අධිකරණයට අපහාස කිරීමේ නීතිය ගැන සංවාදය ඉදිරියට

අධිකරණයට අපහාස කිරීම පිළිබඳ පනත සම්බන්ධයෙන් පවතින ගැටලු ශ්‍රී ලංකා නීතීඥ සංගමය සහ අධිකරණ සේවා කොමිෂන් සභාව සමඟ සාකච්ඡා කරන බව අධිකරණ අමාත්‍ය හර්ෂණ නානයක්කාර පවසා තිබේ.

අද (08) පාර්ලිමේන්තුවේදී අධිකරණ අමාත්‍යවරයා මේ බව පවසා සිටියේ, අධිකරණය තුළ දුරකථනය නාද වීම හේතුවෙන් රක්ෂිත බන්ධනාගාරගත කිරීමට නියම වී අඟුණකොළපැලැස්ස බන්ධනාගාරයේ රඳවා සිටියදී මිය ගිය පුද්ගලයෙකුගේ මරණය සම්බන්ධයෙන් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් විසින් විමසූ අවස්ථාවේදීයි.

මෙහිදී, පාර්ලිමේන්තු මන්ත්‍රී ජනාධිපති නීතීඥ ෆයිසර් මුස්තාපා පවසා සිටියේ අධිකරණයකදී දුරකථනය නාද වීම, නීතිඥවරුන්ට මෙන්ම ඕනෑම අයෙකුට සිදුවිය හැකි යමක් බවයි.

එවැනි හේතුවක් මත පමණක් පුද්ගලයෙකු රක්ෂිත බන්ධනාගාරගත කිරීමත්, එම පුද්ගලයා බන්ධනාගාරය තුළදී මිය යෑමත් බරපතළ තත්වයක් බවද ෆයිසර් මුස්තාපා මන්ත්‍රීවරයා පෙන්වා දී ඇත.

ඔහු තවදුරටත් අවධාරණය කළේ, අධිකරණයට අපහාස කිරීම පිළිබඳ පනත මෙලෙස අවභාවිත කිරීම, පුරවැසියන්ගේ අයිතීන් තර්ජනයට ලක්ව ඇති අතර ඒ පිළිබඳව වහාම අවශ්‍ය පියවර ගත යුතු බවයි.

මීට ප්‍රතිචාර දක්වමින්, අධිකරණයට අපහාස කිරීම පිළිබඳ පනත සම්බන්ධයෙන් පවතින ගැටලු සාකච්ඡා කිරීම සඳහා කමිටුවක් පත් කරන බවත් නීතීඥ වෘත්තිකයින්ට ඒ වෙනුවෙන් අදහස් ඉදිරිපත් කිරීමට අවස්ථාව සලසන බවත් අධිකරණ අමාත්‍ය හර්ෂණ නානායක්කාර මහතා පවසා සිටියා.

Share post:

Popular

වෙනත් පුවත්

ජනතාව ත්‍රස්තවාදීන් කරන ආණ්ඩුවේ මර්දන පනත පරාජය කළ යුතුයි.

ත්‍රස්තවාදයෙන් රාජ්‍යය ආරක්ෂා කර ගැනීමේ පනත(PSTA) නමින් ආණ්ඩුව පාර්ලිමේන්තුවට...

ශිරන්තිලා අනුන්ගෙන් ලැබුණු බඩුවලට තමන්ගේ නම ගහලා

චීන රජයෙන් පරිත්‍යාගයක් ලෙස ලැබුණු MRI ස්කෑනර් යන්ත්‍රයක් ,...

දීපචෙල්වම්ගේ කෘති නිදහස් කරන්නැයි නියෝගයක්

දීපචෙල්වම් ප්‍රදීපන්ගේ නම් ලේඛකයා විසින් රචිත ලද දෙමළ භාෂා...

IMF එක්ක දීගය අතාරින්න සූදානම් නෑලු

ශ්‍රී ලංකාව ළඟා කරගත් ආර්ථික ස්ථායීතාවය ආරක්ෂා කරගනිමින් ආර්ථික...