අරගලකරුවන් කිහිපදෙනෙකුට විදෙස් ගමන් තහනමක්

ජන අරගලයේ ඉදිරිපෙළ ක්‍රියාකරුවන් වන අන්තර් විශ්වවිද්‍යාලයීය ශිෂ්‍ය බල මණ්ඩලයේ කැඳවුම්කරු වසන්ත මුදලිගේ, ලංකා ගුරු සංගමයේ ලේකම් ජෝෂප් ස්ටාලින්, සමාජවාදී තරුණ සංගමයේ කැඳවුම්කරු එරංග ගුණසේකර, ජීවන්ත පීරිස් පියතුමා, වෙනසක තාරුණ්‍ය සංවිධානයේ ජාතික කමිටු සාමාජික ළහිරු වීරසේකර, රංගන ලක්මාල් යන 06 දෙනාට විදෙස් ගමන් තහනමක් පනවා තිබෙනවා. මෙම නියෝගය පිළිබඳ ඇතැම් පිරිස් සමාජ මාධ්‍ය තුළ උපහාසාත්මකව අදහස් දක්වා ඇති ආකාරය දැකිය හැකියි.

ඉහත නම් සඳහන් පුද්ගලයන් ඉල්ලා සිටින්නේ මේ රටේ ජනතාවගේ ප්‍රශ්න විසඳා රටට මුහුණ දෙමින් සිටින ප්‍රශ්නවලට විසඳුම් ලබාදෙන ලෙසයි. එසේ තිබියදී හිටපු ජනාධිපතිවරයා මෙන් තනතුරු දමා රහසෙන්ම පලායන තත්ත්වයක ඔවුන් නොමැති බව සමාජ මාධ්‍ය හරහා මත දක්වන අයගේ අදහසයි.

පසුගිය ජුනි මස 06 වැනිදා කොළඹ පොලිස් මූලස්ථානය ඉදිරිපිට පැවති විරෝධතාවයක් අතරතුර පොදු දේපළවලට හානි කිරිමේ චෝදනා මත ඉහත සැකකරුවන්ට එරෙහිව කොළඹ කොටුව මහේස්ත්‍රාත් අධිකරණයේ නඩුවක් පවරා තිබෙනවා. මෙම නඩුව අද කැඳවා තිබූ අතර මහේස්ත්‍රාත් තිළිණ ගමගේ සැකකරුවන් විදෙස්ගතවීම තහනම් කරමින් නියෝගයක් නිකුත් කර ඇත.

කොළඹ කොටුව පොලීසිය විසින් සිදුකළ ඉල්ලීමකට අනුව විදෙස් ගමන් තහනම් කිරීමට නියෝග කර ඇත.

Share post:

Popular

වෙනත් පුවත්

කන්වතිස්සගේ මරණය ගැන කුමන්ත්‍රණ කතාවක් ඉදිරියට

කාවන්තිස්ස හස්තියාගේ අභිරහස් මරණය සහ මෙරට වනඅලි ගහනය ඉලක්ක...

ප්‍රංශ ජනතාවගේ අරගලයේ මූලය  

කොල්ලකෑම් ගිනි  තැබීම් වලට එහා ගිය ප්‍රංශ ජනතාවගේ අරගලයේ...

ගුරු පුරප්පාඩු පිරවීම ගැන ගුරු සංගම් කියන කතාව

අද පැවති ජාතික ජන බලවේගයේ බදුල්ල දිස්ත්‍රික් කාන්තා සමුළුව...

දරිද්‍රතාවය මනින දර්ශක යල් පැනලා

පැරැණි දත්ත හා භාණ්ඩ කූඩ මත පදනම් වූ ගණනය...