සජබ – එජාප සමගිය අලුත් වෙන ලකුණු

සමගි ජන බලවේගයට එක් වීම නිසා පක්ෂ සාමාජිකත්වය අත්හිටවනු ලැබූ සහ විනය ක්‍රියාමාර්ග ගත් එක්සත් ජාතික පක්ෂ පාක්ෂිකයන්ට පනවා තිබූ පක්ෂ තහනම් නියෝග සියල්ල ඉවත් කිරීමට ඊයේ සවස රැස් වූ එජාප කෘත්‍යාධිකාරී මණ්ඩලය තීරණය කර තිබේ.

එහි දී මේ සම්බන්ධ නීතිමය පසුබිම හා පැනනැගිය හැකි ගැටලු සොයාබැලීම සඳහා හිටපු නීතිපති ජනාධිපති නීතිඥ තිලක් මාරපනගේ ප්‍රධානත්වයෙන් කමිටුවක් පත් කිරීමට ද පියවර ගෙන ඇත.

එජාප සභාපති වජිර අබේවර්ධන පවසා සිටියේ සමගි ජන බලවේගයට එක්වූ එජාප පාක්ෂිකයන්ට කෘත්‍යාධිකාරී මණ්ඩලයේ දී ගත් මෙම පියවර නිසා යළි එජාපයට එක්වී සහයෝගයෙන් කටයුතු කිරීමට තිබූ බාධක ඉවත් වූ බවයි .

කෙසේ නමුත්, මෙම කෘත්‍යාධිකාරී මණ්ඩල රැස්වීම ඒ පිටකෝට්ටේ සිරිකොත පක්ෂ මූලස්ථානයේ දී එජාප නායක හිටපු ජනපති රනිල් වික්‍රමසිංහ ගේ ප්‍රධානත්වයෙන පවත්වා ඇති බව වාර්තා වේ.

හිටපු ජනපති රනිල් වික්‍රමසිංහ අත්තඩංගුවට ගත් අවස්ථාවේ සිට පොදු සන්ධානයකින් කටයුතු කිරීමට සංවිධානය වූ සියලු පාර්ශව වෙත ස්තුතිය පළ කිරීමේ යෝජනාවක් ද මෙම කෘත්‍යාධිකාරී මණ්ඩල රැස්වීමේ දී ඒකමතිකව සම්මත වී ඇත.

එක්සත් ජාතික පක්ෂය සහ සමගි ජන බලවේගය අතර අමුතුවෙන් එකතු වීමට කියා යමක් තිබුනේ නැත. වෙනසක් ලෙස තිබුනේ පසුගිය රනිල් – රාජපක්ෂ ආණ්ඩු සමයේ එක්සත් ජාතික පක්ෂයේ පිරිස පොහොට්ටුව සමඟ එකතුව ආණ්ඩුව ගෙන යාම සහ සමගි ජන බලවේගය විපක්ෂයේ සිටීම පමණි. එසේ නොමැතිව ඔවුන්ගේ ප්‍රතිපත්ති අතර කිසිදු වෙනසක් නොවීය. රනිල් අත්අඩංගුවට ගත් මොහොතේ මේ දෙපිරිස එකතු වෙන්නේ එම නිසායි.

Share post:

Popular

වෙනත් පුවත්

සරත්චන්ද්‍ර ගේ “බෝ දෑ නික්මෙති”

මේ කවියා සරත්චන්ද්‍රර වල්පොල නොහොත් බොහෝ සමීපතමයන්ගේ ආමන්ත්‍රණවාචී "සරා"...

මට කොහොමටවත් මතක නෑ මගේ එක මොකක්ද කියල .

Mauro Biani ඉතාලියේ ජනරජ පුවත්පත වෙනුවෙන් Mauro Biani විසින් ඇඳි කාටූනයක් 

රතු තිත් දහස් ගණනක් පිටුපස ඇති පෘථිවියේ ජීවමාන හෘදස්පන්දනය…

අපේ පෘථිවි ග්‍රහලෝකය කියන්නේ ඇතුළතින් නිතරම වෙනස් වන, නිරන්තරයෙන්...

22 සම්මතයි

22 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය සහ අධිකරණ සංවිධාන සංශෝධන...