ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව හමුවේ අභියෝගයට ලක්ව තිබූ සංවිධානාත්මක අපරාධ වැළැක්වීමේ පනත් කෙටුම්පත ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනුකූල බවට ශ්‍රේෂ්ඨාධිකරණය තීරණය කර තිබේ. ඒ අනුව, සංශෝධන කිහිපයකට යටත්ව එම පනත් කෙටුම්පත සම්මත කළ හැකි බව කථානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න පාර්ලිමේන්තුවට නිවේදනය කර තිබුණි.
ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 121(1) වැනි වගන්තිය යටතේ මෙම පනත් කෙටුම්පත ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ අභියෝගයට ලක් කර තිබූ බව ද, අධිකරණයේ තීරණය සභාව වෙත දැනුම් දෙමින් කථානායකවරයා සඳහන් කර ඇත.
කෙසේ වෙතත්, පනත් කෙටුම්පත සරල බහුතරයකින් සම්මත කර ගැනීමේදී නිශ්චිත සංශෝධන කිහිපයක් ඊට ඇතුළත් කිරීම අනිවාර්ය කෙරේ. වැඩබලන නීතිපතිවරයා විසින් ඉදිරිපත් කරන ලද සංශෝධන මෙන්ම, අධිකරණය විසින් නියම කරන ලද තවත් සංශෝධන ද පනත් කෙටුම්පතේ කාරක සභා අවස්ථාවේදී ඊට ඇතුළත් කළ යුතු බවට ශ්‍රේෂ්ඨාධිකරණය නියම කර ඇතැයි මෙහිදී ප්‍රකාශ කෙරිණි.
මේ අතර මෙම තීරණය සම්බන්ධයෙන් බොහෝ පිරිස් සමාජ මාධ්‍ය හරහා අදහස් දක්වා තිබුණි. එහිදී කතා බහට ලක්වූ කරුණක් ලෙස තිබුනේ මෙම පනතේ වගන්ති බොහොමයක් අයින් කිරීමට තීරණය වී තිබීමයි. එහිදී මෙම පනතේ අඩංගු වගන්ති 67කින් වගන්ති 57ක්ම අයින් කිරීමට නියමිත බව වාර්තා වේ. මේ පිළිබඳ අදහස් දක්වමින් මාධ්‍යවේදී තරිඳු ජයවර්ධන ප්‍රශ්න කර ඇත්තේ වගන්ති 67න් වගන්ති 53ක්ම වෙනස් කරීමට හරි ඉවත් කිරීමට හරි සිද්ධ වෙන මේ පනත ගෙනාවේ කාගේ උවමනාවකටද යන්නයි. ඔහු තම facebook ගිණුම වෙත එක්කර තිබූ සටහනක් පහත දැක්වේ.
”පොලිසියට වැඩිපුර බලයක් දෙන්න ගෙනා වගන්ති 67කින් යුත් සංවිධානාත්මක අපරාධ වැලැක්වීමේ පනත් කෙටුම්පත සරල බහුතරයෙන් සම්මත කිරීමට නම් නීතිපතිත් එකඟවූ පරිදි එහි වගන්ති 52ක් සංශෝධනය කිරීමත් එක් වගන්තියක් සම්පූර්ණයෙන්ම ඉවත් කිරීමත් කළ යුතු බව ශ්‍රේෂ්ඨාධිකරණය කතානායකට දැනුම් දෙයි
මෙම පනත් කෙටුම්පතට එරෙහිව ශ්‍රේෂ්ඨාධිකරණයට ගිය පෙත්සම්කරුවෙක් විදිහට මට තියෙන ප්රශ්නය වගන්ති 67න් වගන්ති 53ක්ම වෙනස් කරීමට හරි ඉවත් කිරීමට හරි සිද්ධ වෙන මේ පනත ගෙනාවේ කාගේ උවමනාවකටද? කවුද මේක කෙටුම්පත් කළේ? පනතේ කෙටුම්පත් කළ කමිටුව ඇයි හෙළිදරව් කරන්නේ නැත්තේ? අපි ඇතුළු පාර්ශ්ව 26ක් උසාවි ගියේ නැත්නම් මෙච්චර අවුල් තියන පනත තුනෙන් දෙකෙනේ සම්මත කරීමේ භයානක ඉඩක් තිබුණා.
පසුව ලියන්නේ –
මේ වෙනස්කං කළ පමණින් පනතේ තියෙන ගැටළු නිරාකරණය වෙන්නේ නෑ.”




