වාහන ආනයනයෙන් බදු ආදායම් ඉහළ යාම ගැන සතුටු විය හැකිද?

ආනයනික වාහනවලින් රේගු දෙපාර්තමේන්තුව මේ වනවිට රුපියල් බිලියන 430 කට ආසන්න බදු ආදායමක් උපයා ඇතැයි රේගු අධ්‍යක්ෂ ජනරාල් සීවලී අරුක්ගොඩ පැවසීය.

වාහන ආනයනයෙන් රේගු දෙපාර්තමේන්තුව මේ වසරේදී රුපියල් බිලියන 450 ක ආදායමක් බලාපොරොත්තු වන බවද රේගු අධ්‍යක්ෂ ජනරාල්වරයා පැවසීය.

වාහන ආනයනය රජය විසින් තවමත් සීමාකර නොමැති නිසා වාහන ආනයනයෙන් රේගුවට උපයාගත හැකි බදු ආදායම රුපියල් බිලියන 450 ඉක්මවා යාමට හැකිවනු ඇතැයි ඔහු පවසා ඇත.

මෙම බදු මුදල් රුපියල් ලෙස රටට ලැබෙන නමුත් වාහන මිලදී ගැනීම සඳහා වියදම් කිරීමට සිදුවන්නේ ඩොලර්වලිනි. වාහන ආනයනය සීමා ලිහිල් කිරීම නිසා රටට අහිම්වෙන ඩොලර්වලට සාපේක්ෂව රටට ලැබෙන රුපියල් අඩු වැදගත් කමක් හිමිවේ. අපේ රට ණය අර්බුදයට යන්නේ ඩොලර් සංචිත හිඳී යාම හේතුවෙනි.

එසේම විද්‍යුත් වාහන ගෙන්වීමේදී සිදුව ඇති වංචාවන් සම්බන්ධයෙන් තවමත් පරීක්ෂණ පවත්වා ගණනය කිරීමක් සිදුකර නැත. මේ අනුව ඉලක්කම් කිහිපයක් වැඩිවී තිබුනද රටේ ආර්ථිකයට වාසියක් සිදුව ඇතිදැයි ඇත්තටම බැලීමට සිදුවන්නේ මේ සමථ දේවල් ගැන නිසි පරිදි ගනනනය කිරීමෙනි.

Share post:

Popular

වෙනත් පුවත්

ශිරන්තිලා අනුන්ගෙන් ලැබුණු බඩුවලට තමන්ගේ නම ගහලා

චීන රජයෙන් පරිත්‍යාගයක් ලෙස ලැබුණු MRI ස්කෑනර් යන්ත්‍රයක් ,...

දීපචෙල්වම්ගේ කෘති නිදහස් කරන්නැයි නියෝගයක්

දීපචෙල්වම් ප්‍රදීපන්ගේ නම් ලේඛකයා විසින් රචිත ලද දෙමළ භාෂා...

IMF එක්ක දීගය අතාරින්න සූදානම් නෑලු

ශ්‍රී ලංකාව ළඟා කරගත් ආර්ථික ස්ථායීතාවය ආරක්ෂා කරගනිමින් ආර්ථික...

සජබ පිරිසක් ආණ්ඩුවට එරෙහිව ජාතිවාදය අවුළුවන්න ගිහින්

පොදුජන පෙරමුණ මෙන්ම සමගි ජන බලවේගයද උත්සාහ කරන්නේ ජාතිවාදය,...