Breaking News

කිරි දොවා ගොම දැමූ බවට උදයගේ මිතුරන්ගෙන් රෝහලට දෝෂාරෝපණය

ඉතාලියේ සිට පැමිණ ගුවන් තොටුපලෙන්ම කන්දකාඩු නිරෝධායන මධ්‍යස්ථානයට යොමුකර සිටියදී කොරෝනා වැලඳී ඇතැයි අනාවරණය වී පොළොන්නරුව වැලිකන්ද රෝහලට ඇතුළත් කර සිටියදී මියගිය මෙරට පස්වන කොරෝනා මරණකරු වන 44 වියැති උදය දිනේෂ් නමැති අයගේ ගමන් මල්ල සහ පසුම්බිය ඔහු මියයාමෙන් පසු සොයා ගත නොහැකි තත්වයක් මතුව ඇත.

මේ පිළිබඳව හෝමාගම පදිංචි ඔහුගේ බිරිඳ රෝහල් බලධාරීන්ගෙන් විමසූ විට ඔවුන් පවසා ඇත්තේ එය සොයාගත නොහැකි බවයි. ඔහුගේ බිරිඳ සහ හිතවතුන් ආණ්ඩුවෙන් ඉල්ලා සිටින්නේ මේ පිළිබඳව කඩිනමින් පරීක්ෂණයක් කර සාධාරණයක් ඉටුකර දෙන ලෙසයි. උදයගේ හිතවතෙක් මේ පිළිබඳව මුහුණු පොතේ තැබූ සටහනක් මෙසේ පළ කරමු.

කොවිඩ් -19 නිසා අපෙන් සමුගත් උදය දිනේෂ් සොහොයුරාගේ මරණින් පසු වැලිකන්ද රෝහලේන් ඉස්මතු වූ අමනුෂ්‍යකම

කොවිඩ් -19 වැලදී දින 10 වඩා වැලිකන්ද රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටී උදය දිනේෂ් සොහොයුරා අප්‍රේල් 4 වනදා අළුයම සිය අවසන් හුස්ම පොද වාතලයට මුසු කරන්නේ කොරෝනා මාරයාට බිලිවූ පස්වන ලාබාලම ශ්‍රී ලාංකිකයා වශයෙන් වැලිකන්ද රෝහලේ දැඩිසත්කාර ඒකකයේ ක්‍රියාකාරිත්වය පිලිබද ප්‍රශ්නාර්ථයක් ඉතිරි කරමිනි. සිය අවසන් සුසුම් පොද වා තලයට මුසු වීමටත් පෙර යූරෝ 800 ආසන්න මුදල්, ගමන් බලපත්‍රය හා බැංකු කාඩ්පත් සමග සිය මුදල් පසුම්බිය,Permesso di Soggiorno නම් ඉතාලි සිය රැකියා ආයතනය සමග ඇතිකරගත් ගිවිසුම් ආදී වැදගත් ලිපි අඩංගු සිය බෑග් දෙක අස්ථානගතව ඇත. මරණයට පත්වූ රොගියෙකුගේ සියලු බඩු බාහිරාදියේ අදාල වගකීම රොහල් අධ්‍යක්ෂක වගකිවයුතු බැවින් මේ පිලිබද උදයගේ බිරිඳ විසින් පොළොන්නරුව රෝහලේ අධ්‍යක්ෂ වෙතින් විමසීම් කලත් ඔහුත් තම වගකීමෙන් මගහරින බවක් මේ වනවිට උදා වී ඇත. ඒ පිලිබද මේ වනවිට ජනාධිපති කාර්යාලයට පවා පැමිණිලි කිරීමට සිදු වී ඇත. දරුවන් දෙදෙනෙකු සමග තනී වූ උදයගේ බිරිඳට අද සිය සැමියා සේවය කල ආයතනය තුලින් උරුම වන්නට ඇති කිසිවක් ලබා ගත නොහැකි තත්ත්වයක් උදා වී ඇත. මෙහි පලකර ඇති ඡායාරූපය උදය දැඩිසත්කාර ඒකකයට දැමීමට සුලු මොහොතකට ප්‍රථම සිය බිරිඳ වෙත ලබාගත් වීඩියෝ ඇමතුමක screen shot එකක් වන අතර එහි රෝස පැහැයෙන් ලකුණු කර ඇත්තේ උදයගේ කලු පැහැති බෑග් එක වන අතර අත්වැරැදීමකින් අස්ථාන ගත වීමට කෙසේවත් ඉඩ නොමැති බව බැලූ බැල්මට පෙනී යයි.
ගරු ජනාධිපතිතුමනි ,අගමැතිතුමනි සෞඛ්‍ය ඇමතිතුමියනි ,විදේශ කටයුතු ඇමතිතුමනි සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්තුමනි, යුද හමුදාපතිතුමනි, පොලිස්පතිතුමනි අප මිතුරාගේ ජීවිතය නැවත ලබා ගත නොහැකි නමුත් වෙනත් රෝගීන් සදහා මෙවැනි සිදුවීම් සිදු නොවීමටත් ඔහුගේ බිරිඳටත් පාසල් යන දරු දෙදෙනාටත් යම් සාධාරණයක් ඉටු කරනු වස් අපක්ෂපාතී පරීක්ෂණයක් සිදුකොට වගකීම් විරහිතව කටයුතු කල සියලු දෙනාටම තරා තිරම නොබලා කටයුතු කරනු ඇතැයි දෑස් දල්වාගෙන බලා සිටින්නමු.එසේ නොවුනොත් කොරෝනා මාරයාගෙන් රට බේරා ගන්නා ලද සුදු කිරි කලයට ගොම බිදක් වැටුනාක් මෙන් ජාත්‍යන්තරය තුළ ද මේ සිදුවීම කැකෑරෙනු ඇත. අප මිතුරු උදයට නිවන් සුව පතනු ගමන් ඔහුගේ බිරිඳකටත් දරු දෙදෙනාටත් සාදරනයක් වනු ඇත‍යි අපි බලාපොරොත්තු වන්නෙමු.

මීට,
උදයගේ පවුලේ හිතවතුන් , ඉතාලියේ වෙසෙන ශ්‍රී ලංකිකයින් සහ උදයගේ මිතුරු මිතුරියන්

leave a reply