ශ්‍රී ලංකා වෘත්තීය ජනමාධ්‍යවේදීන්ගේ සංගමය සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය නලින්ද ජයතිස්ස වෙත අද ලිපියක් යොමු කර තිබුණා .. එම ලිපියෙන් භාෂනයේ සහ ප්‍රකාශනයේ නිදහස අහිමි කිරීමේ අරමුණින් රජය මාධ්‍යවේදීන්ව හැඳුනුම්පතකට කොටු කරන්නට සූදානම් වීම සම්බන්ධයෙන් ඔවුන්ගේ විරෝධය දක්වා තිබුණි . පහත පලවන්නේ සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය නලින්ද ජයතිස්ස වෙත යොමු කළ ලිපියයි .
2025-05-08
වෛද්‍ය නලින්ද ජයතිස්ස
සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය
ජනමාධ්‍ය අමාත්‍යාංශය
163, ඇසිදිසි මැඳුර, කොළඹ 05.
මහත්මාණෙනි,
භාෂණයේ හා ප්‍රකාශනයේ නිදහස අහිමි කිරීමේ රජයේ ප්‍රතිපත්තියට පිළිකුල පළ කිරීම.
අද (මැයි 08) දින පැවති කැබිනට් තීරණ දැනුම්දීමේ ප්‍රවෘත්ති සාකච්ඡාවේදී ලංකා ස්කයි නිව්ස් වෙබ් අඩවියේ ර්කතෘ මාධ්‍යවේදී ශාන්ත විජේසූරිය මහතා වෙත ප්‍රවෘත්ති දෙපාර්‌තමේන්තුවේ ශ්‍රවණාගාර පරිශ්‍රය වෙත ඇතුල්වීමට ඉඩ නොදීම ශ්‍රී ලංකාවේ මාධ්‍ය නිදහසටත්, භාෂණයේ සහ ප්‍රකාශනයේ නිදහසටත් ර්වතමාන ජාතික ජන බලවේග රජය විසින් සිදුකළ බරපතල බලපෑමක් බැවින් එයට අප සංගමයේ විරෝධය සහ පිළිකුල ජනමාධ්‍ය අමාත්‍යවරයා ලෙස ඔබ වෙතත් එමෙන්ම රජය වෙතත් පළ කරන්නෙමු.
ලංකාවේ ප්‍රකට මාධ්‍යවේදීයෙකු මෙන්ම අප සංගමයේ විධායක සභිකයෙකුද වන ශාන්ත විජේසූරිය මහතාට මෙම ප්‍රවෘත්ති සාකච්ඡාව වෙත ප්‍රවේශවීමට ප්‍රවෘත්ති අධ්‍යක්ෂ ජනරාල්වරයා ඉඩදී නොමැත්තේ ප්‍රවෘත්ති දෙපාර්‌තමේන්තුව විසින් නිකුත් කළ මාධ්‍යවේදී හැඳුනුම්පත ඔහු සතුව නොමැති බැව් පවසමිනි. එහෙත් ඒ මොහොතේ ජාත්‍යන්තර ජනමාධ්‍යවේදීන්ගේ සම්මේලනය සහ ශ්‍රී ලංකා වෘත්තීය ජනමාධ්‍යවේදීන්ගේ සංගමය ඒකාබද්ධව නිකුත් කළ මාධ්‍යවේදී හැඳුනුම්පත මෙන්ම ඔහු ර්කතෘත්වය දරණ මාධ්‍ය ආයතනයේ නිල හැඳුනුම්පතද ඔහු සතුව පැවතිණි..
