වර්තමානයේ යළි කතාබහට ගැනෙන ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත තාවකාලික නීතියක් ලෙස හඳුන්වා දුන්නේ 1979 ජූලි මාසයේ එවක ජයවර්ධන පාලනය විසින්. විවිධ අවස්ථාවල මේ පනත අහෝසි කිරීමේ කතාබහ දේශපාලන වේදිකාවන් මතට පැමිණියත් බලය ලබා ගැනීමෙන් පසුව ඒ සඳහා ජනතාවට දුන් බලාපොරොත්තු ඉෂ්ට කරන්න මෙතෙක් පැවැති කිසිදු ආණ්ඩුවක් කටයුතු කළේ නැහැ. ජනතා විමුක්ති පෙරමුණේ නායකත්වයෙන් ගොඩනැගුණු ජාතික ජන බලවේගය ද ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත අහෝසි කරන බලාපොරොත්තුව ජනතාවට ලබා දෙමින් ජනාධිපතිවරණය, පාර්ලිමේන්තු මැතිවරණය ජයග්‍රහණය කරනු ලැබුවා . ජාතික ජනබලවේගයේ නායකත්වය දරන ජනතා විමුක්ති පෙරමුණ මේ පනතට එරෙහිව හඬ නැගුවේ පනතේ ආරම්භක මොහොතේ සිට මේ පනත සහමුලින්ම අහෝසි කර දැමිය යුතුයි කියන ස්ථාවරයේ ඉඳගෙන.
ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත සම්මත කරගැනීමේ ක්‍රියාවලිය
ත්‍රස්තවාදය වැළක්වීමේ පනත් කෙටුම්පත මුල්වරට පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනු ලැබුවේ 1979 ජුලි මස 19 වැනි දින ය. පළමුවර කියැවීමෙන් පසු පනත් කෙටුම්පතේ ව්‍යවස්ථානුකූල භාවය විමසීම සඳහා එවක ජනාධිපති ජෙ.ආර් ජයවර්ධන විසින් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 122 (1) (ආ) අනුව්‍යවස්ථාව අනුගමනය කරමින් ජාතියේ හිතසුව පිණිස වහා අවශ්‍ය වන්නා වූ පනත් කෙටුම්පතක් ලෙස අග්‍ර විනිශ්චයකාරවරයා අමතා යවන ලිඛිත යොමු කිරීමක් ලෙස ශ්‍රේෂ්ඨාධිකරණය වෙත යොමු කරන ලදී.
මෙම කරුණ සම්බන්ධයෙන් සිය තීරණය ලබාදීමට 1979 ජුලි මස 19 දින පෙ.ව 10.30 ට එම්. ඩී. එම සමරකෝන් අග්‍ර විනිශ්චයකාරවරයා ඇතුළු ත්‍රි පුද්ගල විනිසුරු මණ්ඩලය රැස් වූ අතර විනිසුරු මඩුල්ලට සලකා බැලීමට තිබූ එකම ප්‍රශ්නය වූයේ ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත් කෙටුම්පත ජනමත විචාරණයක් මගින් ජනතාව වෙත ඉදිරිපත් කළ යුතු ද යන්නයි. මෙම පනත් කෙටුම්පත ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ යම් ප්‍රතිපාදනයක් ඉවත් කිරීම හෝ සංශෝධනය කිරීමක් සිදු කිරීම අපේක්ෂා නොකරනේය යන පදනම මතපනත් කෙටුම්පත ජනමත විචාරණයකට යොමු කිරීම අවශ්‍ය නොවන බවට ගරු ශ්‍රේෂ්ඨාධිකරණය තීරණය කරන ලදි. ඉන්පසු, එදින ම ශ්‍රේෂ්ඨාධිකරණය සිය මතය කථානායකවරයාට දැන්වූ අතර පළමු වර කියැවීම මෙන්ම දෙවන වර කියැවීම, කමිටු අවස්ථා සංශෝධන ඉදිරිපත් කිරීම හා තුන්වෙනිවර කියැවීම සිදු වූයේ 1979 ජුලි 19 වන දින ම ය. කෙටුම්පතට කථානායකවරයා අත්සන යෙදුවේ 1979 ජුලි 20 වැනි දින ය. ඒ අනුව. පැය 24ක කාලයක් තුළ ත්‍රස්තවාදය වැළක්වීමේ පනත මෙරට නීතියක් බවට පත්විය.
ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමේදී එය එහි දීර්ඝ නාමයෙන් විස්තර කර නොතිබුණු අතර ඒ අනුව පාර්ලිමේන්තුවේ න්‍යාය පුස්තකයට ඇතුළත් කිරීමක් ද නොකළේය. එසේම, අමාත්‍ය මණ්ඩලය විසින් මෙම පනත් කෙටුම්පත හදිසි පනතක් බවත් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 84 (2) අනුව්‍යවස්ථා අනුව නියමිත විශේෂ බහුතර ඡන්දයෙන් සම්මත කිරීමට අපේක්ෂා කරන බවත් ශ්‍රේෂ්ඨාධිකරණයට යවන ලද ලිඛිත යොමු කිරීමේ සදහන් විය. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ යම්කිසි විධි විධානයක් සංශෝධනය කිරීම හෝ ඉවත් කිරීමට නොවන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනුකුල නොවන පනත් කෙටුම්පත් පාර්ලිමේන්තුවේ 3/2ක විශේෂ බහුතර ඡන්දයකින් සම්මත කරගන්නා ආකාරය 84 (2) අනුව්‍යවස්ථාව දක්වයි. ඒ අනුව. ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත් කෙටුම්පත නීතියක් බවට පත් කිරීමේ කාර්යයේදී ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනනුකූල පනතක් වුවද සම්මත කර ගැනීමට පාර්ලිමේන්තුවට ඇති විශේෂ බලය එවක ජනාධිපතිවරයා ප්‍රමුඛ අමාත්‍ය මණ්ඩලය විසින් ක්‍රියාවේ යොදවන ලදී. ඒ අනුව, පනත් කෙටුම්පත තුන්වනවර කියැවීමේදී ඊට පක්ෂව ඡන්ද 131 ලැබුණු අතර විරුද්ධව කිසිදු ඡන්දයක් නොලැබිණි.
හදිසි පනතක් ලෙස නම් කරන ලද ත්‍රස්තවාදය වැළක්වීමේ පනත් කෙටුම්පතේ ව්‍යවස්ථානුකූල භාවය හෝ එහි යම් ප්‍රතිපාදන සර්ව සාධරණත්වයේ අයිතිවාසිකම, අත්තනෝමතිකව සිරභාරයට ගැනීමෙන්, රඳවා තබා ගැනීමෙන් සහ දඬුවම් කිරීමෙන් නිදහස. නීතියෙන් නියම කරනු ලබනු ලැබූ කාර්ය පටිපාටිය අනුව මිස ආසන්නතම නිසි අධිකරණයේ විනිශ්චයකාරවරයා ඉදිරියට ගෙන ගොස් නීතියෙන් නියම කර ඇති ආකාරයට මිස ඒ තැනැත්තාගේ පෞද්ගලික නිදහස අහිමි කිරීම කිරීම ආදී මූලික අයිතිවාසිකම් වලට ඇති කරන බලපෑම හෝ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 15 (7) අනුව්‍යවස්ථාවේ දක්වා ඇති මූලික අයිතිවාසිකම් පිළිබඳ සීමා කිරීම් වලට කොතෙක් දුරට අනුකූලදැයි තීරණය කිරීමේ අවස්ථාවක් ගරු ශ්‍රේෂ්ඨාධිකරණයට නොවීය. (ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත ඉතිහාසය සන්දර්භය හා වර්තමාන භාවිතය රයිට් ටූ ලයිෆ් මානව හිමිකම් මධ්‍යස්ථානය)
J.R ජයවර්ධන විසින් ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත සම්මත කර ගනු ලබන්නේ පැය විසි හතරකටත් වඩා අඩු කාලයක් තුළදී. එදා සිට අද දක්වාම මේ පනත හරහා වින්දිතයන් බවට පත්වුණේ පහළ ස්තරයේ ජනතාවය, කම්කරු වන්නේය, අයිතිවාසිකම් වෙනුවෙන් ඉල්ලීම් කළ අරගල කළ ශිෂ්‍යයන්ය, එපමණක් ද නොව ත්‍රස්තවාදයට මුවා වී මේ පනත හරහා නිරපරාදේ දඬුවම් විදී දෙමළ, මුස්ලිම් විශාල පිරිසක් සිටියි .
මේ මර්දනකාරී පනත සහමුලින්ම අහෝසි කරන බවට ජනතාව ඉදිරියේ බලාපොරොත්තු තබා ගෙන තුනෙන් දෙක ඉක්මවූ බලයක් ලබාගත් අනුර කුමාරගේ නායකත්වයෙන් යුතු ජාතික ජන බලවේගය අද යෝජනා කරන්නේ ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත අහෝසි කරනවානම් ඉන් ඇතිවන හිඩැස පුරවන්නට ඊට අනුරූපී පනතක් ගෙන ආ යුතු බවයි..
බලය නොමැති මොහොතේ විපක්ෂයේ සිටි ජනතා විමුක්ති පෙරමුණද පුන පුනා ප්‍රකාශ කළේ ත්‍රස්තවාදය වැළැක්වීමේ පනතෙන් කළ හැකි සියලු දේ රටේ පවතින නීතිය යටතේ කළ හැකි බවයි. එනිසා මේ පනත අහෝසි කර දැමිය හැකි බවත් ඒ පනත වෙනුවට වෙනත් පනතක අවශ්‍යතාවයක් නොමැති බවත් එදා පැවසූ ජනතා විමුක්ති පෙරමුණ බලය ලබාගත් පසු සූදානම් වන්නේ කුමකටද කියන එක පිළිබඳව ජනතාව විමසිලිමත් විය යුතුයි.
ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත වෙනුවට වෙනත් පනතක් ගෙන ඒමට වත්මන් ආණ්ඩුව ගන්නා උත්සාහයට එරෙහිවත් සමාජ මාධ්‍ය වාරණ නීති අහෝසි කරන ලෙසත් බල කරමින් මහජන කවුන්සිලයක් සඳහා ජනතා ව්‍යාපාරය විසින් අද (2025.05.28) දින පවත්වන ලද මාධ්‍ය හමුවේදී අදහස් දැක්වූ මාධ්‍යවේදී මොහොමඩ් ෆාරිස් මොහොමඩ් ෆසිර්.