ආනයනික වාහනවලින් රේගු දෙපාර්තමේන්තුව මේ වනවිට රුපියල් බිලියන 430 කට ආසන්න බදු ආදායමක් උපයා ඇතැයි රේගු අධ්‍යක්ෂ ජනරාල් සීවලී අරුක්ගොඩ පැවසීය.
වාහන ආනයනයෙන් රේගු දෙපාර්තමේන්තුව මේ වසරේදී රුපියල් බිලියන 450 ක ආදායමක් බලාපොරොත්තු වන බවද රේගු අධ්‍යක්ෂ ජනරාල්වරයා පැවසීය.
වාහන ආනයනය රජය විසින් තවමත් සීමාකර නොමැති නිසා වාහන ආනයනයෙන් රේගුවට උපයාගත හැකි බදු ආදායම රුපියල් බිලියන 450 ඉක්මවා යාමට හැකිවනු ඇතැයි ඔහු පවසා ඇත.
මෙම බදු මුදල් රුපියල් ලෙස රටට ලැබෙන නමුත් වාහන මිලදී ගැනීම සඳහා වියදම් කිරීමට සිදුවන්නේ ඩොලර්වලිනි. වාහන ආනයනය සීමා ලිහිල් කිරීම නිසා රටට අහිම්වෙන ඩොලර්වලට සාපේක්ෂව රටට ලැබෙන රුපියල් අඩු වැදගත් කමක් හිමිවේ. අපේ රට ණය අර්බුදයට යන්නේ ඩොලර් සංචිත හිඳී යාම හේතුවෙනි.
එසේම විද්‍යුත් වාහන ගෙන්වීමේදී සිදුව ඇති වංචාවන් සම්බන්ධයෙන් තවමත් පරීක්ෂණ පවත්වා ගණනය කිරීමක් සිදුකර නැත. මේ අනුව ඉලක්කම් කිහිපයක් වැඩිවී තිබුනද රටේ ආර්ථිකයට වාසියක් සිදුව ඇතිදැයි ඇත්තටම බැලීමට සිදුවන්නේ මේ සමථ දේවල් ගැන නිසි පරිදි ගනනනය කිරීමෙනි.