සතිපතා පැවැත්වෙන කැබිනට් තීරණ දැනුම් දීමේ ප්‍රවෘත්ති සාකච්ඡාව සඳහා සහභාගි වීමට මින් ඉදිරියට අවසර ලබා දෙන්නේ රජයේ ප්‍රවෘත්ති දෙපාර්‌තමේන්තුවේ හැඳුනුම්පත හිමි ජනමාධ්‍යවේදීන්ට පමණක් බව 2025-04-29 වන දින රජයේ ප්‍රවෘත්ති දෙපාර්‌තමේන්තුවේ පැවති කැබිනට් තීරණ දැනුම්දීමේ ප්‍රවෘත්ති සාකච්ඡාවේදී ඔබ විසින් ප්‍රකාශ කොට සතියක් ගතවීමෙන් පසු අද දින මෙම සිද්ධිය ඇති වී තිබේ. ජනමාධ්‍ය අමාත්‍යවරයා ලෙස ඔබගේ එම උද්දච්ඡ ප්‍රකාශයෙන් පසු සිදුවූ මෙම සිද්ධිය නිදහසේ අදහස් ප්‍රකාශ කිරීමට ජනමාධ්‍යවේදීන්ට ඇති අයිතියට කළ ර්තජනයක් ලෙසත්, රජයට හීලෑ ජනමාධ්‍යවේදීන් පිරිසක් පමණක් ප්‍රවෘත්ති සාකච්ඡාව සඳහා කැඳවීමට ගත් නීච උත්සාහයක් ලෙසත්, මාධ්‍ය ර්මධනය සඳහා වත්මන් රජයද මෙයට පෙර රජයන් සේම ගන්නා ක්‍රියාමාර්ගයක් ලෙසත් ලංකාවේ ජනමාධ්‍යයන්හි සහ මාධ්‍යවේදීන්ගේ නිදහස අගයන වගකිවයුතු මාධ්‍ය සංවිධානයක් ලෙස අප සලකන්නෙමු.
ලංකාවේ රජය මගින් මාධ්‍ය හැඳුනුම්පතක් නිකුත් කිරීම මගින්ම ජනමාධ්‍යවේදීන් හීලෑ කරගැනීමක් මෙන්ම රජය මාධ්‍යවේදය වෙත තම බලාධිකාරය පැටවීමක් සිදුවන බව අපගේ විශ්වාසයයි. එබැවින් නතාවාදී රජයක් ලෙස රටතුළ නිදහස් මාධ්‍යයක් පවත්වා ගෙන යාමට අනුබල දෙන්නේ නම් සිදුවිය යුත්තේ හැඳුනුම්පත් නිකුත් කිරීම ස්වාධීන ආයතන ව්‍යුහයක් වෙත පවරා සියළු මාධ්‍යවේදීන් වෙතකැබිනට් තීරණ දැනුම්දීමේ රැස්වීම ආවරණයට අවසර ලබා දී මාධ්‍යවේදීන් විමසන ප්‍රශ්න වලට අභීතව පිළිතුරු සැපයීමයි.
එබැවින් නිදහස් ජනමාධ්‍ය තුලින් සිදුවන රජය පිළිබඳ සාධාරණ විවේචනවලට පිළිතුරු සැපයීමේ දුබලතාවය මෙන්ම ඒවා දරා ගැනීමේ නොහැකියාව අමාත්‍යවරයා ලෙස ඔබෙන් සහ නිලධාරීන් වෙතින් පෙන්නුම් කෙරෙන අවස්ථාවක් ලෙස මෙම සිදුවීම අප සලකන්නෙමු.
මාධ්‍යවේදී ශාන්ත විජේසූරිය මහතාගේ භාෂණයේ හා ප්‍රකාශනයේ නිදහසට සිදුකළ මෙම සීමා පැනවීම ලංකාවේ සමස්ත මාධ්‍යවේදීන් වෙත සිදුකළ භාෂණයේ සහ ප්‍රකාශනයේ නිදහස සීමා කිරීමක් ලෙසත් පොදුවේ ශ්‍රී ලංකාවේ ජනතාවගේ තොරතුරු දැනගැනීමේ අයිතිය අහිමිකිරීමට ගත් උත්සාහයක් ලෙසත් සලකන අප මෙම සිදුවීම පිළිබඳ දැඩි කණසල්ල ඔබ වෙත පළකරන්නෙමු. එබැවින් මේ පිළිබඳව ඔබගේ කඩිනම් අවධානය යොමු වෙතැයි අපේක්ෂා කරමු.
ස්තූතියි!
දුමින්ද සම්පත් සභාපති
රංග බණ්ඩාරනායක ලේකම්
පිටපත්:
- ජාත්‍යන්තර ජනමාධ්‍යවේදීන්ගේ සම්මේලනය International Federation for Journalists (IFJ)
- ජනාධිපති අනුර කුමාර දිසානායක
- අධ්‍යක්ෂ ජනරාල් – ප්‍රවෘත්ති දෙපාර්‌තමේන්තුව