Breaking News

ජනතාවගේ අභිලාෂයන් දිශාවට අපි ආණ්ඩුවේ අතින් අදින්න ලෑස්තියි – දුමින්ද නාගමුව

අපි දන්නවා මේ මැතිවරණය ප්‍රතිඵලය ජනාධිපතිවරණ ප්‍රතිඵලයත් එක්ක සම්බන්ධයි. ඒ වගේම ජනාධිපතිවරණ ප්‍රතිඵලයේ තවත් ගුණාත්මක වෙනසක්. අපි ජනාධිපතිවරණය වෙලාවෙත් කිව්වා අරගලය විසින් ඇති කරපු ලංකාවේ දේශපාලන පරිවර්තනය විසින් තමයි මේ දේශපාලන වෙනසට ඉඩ විවර කරේ. ඒක අදියරයකින් දිගු වෙලා තවත් විශාල දේශපාලන පරිවර්තනයක් වෙලා තියෙනවා. විශේෂයෙන්ම ජාතික ජල බලවේගය අවධාරණය කරේ පාර්ලිමේන්තුව සුද්ද කරන්න කියලා. ඒ වගේම පාර්ලිමේන්තුව පුරවන්න කියලා ඔවුන්ගේ අපේක්ෂකයින්ගෙන්. ජනතාව ඒ ප්‍රකාශයන් දෙකටම සැලකිය යුතු ප්‍රතිචාරයක් දක්වලා තියෙනවා කියලා පේනවා. ඡන්ද ප්‍රමාණය ලක්ෂ 69 දක්වා වර්ධනය වෙලා තියෙනවා. විරෝධයකට දෙන ම ඡන්දයකට වඩා ආණ්ඩුව මොකක් හරි කරයි කියන බලාපොරොත්තුවක් සහිතව දෙන ලද ඡන්දයක් තැනට මේ ප්‍රතිඵලය ගමන් කරලා තියෙනවා. විශේෂයෙන්ම උතුරේ, කඳුකර තමිල ජනතාවගේ, මුස්ලිම් ජනතාවගේ ඡන්ද යම් ප්‍රමාණයකුත් ඔවුන්ට ලැබිලා තියෙනවා. මේක ලැබිලා තියෙන්නේ ජාතික ජන බලවේගය උතුරේ ප්‍රශ්නයට පොදුවේ ලංකාවේ ජාතික ප්‍රශ්නයට ප්‍රබල විසඳුමක් ඉදිරිපත් කරලා නැති අවස්ථාවක. ඒ ජනතාව ජීවත් වන ප්‍රදේශවල සැලකිය යුතු ඡන්ද ප්‍රමාණයක් ලැබිලා තියෙනවා. ඒ කියන්නේ ඒ ජනතාවගේ බලාපොරොත්තුවේ පණිවිඩය මේ ආණ්ඩුවට යොමු වෙලා තියෙනවා. මේක අරගලය නිසා ඇති වූ දේශපාලන පරිවර්තනයක්. ජනතාවත් එක්ක පැරණි දේශපාලනය සමග තිබුණු සම්බන්ධයේ පැහැදිලි කන්ඩනයක් මේ මැතිවරණ ප්‍රතිඵලය අපි දකිනවා. 

 

අපේ ප්‍රතිඵලය ගැනත් යමක් විය යුතුයි. අපි  29611 ක් රට පුරා ඡන්ද ලබාගෙන තියෙනවා. අපි බලාපොරොත්තු වුණා මේ මැතිවරණය තුළ පාර්ලිමේන්තුවට නියෝජිතයින් කීපදෙනෙක් යවාගන්න. ඒ ඉලක්කයට යන්න මෙහෙ මොහොතේ අපිට අපහසු වෙලා තියෙනවා. මෙතනදි ජාතික ජන බලවේග ඉදිරිපත් කරපු පණිවිඩය සහ අපේ පණිවිඩය අතර වෙනසක් තියෙනවා. ජාතික ජන බලවේගය දුන්න පණිවිඩය වුණේ මේක සුද්ද කරන්න ඔවුන්ගෙන් පුරවන්න කියලා. ඒක අයිති වුනේ අතීතයට. එතෙක් රාජපක්ෂලා රනිල්ලා කරපු දේශපාලන සංස්කෘතිය වංචා දූෂන වෙනස් කරන්න කියන එක තමයි ඔවුන්ගේ සටන් පාඨය වුණේ. අපි කතා කරේ ඇත්තටම අනාගතයේ දිශාවට. අපි කිව්වේ ත්‍යන්තර මූල්‍ය අරමුදල සමග ඇති කරලා තියෙන ගිවිසුම එකේ තියෙන අවදානම ඒවගේම ඉන්දියාව සමග ඇතිකරගෙන තියෙන ගිවිසුම් සහ ඒකෙ තියෙන අවදානම අමෙරිකාවේ මැදිහත්වීම ගැන අවදානම ඒ වගේම සමාජවාදී වැඩපිළිවෙලක්. මේ ප්‍රතිඵලය නිසා අපි කියපු දේවල් අපතේ යාමක් විදිහට අපි දකින්නේ නෑ. මේ දේශපාලනය විවෘත වෙන්නේ ඉස්සරහට.  මේව ගැන කතා කරන්න නියෝජනයක් අපිට පාර්ලිමේන්තුවේ තිබුණ නම් හොඳයි කියලා අපි හිතනවා. තිස්දහසකට ආසන්න ප්‍රමාණයක් අපිට ඡන්දය පාවිච්චි කරලා තියෙනවා. අපි ඔව්න්ට ස්තූතිවන්ත වෙනවා. ඒ වගේම අපිට ඡන්දෙ දෙන්න හිටපු අය හිටියා එකසිය දහතුන හදාගන්න බැරිවෙයි කියලා ජාතික ජන බලවේගයට ඡන්දෙ දුන්නා. අපි දිහා බලපු ඒ ගොල්ලන්ටත් අපි ස්තුතිවන්ත වෙනවා. මේකත් අවධාරණය කරන්න ඕනේ. අපේ ඡන්ද ප්‍රමාණය නෙමෙයි අපේ සමාජ බලපෑම. පසුගිය කාලේ ලංකාවේ සමාජය ඉතාම අසීරු තැන් තැන්වලට පත්වුණාට පස්සේ අපි දේශපාලන වයාපාර විදිහට ඒවට කර ගහලා ඒවට උරදීපු එකක් තියෙනවා. ඒ හෘද සාක්ෂිමය බැඳීම ජනතාව තුළ තියෙනවා කියලා අපි දන්නවා. ඒගොල්ලන්ට කියනවා ඉදිරියටත් ඒ ප්‍රවේශය තියාගන්න. මොකද මේ ආණ්ඩුව පත්වුණාට පස්සේ අපි කිව්වා ආණ්ඩුවේ කකුලෙන් අදින එකවත් මේ ආණ්ඩුවේ කරට අත දාගන්න එකවත් නෙමෙයි අපේ ප්‍රවේශය.  ඒ වෙනුවට ජනතාවගේ අභිලාෂය දිසාවට අරගලයේ අභිලාෂය දිසාවට අපි ආණ්ඩුවේ අතින් අදිනවා. මේ ආණ්ඩුව මෙහෙම තියෙද්දි පාර්ලිමේන්තුවෙන් එළියේ ජනතාවගේ විපක්ෂයේ වගකීම අපි ගන්න ලෑස්තියි.

https://youtu.be/brS6e99Noww?si=QU6poN_yGUWrTXPv හා dumin

leave a reply