ඉතාලිය පුරා දහස් ගණනක් සිසුන් සහ කම්කරුවන් ඔක්තෝම්බර් 30 වන සිකුරාදා වීදි බැස්සා. අධ්යාපනයට වෙන් කරන මුදල් වැඩි කරන්න සහ ඉහළ යන ජීවන වියදමට සහනයක් සලසන්න ඇතුළු ඉල්ලීම් ගණනාවක් මුල් කරගෙන . ඉතාලියේ ප්රධාන නගර 40 ක පමන වැඩ වර්ජන විරෝධතා පවත්වනු ලැබුවා. මිලියන දෙකකට වැඩි ජනතාවක් පාරට බැසීම සුවිශේෂී කරුණක් .
USB – ඉතාලියේ ප්රමුඛ වෘත්තිය සමිති එකමුතුව විරෝධතාවය සංවිධානය කර තිබුණු අතර තරුණ ශිෂ්ය සංවිධානද මීට සහයෝගය දක්වා තිබුණා .
ඉතාලියේ තත්ත්වය හඳුනා ගැනීමට
මෙලෝනිගේ රාජ්යයේ කාර්යභාරය තවදුරටත් මහජන සේවාවන් සැපයීම හෝ සමාජ සුබසාධනය තහවුරු කිරීම නොවන බව පැහැදිලි වෙමින් පවතිනවා. මෑත වසරවලදී බැංකු සහ මහා පරිමාණ සමාගම්වල ලාභ ඉහළ ගොස් ඇති අතර රටේ සමස්ත ශුද්ධ ධනයෙන් 60%කට වඩා ප්රමාණයක් ධනවත්ම පවුල් 10% සතුව පවතිනවා . දුප්පත්ම පවුල් 50%ට ලැබී ඇත්තේ එම ධනයෙන් 7.2%ක් යි.
ඉතාලිය කාර්මික පරිහානියකට මුහුණ දෙමින් සිටිනවා . 2025 වසරේදී පමණක් ව්යාපාර 300,000කට ආසන්න සංඛ්යාවක් වසා දමා තියනවා . ඉතිරිව ඇති ව්යාපාර ද වඩාත් කුඩා හා අස්ථාවර තත්ත්වයකයි පවතින්නේ. ජනගහනයෙන් 10%කට ආසන්න පිරිසක්, එනම් මිලියන 5.4ක් පමණ ජනතාව දරිද්රතාවයේන් ජීවත් වන තත්ත්වයකට පත් වී සිටිනවා. රැකියා සුරක්ෂිතභාවයක් නොමැති සේවකයින් මිලියන 3.2ක් සිටින අතර, මිලියන 2.5ක් පමණ ජනතාව ඉතා අඩු වැටුප් ලබන රැකියාවල නිරත වෙනවා. වසර ගණනාවක් තිස්සේ වැටුප් එකම මට්ටමක හිරවී පවතින අතර, පසුගිය දශක තුන තුළ ඉපැයීම්වල මිලදී ගැනීමේ හැකියාව පහත වැටී ඇති එකම බටහිර රට වන්නේ ඉතාලියයි. 2019 සහ 2025 අතර කාලය තුළ, සාමාන්ය වැටුප්වල මිලදී ගැනීමේ හැකියාව අවම වශයෙන් 10%කින් පහත වැටී ඇත, ඉන් අදහස් වන්නේ භාණ්ඩ හා සේවාවල මිල ගණන්, වැටුප් වැඩිවීමට වඩා බෙහෙවින් වැඩි වී ඇති බවයි. නිවසක් කුලියට ගැනීම කළ නොහැකි තත්ත්වයට පත්ව ඇත. එහි සාමාන්ය මාසික කුලිය යුරෝ 990ක් වන අතර, රටේ සමස්ත නිවාස සංචිතයෙන් රාජ්ය නිවාසවල ප්රතිශතය 2%ක් වැනි ඉතා සුළු අගයකට පහත වැටී තියෙනවා. මිලියන ගණනක් වූ කම්කරුවන්ට නිවාස ණය ලබා ගැනීම ද කළ නොහැකි දෙයක් බවට පත්ව තිබේ. 1995න් පසු රැකියා වෙළඳපොළට පිවිසි අයට – එනම් වර්තමාන දායකත්ව පදනම් කරගත් විශ්රාම වැටුප් ක්රමය යටතේ සිටින අයට – විශ්රාම දිවිය යනු දරිද්රතාවයෙන් පිරුණු අනාගතයක් පමණි. දැනටමත් විශ්රාමිකයන් මිලියන 4.5ක් පමණ මසකට ලබන්නේ යුරෝ 1,000කට වඩා අඩු මුදලක්.










