙකු අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කර ඇති බව එරට මාධ්‍ය වාර්තා කරයි.
අදාළ සැකකරුවන් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව ඇප මත නිදහස් කර ඇති බව වාර්තා වේ.
රත්‍රං විකිණීමේ මුවාවෙන් මුදල් වංචා කිරීමේ චෝදනාව සම්බන්ධයෙන් ඝානා රාජ්‍යයේ ජාතික ආරක්ෂක කවුන්සිලයට ලැබුණු පැමිණිල්ලකට අනුව මෙම සැකකරුවන් අත්අඩංගුවට ගෙන ඇති බව සඳහන් වේ.
2023 වසරේ දී පාර්ලිමේන්තු මන්ත්‍රී මුහම්මද් හිස්බුල්ලාට රත්‍රං ලබාදෙන බව පවසමින් අමෙරිකානු ඩොලර් මිලියන 2ක මුදලක් මෙම සැකකරුවන් විසින් ලබාගෙන ඇති බවට අනාවරණය වී තිබේ.
අදාළ මුදල ලබාගැනීමෙන් අනතුරුව සැකකරුවන් විසින් මන්ත්‍රීවරයා සමග පැවැත්වු සියලු සබඳතා නවතා දමා ඇති බව එරට මාධ්‍ය වාර්තා කර ඇත.
පසුව යලිත් හිස්බුල්ලා මන්ත්‍රීවරයාට රත්‍රං කිලෝග්‍රෑම් 50ක් විකිණීමට එම සැකකරුවන් ඉදිරිපත් වී ඇති අතර එම ගනුදෙනුවට නීත්‍යුනුකූල බවක් ලබාදීම සඳහා අවබෝධතා ගිවිසුමක්ද අත්සන් කර ඇති බව සඳහන් වේ.
ලැබුණු පැමිණිල්ලට අනුව ඝානා ජාතික ආරක්ෂක කවුන්සිලය විසින් මෙම සැකකරුවන් පසුගිය ඔක්තෝබර් 16 වන දින අත්අඩංගුවට ගෙන ඇති අතර ඔවුන්ව අත්අඩංගුවට ගන්නා අවස්ථාවේ දී කහ පැහැති රත්‍රං බවට සැකකෙරෙන ලෝහ 2ක් ද සොයාගෙන ඇති බව වාර්තා වේ.
හිස්බුල්ලාට ඩොලර් මිලියන 2ක් කොහෙන්ද?
නැගෙනහිර පළාතේ ප්‍රමුඛ දේශපාලනඥයෙක් ලෙසත් වෘත්තියෙන් ව්‍යාපාරිකයෙක් ලෙසත් සඳහන් වන හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරයා 2004 සහ 2005 වසරවලදී රාජ්‍ය සතු ගුවන් තොටුපළ සහ ගුවන් සේවා සමාගමේ (Airport and Aviation Services Limited) සභාපති වශයෙන් කටයුතු කර ඇත.
එම වකවානුවේ ඔහුට සහ ඔහුගේ බිරිඳට රුපියල් මිලියන 67.5ක වංචාවක් සිදු කළ බවට චෝදනා එල්ලව ඇති බව වාර්තා වේ.
එසේම ඔහුගේ දේශපාලන ඉතිහාසය තුළ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු ලෙස කටයුතු කරමින් සිටියදී රජය සමග කොන්ත්‍රාත්තුවකට එළැඹීම සම්බන්ධයෙන් වූ චෝදනාවය ඔහු ලද ප්‍රධානම චෝදනාවක් විය.
මේ අතර හිස්බුල්ලා 2023 අංක 09 දරන දූෂණ විරෝධී පනතේ 82 වගන්තිය යටතේ 2025 වාර්ෂික වත්කම් සහ බැරකම් ප්‍රකාශය ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරයෙකු වශයෙන් 2025 ජුනි 20 වන දින ඉදිරිපත් කර තිබෙනවා.
එහි 2025 මාර්තු 31 වන දිනට අදාළ වත්කම් සහ බැරකම් පිළිබඳ තොරතුරු ඇතුළත්. ඒ අනුව එහිදී ඔහු තමන් සතු නිශ්චල දේපළ වශයෙන් කොළඹ 08, ලේක් ඩ්‍රයිව් (Lake Drive, Colombo 08) හි පිහිටි නිවසක් වාසස්ථානය ලෙස දක්වා ඇත.
එහෙත් අඳාළ දේපළෙහි වටිනාකම, එය අත්පත් කරගත් ආකාරය හෝ දිනය පිළිබඳ සවිස්තරාත්මක තොරතුරු දක්වා නොමැත. තවද ව්‍යාපාරික සහ ආයතනික අයිතිවාසිකම් පිළිබඳ කොටසෙහි “කිසිවක් නැත” (NIL) යනුවෙන් සඳහන් කර ඇත.
මෙයට අවධානය යොමු වන්නේ, හිස්බුල්ලා මහතා වෘත්තියෙන් ව්‍යාපාරිකයෙකු (Businessman) වශයෙන් පාර්ලිමේන්තු වෙබ් අඩවියේ සඳහන් වීම නිසයි.
එබැවින් ඔහුගේ ව්‍යාපාරික වත්කම් පිළිබඳව මෙම කොටසෙහි කිසිදු තොරතුරක් ඇතුළත් නොවීම, වත්කම්වල සත්‍ය විනිවිදභාවය සම්බන්ධයෙන් මහජනතාව තුළ ප්‍රශ්න මතු කිරීමට හේතු වී තිබෙනවා. ඒ අනුව හිස්බුල්ලා මහතාගේ මෙම වත්කම් ප්‍රකාශය පදනම් කරගත් විට ඇමරිකානු ඩොලර් මිලියන 2ක මුදලේ මූලාශ්‍රය තවදුරටත් අපැහැදිලි තත්ත්වයක් මතු වේ. ඒ වාර්තා වූ ලෙස 2023 වසරේ මැද භාගයේදී වංචාවට ලක් වූ ඩොලර් මිලියන 2ක මුදල ගෙවීමට පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකුට හැකියාව ලැබුණේ කෙසේද යන්නයි.
යම් ලෙසකින් අඳාළ මුදල ඔහුගේ ව්‍යාපාරික ආදායමකින් ලැබුණේ නම්, ඔහු වෘත්තියෙන් ව්‍යාපාරිකයෙකු වශයෙන් සඳහන් වුවත් 2025 ප්‍රකාශයේ ‘ආයතනික අයිතිවාසිකම්’ කොටසෙහි “කිසිවක් නැත” යනුවෙන් සටහන් කර තිබීම සහ එම මුදල පිළිබඳව කිසිදු සඳහනක් නොතිබීම බරපතළ ගැටලුවක් නොවේද? කෙසේ වෙතත් මෙම වත්කම් ප්‍රකාශය සපයා ඇත්තේ 2025 ජුනි මාසයේදී වේ.
එහෙත් ඒ සඳහා මාධ්‍ය අවධානය යොමුව ඇත්තේ ඝානා සිද්ධියෙන් පසුවයි.






