අධිකරණයට භාර වෙනකම් ප්‍රසන්න අල්ලන්න බැරිවෙයි

හිටපු රාජ්‍ය අමාත්‍ය ප්‍රසන්න රණවීර මහතා ලබන 19වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කර තිබේ.

කිරිබත්ගොඩ පිහිටි රජයේ ඉඩමක් ව්‍යාජ ලිපිලේඛන සකසා අලෙවි කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් අධිකරණය මඟහැර සිටි හිටපු රාජ්‍ය අමාත්‍ය ප්‍රසන්න රණවීර අද (07) පෙරවරුවේ මහර මහෙස්ත්‍රාත් අධිකරණය වෙත භාර වී තිබුණි. එතෙක් ඔහු අත්අඩංගුවට ගැනීමට පොලීසියට නොහැකි විය.

ඔහු අධිකරණය මඟහැරීම හේතුවෙන් අත්අඩංගුවට ගැනීම සඳහා විවෘත වරෙන්තුද නිකුත් කර තිබුණි.

අධිකරණය වෙත භාර වු හිටපු අමාත්‍යවරයා ලබන 19වනදා දක්වා රක්ෂිත බන්ධනාගත කරන ලෙස මහර ප්‍රධාන මහෙස්ත්‍රාත්වරිය නියෝග කර තිබේ.

අදාළ සිද්ධිය සම්බන්ධයෙන් හිටපු අමාත්‍ය මර්වින් සිල්වාද මේවන විට රක්ෂිත බන්ධනාගාරගත කර සිටියි.

Share post:

Popular

වෙනත් පුවත්

ප්‍රංශ අරගලයයි මාධ්‍ය ඉස්මතු කරන දේයි අතර වෙනස 

ධනපති පාලකයන් විසින් ජනතාව පීඩාවට පත් කිරීමට එරෙහිව ගොඩනැගෙන...

ප්‍රංශයේ මොකද වෙන්නේ? ඉතාලියේ මොකද උනේ?

ප්‍රංශයෙන් ආරම්භ වුණු ශිෂ්‍ය විරෝධතා රැල්ල පිළිබඳව ලෝක මට්ටමින්...

දුමින්ද හුලංගමුවගේ අයිතිය පිළිබඳ ප්‍රශ්නයක්

දුමින්ද හුලංගමුව මහතා ජනාධිපති අනුර කුමාර දිසානායකගේ ආර්ථික උපදේශක...

රට පුරා නායයෑම් අධි අවදානම් සහිත ස්ථාන 30,000ක්!

පවතින අධික වර්ෂාපතනය සමඟ මේ වන විට රට පුරා...