සම සෞඛ්‍ය පත්වීම් ලබාදීම නවත්වමින් උසාවි නියෝගයක්

සෞඛ්‍ය අමාත්‍යාංශයට සම සෞඛ්‍ය උපාධිධාරින් අතරින් වෛද්‍ය කාර්මික ශිල්පීන් සහ භෞතික චිකිත්සකයන් බඳවා ගැනීමට නියමිතව පත්වීම්ලබා දීමේ තීරණය නවතාලමින් අභියාචනාධිකරණය නියෝගයක් නිකුත් කර තිබේ.

මෙම නියෝගය ජූනි මස 11 වැනි දින දක්වා බල පැවැත්වේ.

අභියාචනාධිකරණය මෙම නියෝගය නිකුත් කරනු ලැබුවේ සම සෞඛ්‍ය උපාධිධාරීන් 270 දෙනෙකු විසින් ගොනු කර තිබූ පෙත්සමක් සලකා බැලීමෙන් පසුවය.

සම සෞඛ්‍ය උපාධිධාරී විමුක්ති චන්දුල ඇතුළු 270 දෙනෙකු විසින් ගොනුකොට තිබූ මෙම පෙත්සමේ වගඋත්තරකරුවන් වශයෙන් සෞඛ්‍ය අමාත්‍යාංශයේ ලේකම් වෛද්‍ය අනිල් ජාසිංහ සහ සෞඛ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස ඇතුළු පිරිසක් නම් කරනු ලැබ තිබේ.

පෙත්සමේ මෙසේ සඳහන් වේ.

පෙත්සම්කරුවෝ සියලු දෙනාම සම සෞඛ්‍ය උපාධිධාරීහු වෙති.

පසුගිය අප්‍රේල් මස 27 වැනි දින 23 89 දරණ ගැසට් නිවේදනය මගින් සෞඛ්‍ය අමාත්‍යාංශයට වෛද්‍ය කාර්මික ශිල්පීන් සහ භෞත චිකිත්සකයන් සම සෞඛ්‍ය උපාධිධාරීන් අතරින් තරඟ විභාගයක් තුළින් බදවා ගන්නා බවට ප්‍රසිද්ධ කෙරිණි. පෙත්සම්කරුවෝද ඊට අයදුම් කළහ.

එහෙත් එම කැසට් නිවේදනයේ 6 වෙනි ඡේදයේ සදහන් කරුණු විමර්ශනය කිරීමේදී පෙනී යන්නේ සම සෞඛ්‍ය උපාධිධාරින් බදවා ගැනීම කුසලතා පදනම මත සිදුවන බවත් ඒ මගින් පෙත්සම්කරුවන් ට ඉමහත් අසාධාරණයක් සහ අගතියක් සිදුවන බවත් ය.

ඊට හේතු වන්නේ පෙත්සම්කරුවන්ගේ උපාධි ප්‍රතිඵල සම්බන්ධයෙන් කිසිදු සැලකිල්ලක් නොදැක්වීමය. එබැවින් මෙම තරග විභාගයේ ප්‍රතිඵල මත මෙම පත්වීම් ලබාදීම අසාධාරණ අයුක්ති සහගත බවද ඔවුහු කියා සිටීති.

එබැවින් වගඋත්තර කරුවන්ට නොතීසි නිකුත් කරන ලෙසද , පත්වීම් ලබාදීම වළකාලන නියෝගයක් නිකුත් කරන ලෙසද පෙත්සම්කරුවෝ සිය පෙස්සමෙන් ඉල්ලා ඇත.

Share post:

Popular

වෙනත් පුවත්

ජනතාව ත්‍රස්තවාදීන් කරන ආණ්ඩුවේ මර්දන පනත පරාජය කළ යුතුයි.

ත්‍රස්තවාදයෙන් රාජ්‍යය ආරක්ෂා කර ගැනීමේ පනත(PSTA) නමින් ආණ්ඩුව පාර්ලිමේන්තුවට...

ශිරන්තිලා අනුන්ගෙන් ලැබුණු බඩුවලට තමන්ගේ නම ගහලා

චීන රජයෙන් පරිත්‍යාගයක් ලෙස ලැබුණු MRI ස්කෑනර් යන්ත්‍රයක් ,...

දීපචෙල්වම්ගේ කෘති නිදහස් කරන්නැයි නියෝගයක්

දීපචෙල්වම් ප්‍රදීපන්ගේ නම් ලේඛකයා විසින් රචිත ලද දෙමළ භාෂා...

IMF එක්ක දීගය අතාරින්න සූදානම් නෑලු

ශ්‍රී ලංකාව ළඟා කරගත් ආර්ථික ස්ථායීතාවය ආරක්ෂා කරගනිමින් ආර්ථික...