OCAගේ වගන්ති 67 න් 51 ක් සංශෝධනයට , එකක් ඉවතට   

සංවිධානාත්මක අපරාධ වැළැක්වීමේ පනත් කෙටුම්පතට එරෙහිව ශ්‍රේෂ්ඨාධිකරණයට ගොනු කළ පෙත්සම් සලකා බැලීමෙන් අනතුරුව ශ්‍රේෂ්ඨාධිකරණය විසින් ඊට අදාළ තීන්දුව කතානායකවරයාට දැනුම් දී තිබුණා. එම නියෝගයට අනුව සංවිධානාත්මක අපරාධ වැළැක්වීමේ පනත් කෙටුම්පතේ ඇති වගන්ති 67න් 51ක් සංශෝධනය කිරීමටත් එක් වගන්තියක් සම්පූර්ණයෙන් ඉවත් කිරීමටත් දීර්ඝ නාමය හා පූර්විකාව වෙනස් කිරීමට නිර්දේශ ලබාදී තියනවා. මේ පනතට එරෙහිව ගොනු කළ පෙත්සම්කරුවන් අතර Youth for Change සංවිධානය ද සිටියා . ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුව සම්බන්ධයෙන් අදහස් ප්‍රකාශ කරමින් එහි සංවිධායක ලහිරු වීරසේකරා අසා සිටින්නේ එවැනි පනතක් සම්මත කිරීමේ තේරුම කුමක්ද යන්නයි .

පොලිසියට සැකකරුවන් රඳවා තබා ගැනීමේ කාලය පැය 48ක් හෝ 72ක් දක්වා දීර්ඝ කිරීමට බලය ලබා දීමට රජය උත්සාහ කරන බවට ඔහු චෝදනා කරනවා .මර්දනකාරී නීති අහෝසි කරන බවට පොරොන්දු වී බලයට පැමිණි ජාතික ජන බලවේගය සංවිධානාත්මක අපරාධ වැළැක්වීමේ පනත් කෙටුම්පත – OCA සහ ත්‍රස්තවාදයෙන් රාජ්‍යය ආරක්ෂා කිරීමේ පනත් කෙටුම්පත – PSTA හරහා මානව හිමිකම් උල්ලංඝනය වන ආකාරයේ නීති ගෙන ඒමට උත්සාහ  දරමින් ඉන්න බවට චෝදනා නගනවා.

එහිදී  අදහස් දැක්වූ ලහිරු විරසේකර වැඩිදුරටත් සඳහන් කර සිටියේ  අයවැය අධ්‍යාපන ප්‍රතිසංස්කරණ සහ රාජ්‍ය-පෞද්ගලික හවුල්කාරිත්ව (PPP) පනත හරහා රාජ්‍ය සම්පත් පෞද්ගලික අංශයට පැවරීමට එරෙහිව රාජ්‍ය සේවකයින්, ගුරුවරුන් සහ තරුණයින් අතර විරෝධතා  මතුවෙමින් ඇති බවත් ඉදිරියේදී මේ විරෝධතාවයන් මර්දනය කිරීම සඳහා නව නීති  සම්මත කරගැනීමට උත්සාහ කරන බවයි. 

Share post:

Popular

වෙනත් පුවත්

වගන්ති 67න් වගන්ති 53ක්ම වෙනස් කිරීමට සිදුවන OCA පනත ගෙනාවේ කාගේ වුවමනාවටද?

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව හමුවේ අභියෝගයට ලක්ව තිබූ සංවිධානාත්මක අපරාධ වැළැක්වීමේ...

අයවැයට එරෙහිව රාජ්‍ය වෘතීය සමිති ජාතික විරෝධතාවයකට සූදානම්

2027 අයවැය යෝජනාවලට විරෝධය පළ කරමින් හෙට (23) දිනයේදී...

නැවත IMF යනවද නැද්ද තීරණය කරන්න ‘රනිල්ගෙ’ කමිටුවක්

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ (අයි.එම්.එෆ්) ණය වැඩසටහන ලබන වසරේ (2027)...