Breaking News

කොවිඩ් වෛරසයේ නව ප්‍රබේදය ආසාදිත රෝගියෙක් ලංකාවෙන් හමුවේ

බ්‍රිතාන්‍යයෙන් මෑත කාලයේදී වාර්තා වූ නව කොවිඩ් වෛරස් ප්‍රභේදය ආසාදනය වූ පුද්ගලයෙකු මෙරටින් වාර්තා වී ඇති බව වසංගත රෝග විද්‍යා අංශයේ ප්‍රධානි විශේෂඥ වෛද්‍ය සුදත් සමරවීර ප්‍රකාශ කරයි.

වෛරසය ආසාදනය වී ඇත්තේ පසුගියදා බ්‍රිතාන්‍යයේ සිට මෙරටට ගුවන් මගින් පැමිණි පුද්ගලයෙකුට බව වසංගත රෝග විද්‍යා ඒකකයේ ප්‍රධානියා සඳහන් කර ඇත.

ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ ප්‍රතිශක්තිකරණ හා අණුක වෛද්‍ය අංශයේ මහාචාර්ය මහාචාර්ය නිළිකා මලවිගේ ඇතුළු කණ්ඩායමක් විසින් සිදුකළ පර්යේෂණයේදී මෙම වෛරස් ප්‍රභේදය ආසාදනය වූ රෝගියා සම්බන්ධයෙන් කරුණු හෙළි කර ගෙන ඇති බව විශේෂඥ වෛද්‍ය සුදත් සමරවීර සඳහන් කර ඇත.

leave a reply