අද එක්සත් ජාතික පක්ෂයේ 79 වන සංවත්සරය පැවතියා . මේ සංවත්සරයට සියලු දේශපාලන අනාථයන්ට ආරාධනා කරලා තිබුණා . බහුතරයක් අනාතයෝ මේ සංවත්සරයේදී තම තමන්ගේ අදහස් ද ප්‍රකාශ කළා . ව්‍යවස්ථාපිත පැසිෂ්වාදයට එරෙහිව එක්ව සිටගමු කියල තමයි මේ හැමෝම කිව්වේ.
රනිල් වික්‍රමසිංහ තම කතාවෙදි රක්ෂිත බන්ධනාගාර ගත වුණේ ඇයිද කියන එක පිළිබඳව පැහැදිලි කළා . එක දමනියෙන් හිටගෙන ඉන්න බැරි හින්දා විනාඩි හතකට එක්සත් ජාතික පක්ෂයේ නායකයාගේ කතාව සීමා වුණා . මේ සංවත්සරයට පැමිණ සිටි සියලු අනාථයෝ පැමිණ සිටියේ මේ එක දමනීයේ නායකයා සමඟ රට ගොඩනගන්න පෙරමුණක් හදාගන්න . ගම්මන්පිල , හකීම් , මනෝ , සීලරතන , සාගර, චාමර, දයාසිරි වැනි උදවිය සමුළුවෙදි අදහස් දැක්වූවා . මේ හැමෝම තමන්ගේ අදහස් දැක්වීමේ දී ඉස්මතු කරන්න උත්සාහ කළේ ව්‍යවස්ථාපිත ඒකාධිපතිත්වයක් පිළිබඳව.
ඔවුන් ජනතාවට කියන්නේ රනිල් වික්‍රමසිංහ වැනි එක දමනියකින් ජීවිතය ගැට ගහගෙන ඉන්න මහල්ලෙක් සමග මේ රට සුඛිත මුදිත කරන්නට තවදුරටත් අවස්ථාවක් ලබා දෙන්න කියලයි .
පහුගිය දවස්වල රනිල් වික්රමසිංහව රක්ෂිත බන්ධනාගාර ගත කළේ සිය බිරිඳගේ උපාධි ප්‍රධාන උත්සවයකට රාජ්‍ය මුදල් අව භාවිතා කරමින් ගිය සිද්ධියක් සම්බන්ධව යි .. හැබැයි රනිල් වික්‍රමසිංහට මීට වැඩිය බරපතල ඔප්පු කළ හැකි සාක්ෂි සහිත චෝදනා තියෙනවා . අන් සියල්ල ඉවතලුද , අනුර කුමාර දිසානායකලාට ඉවත දමන්නට බැහැ රෝහණ විජේවීර සහෝදරයාව ඝාතනය කරපු සිද්ධිය . ඒ විතරක් නෙවෙයි බටලන්ද වධකාගාරය රනිල් වික්‍රමසිංහගේ මෙහෙයවීම යටතේ පවත්වාගෙන ගියා යැයි කියන චෝදනාව . මෙවන් බරපතල චෝදනා රනිල් වික්‍රමසිංහට තිබියදී අනුර කුමාර දිසානායක කළේ රනිල්ට ගැලවී යා හැකි උගුලක රනිල්ව හසුකර තම පාක්ෂිකයන්ට පුංචි ආතල් එකක් ලබාදීමයි .
මෙම සිදුවීම වෙන අවස්ථාවේදී පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ ප්රචාරක ලේකම් දුමින්ද නාගමුව කළ ප්‍රකාශයක් මෙහි දී සිහිපත් කළ යුතුයි . එදා ඔහු ප්‍රකාශ කළේ නයාට ගහලා පොල්ල වරද්ද ගන්න එපා කියලයි .එහි දේශපාලන අර්ථය තමයි නිසි අවසානයක් කරා යෑමට නොහැකි හේතුවකට රනිල් වික්රමසිංහව රක්ෂිත බන්ධනාගාර ගත කර නිදහස් කිරීමෙන් අත්වන දේශපාලන අවාසිය නැවත හරවා ගැනීමට නොහැකි වන බවයි . එම කතාවේ අර්ථය දැන් සනාථ වෙමින් පවතිනවා . ආණ්ඩුව කළ ඒ ඔලමොට්ටල වැඩේ නිසා දේශපාලන අනාථයන් බවට පත්වෙලා හිටපු රනිල් වික්‍රමසිංහ ඇතුළු සියලු අනාථයෝ අනාථ භාවයෙන් මිදීම සඳහා මේ අවස්ථාව මනරම් අවස්ථාවක් කරගෙන සමාජගත වෙන්න උපයෝගී කරගෙන තියෙනවා ..රනිල් වික්‍රමසිංහට 79 වන සංවත්සරය මේ ආකාරයෙන් සමරන්නට හැකියාව ලැබෙන්නෙත් ඒ ඔලමොට්ටල වැඩේ උපකාරය මතයි .
වර්තමාන ආණ්ඩුවේ දේශපාලන උද්දච්චකම හේතුවෙන් දේශපාලන වාසි අත්පත් කරගෙන ජනතාව තුළ නැවත තහවුරු වීමට ඉහත සඳහන් කළ දේශපාලන අනාතයන්ට හැකියාව ලැබී තියෙනවා . ආණ්ඩුව නිසියාකාරයෙන් තේරුම් නොගත්තොත් ඉහතදී ප්‍රකාශ කළ ආකාරයටම නයාට ගහලා පොල්ල වරද්දා ගැනීම හේතුවෙන් දරුණු ප්‍රතිවිපාක වලට මුහුණ දෙන්නට සිද්ධ වෙන්නේ ආණ්ඩුවට.
එක්සත් ජාතික පක්ෂයේ හැත්තෑ නමවන සංවත්සරය යනු මේ මොහොතේ පෙනෙන ආකාරයට දේශපාලන අනාතයන් එක ගොඩට එකතු වීමට ගන්නා උත්සාහයක් පමණයි. එකතුවීම කොයිතරම් දුෂ්කරද කියන එක තේරුම් ගැනීමට නාමල් රාජපක්ෂගේ මගහැරීම සජිත් ප්‍රේමදාසගේ මගහැරීම ප්‍රමාණවත් වෙනවා. එය එසේ වුව ආණ්ඩුවේ ඉදිරි අනාගතය පහසු කාර්යයක් නොවන බව ආණ්ඩුව තේරුම් නොගත්තොත් එය ආණ්ඩුවේද දුෂ්කර ගමනක ආරම්භය වෙනවා.
සමන්සිරි හේරත්